නව කොරෝනා ප‍්‍රභේදයන්ට එරෙහිව එන්නත් නිපදවීමට රටවල් තුනක් එක්වෙයි

අලූතින් බිහි වෙමින් පවතින කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීමේ අරමුණින් නව කොරෝනා මර්දන එන්නත් නිපදවීම හා ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඊශ‍්‍රායලය, ඩෙන්මාර්කය හා ඔස්ටි‍්‍රයාව එක`ගත්වය පළකර තිබේ. මෙම රටවල් තුනෙහිම නායකයන් විසින් මෙසේ අලූත් කොරෝනා වෛරස් ප‍්‍රභේදයන්ට එරෙහිව ක‍්‍රියාකාරී වන නව එන්නත් පිළිබඳව පර්යේෂණ සිදුකිරීම හා එම එන්නත් නිපදවීම සඳහා පදනමක් පිහිටුවීමට සැළසුම් කර තිබෙන බව වාර්තා වේ. මෙම පදනම හරහා නිපදවන කොරෝනා මර්දන එන්නත් යුරෝපා සංගමයේ රටවලට හා ඊශ‍්‍රායලයට බෙදා හැරීමට තීරණය වී තිබේ. මෙම කොරෝනා එන්නත් ව්‍යාපෘතිය සඳහා යන වියදම හා එම ව්‍යාපෘතිය දියත් කෙරෙන කාල සීමාව පිළිබඳව මෙම දිනවල අදාළ රටවල් අතර සාකච්ඡුා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top