……සාර්ථකත්වය…….

කට්ටක් කන්නම ඕනේලු දවසක තැනකට එන්න.” එකඟයි මමත් මේ කතාවට.කට්ටක් නොකා තැනකට ආපූ අය මේ සමාජයේ නැද්ද?, කට්ට කාලා කාලා එපා වෙලා ජිවිතයේ බලාපොරොත්තු අත ඇරලා දාපු මිනිස්සු මේ ලෝකේ නැද්ද?, අනිත් අයගේ මහන්සියෙන් ගොඩ ගියපු මිනිස්සූ මේ ලෝකේ නැද්ද?. දැන් කල්පනා කරන්න බලන්න අර මුලින් කිව්වා වැකිය දිහා. එතකොට ඒක බොරුවක්ද?🙄

ජිවිතය දිනන්න වාසනාවත් සමඟ ගෙනාපු පෙර බවයේ කර්ම ශක්තියක බලයක් තිබෙන්ව ඕනේ කියා කෙනෙක් පැවසුවොත් ඔබ එය පිළිගන්නවාද? . නැත්නම් මේ මනුස්සයාට පිස්සු කියලා අත ඇරලා දානවද?. ජිවිතය දිනපු ගොඩාක් මිනිස්සු ලඟ විශේෂයෙන්ම අන්තිම අඩියේ ඉදලා ටිකෙන් ටික ජිවිතය ගොඩ නගපු මිනිස්සු ලඟ පුදුම ආත්ම ශක්තියක් ඇත.කිසිම බලවේගයකට වට්ටන්නට බැරි තරම් ආත්ම ශක්තියක්.👊
මේ ජිවිතය මල් වට්ටියක් කියලා නම් ඔබ කිසිදාක සිතන්න එපා. ඔබට ඕන හැමදේම නිසි වෙලාවට ලගට ලබා දෙන. මේ ජිවිතය මම නම් දකින්නේ විෂ ඝෝර සර්පයින්ගෙන් සැදුම්ලත් වනාන්තරයකට. මේ වනාන්තරයේ අපට එදිනෙදා හමුවෙන විවිධ මිනිස්සු, අභියෝග මේ කෑලේ ඉන්න නපුරු භයංකාර සතුන් වගේයි. ඔබ බෙලහීනයෙක් නම් ඔවුන්ගේ ගොඳුරක් බවට නිසැකයෙන්ම පත් වේවී. නමුත් ඔබ ශක්තිවන්තයෙක් නම් ඔවුන් සමඟ සටන් කරාවී.

අර මම පෙර සදහන් කල පෙර බවයේ වාසනා මහිමය අත දරන් මේ ලෝකෙට ආපු මිනිස්සු. ඔවුන් නුඹ වැනි ශක්තිවන්තයින්ගේ කර මතින් අර කටුක වන ගැබ තරණය කරාවී. නමුත් හොදින් සිතන්න ඔවුන් වනය නම් තරණය කරාවී නමුත් ඉන් ඉදිරියට ජිවත් වන්නේ කෙසේද යැයි නොදැන ඉදීවී. එහෙම අයත් වැඩි කාලයක් සාර්ථකත්වයේ පහස නොලබාවී.👎
ඔබ ජිවිතයේ අඩියෙම ඉදලා මේ සටනට මුහුණ දෙන විට ඔබට හැම තැනින්ම බාධා පැමිණේවී. ඔබව විවේචනය කරාවී. ඔබට අපහාස කරාවී. ඔබව මානසිකව ඇද වට්ටාවී. නමුත් ඔබ එක දෙයක් තරයේ සිතට ගන්න. ඔවුන් එසේ කරන්නේ ඔබට ඇති බය නිසා බව. ඔවුන් බයයි නුඹ මේ ගමන පටන් ගත හොත් ඔවුන්ට වඩා ඉහල තැනක ඔබ රැදේවී කියා, ඔවුන් බයයි නුඹේ සාර්ථකත්වය ඔවුන්ව පහලට ඇද දමාවී කියා. මේ නිසා ඔවුන් නුඹේ ගමන නවත්වාවී. මේ බාධක මැද ඔබ නැවතුන හොත් ඔවුන් දිනාවී නමුත් ඔබ පරදීවී. මේයයි ජිවිතය. දැන් ලෝකය දුවන ගමන් මඟ.

💪
අයෙක් ඔබෙන් උදවු ලබා ගනී නම් ඔබ සිතන්න ඔහුට නුඹව අවශය බව. කෙනෙක් නුඹෙන් උදවු අරන් නුඹව මඟ අරින්නේ නම් නුඹ සිතන්න ඒ නුඹේ පෙර බවයක පිය වීමට තිබු ණයක් බව. එසේ සිතා එය අමතක කරන්න. නමුත් ඔබේ ගමන ඒ සිත් රිදිමෙන් නවතින එකක් නොවන බව මතක තබා ගන්න. ඔබ පුලුවන් තරම් මහන්සි වී තම රැකියාව කරන අයෙක් වන්නට පුලුවන්. නමුත් එහි ඵලය නෙලන්නේ තවත් අයෙක් වන්න පුලුවන්. නුඹ දුක් නොවන්න. නුඹ සිතන්න ඔහු ඔබෙන් යැපෙන පරපෝෂිතයෙක් ලෙස. නුඹ නැති දිනක ඔහුට ගමනක් නැත. මේය දුකට කරුණක් නොව සතුටට කරුණක් කර ගන්න. ඔබෙන් යැපෙන තවකෙක් ඇති බව සිතන්න. මෙයින් පන්නරය ගන්න. “අර මනුස්සයා දිනන්නේ මගේ වැඩ නිසා. එහෙනම් මම අසාර්ථකයෙක් නොවේ. “නැහැ පැහැදිලිවම නුඹ සාර්ථකයෙක්. 👌
පරණ කියමනක් තියෙනවා” තැලෙන්න තැලෙන්න යකඩ ශක්තිමත් වෙනවාලු” අන්න ඒ වගේ වැටෙන්න වැටෙන්න නුඹ නැගිටින්න. තැලෙන්න තැලෙන්න ශක්තිමත් වෙන්න. නුඹ තුළ ඉන්න ඒ නිර්භීත චරිතය එළියට ගන්න. එවිට ඔබේ සාර්ථකත්වය ඔබට ඉබේම හමුවේවි. සුබ පැතුම් ඒ සාර්ථක ජිවිතයට💐

සුමේධා සඳරුවනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top