අපිත් ලියමුද ගේය පදයක්..?_ සිසිර ගමගේ

කවියෝ ඕනෑවට වඩා ගෙයපද ලියන්න ගියාම ඒ නිර්මාන කරු තුළ ඉන්නා කවියා මැරෙනවා කියල සම්මතයක් තියෙනවා.
අද ප්‍රවීන ගී පද රචකයෝ වෙලා ඉන්න සහ කලින් හිටිය ප්‍රවීනයෝ සම්බන්ධයෙන් සලකා බලනකොට ඒකේ සත්‍යතාවක් තියෙනවා කියල මට හිතෙනවා.
කවියක් නිර්මානය කළ පසු ඒක සදා කල් කවියක් වශයෙන් පවතිනවා. ආයිත් ඒකට වෙන එකතු කරන්න කිසිම කෙන්ගෙඩියක් නැහැ .
නමුත් ගේය පදය එහෙම නෙමෙයි. ඒකට පැවත්මේ ස්තරයන් ඒහෙම නැත්නම් ආස්තානයන් දෙකක් තියෙනවා. එකක් තමයි සදාකල් ගේය පදයක් වශයෙන් පැවතීම.
අනිත් එක තමයි ඒ ගේය පදයෙන් නිර්මිත වූ ගීතයක් තුළ පැවතීම.
ගේය ප්දයක් ලිව්වට පස්සෙ ඒක සදාකල් ගේය පදයක් වශයෙන්ම පවතිනවනම් මට නම් අහන්න තියෙන්නෙ මොන මගුලකට ගේය පදයක් ලිව්වද කියලයි.
ගේය පදයක් ලියන්නෙ කොට්ටෙට තියා ගන්න නෙමෙයි ගීයක් කරන්නයි. එහෙම කරන්න නම් තනු නිර්මාපකයෙක්/ස්ංගීතවේදියෙක් සහ ගායකයෙක් ඕන කරනවා.
තමන් ලස්සන, ප්‍රශස්ත ගෙය පදයක් ලිව්වයි කියමුකො. එහෙම ලියල අනේ එන්නකො මෙකෙන් අපි ස න්දුවක් කරමුකො කියල කිව්වට එයිද ඔය කියන කවුරුවත්.
ඒවි රුපියල් ලක්ශයක්වත් අතෙ තියෙනවනම්. ඒත් කරන්න පුලුවන් එකයිනෙ
එහෙමනම් තමන්ගේ කවිතාව උපයෝගි කරගෙන කවි ලියල රසිකයන්ව සතුටු කරන ගමන් තමනුත් සතුටු වෙමින් ඉන්නවා හැරෙන්න සන්ගීතයත් නැති ගායනයත් නැති ” ගේය පද ” කියන මගුල නොලියා ඉන්නවානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ.
මම මේ කියන්නෙ කවි ලිවීම අත හැරල ගේය පද රචනයට ව්හ වැටිලා ඉන්න ප්‍රවීන නොවන , Professional Lyrics Writers ලත් නොවන, ගීතයක් කරන්න සල්ලිත් නැති , ගේය පද ලියල ගොඩ ගහගෙන තැවි තැවී ඉන්න අර ප්‍රවීනයන් තරමට කුශලතාවෙන් , කවිතාවෙන් හෙබි ආධුනික ගී පද රචකයින් ට යි කියන එක කරුණාවෙන් සලකන්න.
අනිත් එක ඒ අය හොඳට මතක තිය ගන්න අද ගේයපද නමැති ප්රශස්ත, උතුම් නිශ්පාදන භාණ්ඩයේ වෙලඳපොළ අතිරික්තය නම් තව වසර විසි තිස් ගනන්කින් මෙහාවත් සමනය නොවන තරම් දැවැන්ත අතිරික්තයක් බව.
සෑම ආධුනික කවියෙකුටම/කිවිඳියකටම එකම එක ගේය පදයක්වත් ගීතයක් බවට පත් කරන්න තියෙන ආශාවට, කැමැත්තකට එරෙහිව
ලියපු සටහනක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.
කවුරු හරි ඇවිත් අනේ මට ගේයපදයක් ලියල දෙන්න කිව්වොත් ලියල දෙනවා හැර ගේයපද විසි තිස් ගනන ලියා අනේ අපේ ඒවා ගායනා කරන්න කවුරුත් නැහැනේ කිය කියා නාහෙන් ඇඬිය යුතු නැහැයි කියලයි මම කියන්නෙ.
දැනට ගේයපද නිර්මානකරනයේ යෙදෙන මුල් පරපුරේ ප්‍රවීනම ප්‍රවීනම ගේයපද රචකයන්ගේත් , දෙවන පරපුරේ ප්‍රවීන ගේය පද රචකයින්ගේත් රික්තයක් ඇති වුවහොත්, ඒ රික්තය පිරවීමට අපේ ආධුනික ගෙය පද රචක රචිකාවන් සැදි පැහදී සිටියොත් හොඳටම ඇතිය. එතෙක් කවි ලියන්න.
සුවහස් දහසක් රසිකයන් ඒවා රස විඳිනු ඇත.
ප්‍රවීන කිවිඳියක් හා රාජ්‍යය ස්ංගීත සම්මාන උළෙලවල් දෙකකදීම අවසන් වටයට නිර්දේශ වුනු ප්‍රශස්තම ගායිකාවන් දෙදෙනා විසින් ගායනා කළ ගීත දෙකේ ගෙය පදයන්ට හිමිකම් ලැබීමේ වාසනාව හිමි වූ ගේය පද රචිකා
Shriyani Mihindukulasooriya විසින් අද දින කරනු ලැබූ පහත සඳහන් ප්‍රකාශය මෙම සටහන ලිවීමට පාදක වූ බව කරුණාවෙන් සලකන්න.)

” [කවිය අමතක වන්නට පෙර ගීත ලිවීම අත හැර දමමි…මාගේ ගේය පද රස විඳි සැමට ස්තුතියි “]

……..සිසිර ගමගේ ………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top