ආත‍්‍රයිටිස් වේදනාව නැති කරන ආලේපයක් ගෙදරදීම හදමු

ප‍්‍රශ්නය – ආත‍්‍රයිටිස් රෝගය සුවපත් කර ගැනීම සඳහා ගෙදරදීම හදාගෙන පානය කළ හැකි කසායක් ගැන පසුගිය සතියේ ඔබ අපට කිව්වා. එවැනි තවත් බෙහෙතක් ගැන අපට කියන්න පුළුවන්ද?

වෛද්‍ය වසන්ත උදයජීව – මේ රෝගය සුවපත් කර ගැනීම සඳහා පානය කළ යුතු කසාය, හන්දිවල ගැල්වියයුතු තෙල් සිඳ ගන්නා ආකාරය, පානය කළ යුතු ගුලි වර්ග යනාදිය ගැන වට්ටෝරු අපේ පරම්පරාවේ වෙද පොත්වල තිබෙනවා. එහෙත් සාමාන්‍ය ජනතාව ඒ සඳහා අවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීම ප‍්‍රශ්නයක් වී තිබෙනවා. සමහර බෙහෙත් කඩවල බෙහෙත් අඩුවක් තිබෙනවා. අඩුපාඩු සහිත කසාය පානය කළහම රෝගය සුව වෙන්නේ නැහැ. එවිට සිදුවන්නේ රෝගය සුව නොවූ බවට වෛද්‍යවරයාට බැනුම් අහන්නයි. ඒ අනුව අපි මේ සාකච්ඡුාවලදී කියන්නේ
රෝගීන්ට ඕනෑම බෙහෙත් කඩයකින් ලබාගැනීමට හැකි කසාය ගැන විතරයි. අපේ කසාය සඳහාද අපි බෙහෙත් වර්ග ඉන්දියාවෙන් ගෙන්වා ගන්නවා. දේශීය දුර්ලභ බෙහෙත් වෙනම අපට සපයන අය ඉන්නවා.

ආයුර්වේදය සහ පාරම්පරික සිංහල වෙදකම සම්බන්ධ බෙහෙත් වට්ටෝරු පරිහරණය කිරීමේදී වෛද්‍යවරයාගේ අනුමැතිය නැතිව කිසිදු විටෙක විකල්ප බෙහෙත් වර්ග මිශ‍්‍ර නොකළ යුතුයි. උදාහරණයක් වශයෙන් බිංකොහොඹ වර්ග දෙකක් ලංකාවේ තිබෙනවා. එකක ගුණ නියම ලෙස තිබෙන අතර අනෙකෙහි ගුණය අඩුයි. ඒ නිසා ගුණ අඩු බිංකොහොඹ මිශ‍්‍ර කළ කසාය වලින් නිසි ගුණය ඇඟට ලැබෙන්නේ නැහැ. තවත් උදාහරණයක් තමයි පෙල්පලා. පොල්පලා වර්ග දෙකක් තිබෙනවා. එකක් ලංකාවේ. අනෙක ඉන්දියාවෙ. ඉන්දියාවෙ පොල්පලා කොච්චර බිව්වත් ප‍්‍රශ්නයක් නැහැ. ඒත් ලංකාවේ පොල්පලා වැඩිපුර බිව්වොත් මුත‍්‍රා පෙරීමට වකුගඩුවල තිබෙන නෙෆ්රෝන නරක් වෙනවා. මා මේ කිව්වේ අමතර කාරණයක්.

ප‍්‍රශ්නය – ආත‍්‍රරයිටිස් වර්ග රැුසක් තිබෙනවා නේද?

වෛද්‍ය උදයජීව – සියයකට වඩා තිබෙනවා. නමුත් මූලික වශයෙන් ගත්තාම සියලූම ආත‍්‍රයිටිස් වර්ගවල ස්වභාවයේ සමාන බවත් තිබෙනවා.

ප‍්‍රශ්නය – ඔස්ටියෝ ආත‍්‍රයිටිස් කියන්නේ මොකක්ද?

වෛද්‍ය උදයජීව – ශරීරයේ සන්ධිවල හටගන්නා මේ රෝගයෙන් සන්ධිවල තිබෙන කාටිලේජ හානියට පත්වීමත් යාවී තිබෙන අස්ථි ආබාධ හටගැනීමක් සිදුවෙනවා.

ප‍්‍රශ්නය – ඔස්ටියෝ ආත‍්‍රයිටිස් රෝගය හැදීගෙන එන බව අප දැන ගන්නේ කොහොමද?

වෛද්‍ය උදයජීව – ප‍්‍රධානම රෝග ලක්‍ෂණය තමයි හන්දි වේදනාව. ඒ නිසා වැඩක් පලක් කර ගන්නට අමාරු තත්ත්වයක් ඇති වෙනවා. ඒ එක්කම අත්පාවල මාංශ පේෂි සහ ස්නායුබද්ධ හෙවත් බලනහර දැවිල්ලක්. වේදනාවක් වගේ තත්ත්වයකට පත්වෙනවා. වැඩක් පලක් නොකර විවේකයෙන් හිටියාම මේ තත්ත්වය මගහැරෙනවා. ඒත් ආපසු වැඩපල පටන් ගත්තාම පරණ වේදනාව මතුවෙනවා. අතේ පයේ හිරිය, අතපය දිග හැර ගන්නට බැරිව හයිවෙලා වගේ තිබීම තවත් රෝග ලක්‍ෂණයක්. මේ හිරිය සහ වේදනාව හුඟක් වෙලාවට දැනෙන්නේ උදේ පාන්දර ඇඳෙන් නැගිට්ට ගමන්මයි. හැබැයි විනාඩි 30 ක විතර කාලයක් තුළදී වේදනාව නැතිව යනවා. ඒත් තවත් සෑහෙන වෙලාවක් යන තුරු වැඩක් පලක් කර ගන්න අමාරුයි. ඔස්ටියෝ ආත‍්‍රයිටිස් රෝගියා අතපය නවනවිට ඇට කැඩෙනවා වගේ ශබ්දයක් එනවා. එසේ ශබ්දය නිකුත් වන සන්ධි ස්පර්ශ කළාම අතට දැනෙනවා සන්ධි ආශ‍්‍රිත මාංශ පේෂීන්වල ගැස්මක් තිබෙන බව. මෙයට භ‍්‍රාසය කියලත් කියනවා. ටික කලක් යනකොට මේ සන්ධි තුළ ද්‍රාවනයක් – වතුර වැනි ද්‍රව්‍යයක් එකතු වීමට පටන් ගන්නවා. එතකොට සමහරු කියනවා දණහිසේ වතුර පිරෙනවා කියලා.

ඔස්ටියෝ ආත‍්‍රයිටිස් වැඩි වශයෙන් හැදෙන්නේ සිරුරේ කොඳු ඇට පෙළ, අත් පාද, ඉන, දණහිස වැනි තැන්වලටයි. අත් හැර මේ සෙසු සියලූම තැන් ශරීරයේ බර වැටෙන තැන්, එහෙත් සාමාන්‍යයක් වශයෙන් ගත්තම ශරීරයේ ඕනෑම සන්ධියකට මේ රෝග වැළඳෙන්න පුළුවන්. රෝගය වර්ධනය වෙන්නට පටන් ගත්තාම එයට භාජනවුණු සන්ධි ක‍්‍රමයෙන් ඉදිමෙන්නට පටන් ගන්නවා. අතේ ඇඟිලිවල සියලූ සන්ධිත් ඉදිමෙනවා. එවිට ඇඟිලි දිග හරින්නට බැරි වෙනවා. පාදයේ ඇඟිලි ඉදිමිලා රතු පාටට හැරෙනවා.

ප‍්‍රශ්නය – ලබන සතියේදී ඔස්ටියෝ ආත‍්‍රයිටිස් ගැන තවදුරටත් කතා කරමු. ඒ අතර අපට කියන්න මේ රෝගය සමනය කර ගැනීමට සුදුසු කසායක්.

වෛද්‍ය උදයජීව – අද මා ඔබට කියන්නම් ඔස්ටි‍්‍රයෝ ආත‍්‍රයිටිස් රෝගය නිසා ඉදිමී වේදනා දෙන සන්ධිවලට සහනයක් දෙන ආලේපයක්. තල, බෙහෙත් එඬරු ඇට සම සමව ගෙන එළකිරෙන් අඹරලා ඉදිමුන සන්ධිවල ගාන්න. මෙය හැමදාම කරන්න. මෙයින් යම් ගුණයක් ලැබෙනවා.

ප‍්‍රශ්නය – ආත‍්‍රයිටිස් රෝගය සඳහා යොදා ගත හැකි දේශීය ශාකසාරමය ප‍්‍රතිකාර කිහිපයක් ගැන අප පසුගිය සති කිහිපය තුළ සාකච්ඡා කළා. තවත් එවැනි ප‍්‍රතිකාර ගැන විස්තර කළොත් එය පාඨකයාට නිශ්චිතවම ප‍්‍රයෝජනවත් වේවි.

වෛද්‍ය වසන්ත උදයජීව ඉන්දියානු ආයුර්වේදය අද ශී‍්‍ර ලංකාව තුළ ස්වදේශ ප‍්‍රතිකාර ක‍්‍රමයක් ලෙස වර්ධනය වෙමින් පවතිනවා. එයට හේතුව ශී‍්‍ර ලංකාවට ආවේණික පැරණි වෛද්‍ය ක‍්‍රමය හෙවත් සිංහල වෙදකම සමඟ එය සම්මිශ‍්‍රණය වීමයි. ඉන්දියානු ආයුර්වේදය තුළත් අද වනවිට ගුරුකුල කිහිපයක් තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් කල ඒ ගුරුකුල අතර සුළු සුළු වෙනස්කම් තිබුණත් ප‍්‍රතිකාර ක‍්‍රමවල වැඩි වෙනසක් නැහැ. ඉන්දියානු ආයුර්වේදයට අනුව ආත‍්‍රයිටිස් අවස්ථාවකදී රෝගියා කටයුතු කළ යුත්තේ පහත සඳහන් ආකාරයටයි.

1. උදෑසනින් අවදි වෙන්න. ඊට පසු ඇල් මැරුණ උණු වතුර වීදුරුවකට දෙහි බෑයක යුෂ එකතු කර හිස්බඩම පානය කරන්න.

2. උළුහාල් කියන්නේ ආමය නැති කිරීම සඳහා යොදා ගත හැකි ප‍්‍රබල නිෂේධකයක්. එසේම වාත දෝෂ නිවැරදි කිරීම සඳහා යොදන ඖෂධයක්. ඔබේ ආහාරයට නිතරම උළුහාල් එකතු කර ගත යුතුයි. උළුහාල් මේස හැන්දක් ගෙන තලතෙල්වලින් අඹරා ආත‍්‍රයිටිස් රෝගය පවතින සන්ධිවල උදේ හවස ආලේප කිරීමෙන් විශාල සහනයක් ලබාගත හැකියි.

3. උණු කරන ලද පොල්තෙල් සහ තලතෙල් මද රස්නය පිට සන්ධිවල ආලේප කිරීමෙනුත් සහනයක් ලබා ගත හැකියි. බුලත් කොළයක් ගෙන කැබලි කර පිත්තල හැන්දකට දමා එයට පොල්තෙල් පුරවා බුලත් කොළ පැහැය පොල්තෙල්වලට එනතුරු පොල් තෙල් පහනකට අල්ලා රත්කර මද රස්නය පිටින් සන්ධිවල ආලේප කළ යුතුයි. මෙය දිනකට දෙවරක් උදේ සවස කිරීමෙන් සන්ධිවලට සහනයක් ලබා ගන්නට හැකියි.

4. ඔබ තුළ ආතතිය වැඩි නම් ආත‍්‍රයිටිස් තත්ත්වය ඉහළ යනවා. මෙය වළක්වා ගත හැක්කේ කිසියම් භාවනා ක‍්‍රමයකට පුරුදු වීමෙනුයි. ඔබේ මනස ලිහිල් වුණ තරමට සිරුරත් ලිහිල් වෙනවා. එවිට සන්ධිවල දැඩි ගතිය නැතිව යනවා.

5. වේලාසනින් නිදා ගැනීම සහ වේලාසනින් අවදි වීම ශරීරයට ඉතා හොඳයි. නින්ද ක‍්‍රමවත් කර ගැනීමෙන් ශරීරයේ දෝෂ තත්ත්ව නැති කර ගන්නට පුළුවන්.

6. අඹරන ලද ඉඟුරු ග‍්‍රෑම් 2 ක් මිශ‍්‍ර කරන ලද එඬරු තෙල් මේස හැන්දක් දිනපතා රාති‍්‍ර ආහාරයට ප‍්‍රථම පානය කරන්න. උළුහාල් කුඩු මේස හැඳි භාගයක් උණු වතුර වීදුරුවකට මිශ‍්‍ර කර උදය ආහාරයට පෙර පානය කරන්න. නිතරම ආහාරවලට කහ කුඩු මිශ‍්‍ර කරන්න.

ප‍්‍රශ්නය – ආත‍්‍රයිටිස් පවත්නා අවස්ථාවේදී ශරීරයට නුසුදුසු ආහාර ලෙස ආයුර්වේදයේ නිර්වචනයක් තිබෙනවාද?

වෛද්‍ය වසන්ත උදයජීව – ආයුර්වේදයේ සඳහන් වන පරිදි මුදවපු කිරි, ඔමේගා 3 සංඝටක නැති මත්ස්‍ය වර්ග, නිවිති, ශීත කළ වතුර, ශීතකළ බීම වර්ග, ශීතකළ ආහාර (අයිස් කී‍්‍රම්) විරුද්ධාහාර (මසුන් අනුභව කර කිරි බිම) චින්තාමනී කඩල නමැති තද දුඹුරු පැහැති කඩල වර්ගය ආත‍්‍රයිටිස් රෝගයට සුදුසු නැහැ. එසේම නිදි මැරීම, අධික තෙල් සහිත මස් වර්ග (එළු මස්, බැටළු මස්, ඌරු මස්, හරක් මස්) තෙල් වර්ග යොදා ශරීරය සම්බාහනය කිරීම යනාදියත් සුදුසු නැහැ.

වෛද්‍ය වසන්ත උදයජීව
සාකච්ඡා කළේ අශේන් රඹකොස්වැව

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top