පුදුමයි ඒක් ඇත්තයි මුරුංගා දිව ඔසුවක්

බොහෝදෙනා නොදැන සිටියද මුරුංගා යනු ඉතා ගුණදායක එළවළුවකි. මෙය විද්යාත්මකව හැඳින්වෙන්නේ මොරින්ගා ඔලිසේරා (Moringa Olisera) යන නමිනි. මෙම ශාඛය සම්බන්ධව සොයා බැලූ විද්යාඥයන් පෙන්වාදෙනු ලබන්නේ මුරුංගා ශාඛය තුළ එළවළු, පළතුරු, පලා යන සියල්ලෙහිම අන්තර්ගත වූ සියලුම විටමින් වර්ග අන්තර්ගතව ඇති බවය. එමෙන්ම මෙම ශාඛයේ අඩංගු විවිධ කොටස් ආහාරයට හෝ ඖෂධයක් ලෙස ගැනීමෙන් ශරීරයේ හටගන්නා රෝග තුන්සීයයක් පමණ වළක්වා ගත හැකිබව සොයාගෙන ඇත. ඒ අනුව වසර ගණනාවක් මුළුල්ලේම නොදැනීම මිනිසාගේ ශරීරයට අවශ්ය කරන ප්රෝටීන්, විටමින් හා අනෙකුත් පෝෂ්ය පදාර්ථයක් ලබාදෙන ශාඛයක් ලෙස මුරුංගා හැඳින්විය හැකිය.
ශ්රී ලංකාවේ බහුලව දක්නට ලැබෙන මුරුංගා මැලේසියාව, ඉන්දියාව මෙන්ම අනෙකුත් දකුණු ආසියාතික රටවල්වලද වගා කරන ශාඛයකි. ඉංග්රීසි භාෂාවෙන් drumstick miracle tree (විස්මිත ශාඛය) ලෙස හැඳින්වෙන මෙය විශ්වයේ ඇති හොඳම ආහාරයක්ද වේ.
පෝෂණ විද්යාත්මකව සලකා බැලූ කළ මෙහි පෝෂණ පදාර්ථ 92ක් ද, ප්රතිඔක්සිකාරක 46ක්ද ප්රතිප්රදාහ නාශක 6ක් ද, ඇමයිනෝ අම්ල, 18 ක්ද අත්යවශ්ය ඇමයිනෝ අම්ල 9ක් ද අන්තර්ගත වේ. මීට අමතරව සින්ක්, කොෆර් වැනි මූලධර්මද අන්තර්ගත වේ එයින්ද කැල්සියම් සහ පොටෑසියම් මුරුංගා කොළවල ඉතා ඉහළ ප්රමාණයක් අන්තර්ගතවේ. මීට අමතරව විටමින් සී වැඩිම ප්රමණයක් ඇති ශාඛයක් ලෙසද මුරුංගා හැඳින්විය හැකිය
විටමින් ඒ, බී1, බී2, බී3, විටමින් ඊ සැලකිය යුතු ප්රමාණයක් අඩංගු වන අතර මුරුංගාවල (ක්ලෝරෆිල්)(ශ්රීන්බ්ලඩ්) ඉතා ඉහළ ප්රමාණයක් අන්තර්ගතට ඇති බැවින් රක්තහීනතාවය පාලනය කොට රුධිරය පෝෂණය කිරීමට හැකි ඉහළම පෝෂණ ගුණයක් ලබාදේ. මෙහි යෝගට් මෙන් දෙගුණයක ප්රෝටීන් ප්රමාණයක් අන්තර්ගතව පවතී. මීට අමතරව කෙසෙල්වල ඇති පොටෑසියම් මෙන් දෙගුණයක් මෙහි අඩංගු වේ.
පෝෂණ විද්යාඥයන්ගේ මතය වන්නේ සියලුම පෝෂ්ය පදාර්ථ සහ ප්රතිඔක්සිකාරක එකම ආහාරයක අන්තර්ගතවීමට අනුව ලෝකයේ බොහෝ රටවල් මන්ද පෝෂණය පාලනය කිරීම සඳහා මුරුංගාවලින් විශාල මෙහෙවරයක් කළ හැකි බවත්ය.
මුරුංගා ගසෙන් සුවිශේෂ ප්රයෝජන ලබාගත හැකිය. විශේෂයෙන් සිරැරට රෝග වැළඳීමේ ප්රතිශතය අඩුකරයි. මොළයට සහ ඇස්වලට අවශ්ය පෝෂණය ලබාදෙයි. ශරීරයේ පරිවෘත්තීය ක්රියාව හොඳින් සිදුකෙරේ.
සමෙහි රැලි වැටීම් හා සියුම් රේඛා පාලනය කොට වයස්ගත පෙනුම වළකාලයි. සම පැහැපත් කරයි. මෘදු කරයි. මුහුණේ කුරුලෑ පාලනය කරයි. අක්මාවේ සහ වකුගඩුවල සාමාන්ය ක්රියාකාරීත්වය දියුණු කරයි. ශරීරයේ ප්රතිශක්තිය වර්ධනය කරයි.
රැධිරය පිරිසිදු කිරීමට ඉතා ගුණදායක ආහාරයක් ලෙසද මුරුංගා හැඳින්විය හැකිය. ස්වාභාවිකව රුධිර කොලෙස්ටරෝල් ප්රමාණය පාලනය කරයි. සමට මෙන්ම හියකෙස්වලටද ඉතා ගුණදායක වේ.
ප්රතිඔක්සිකාරකයක් ලෙස ක්රියාකරයි. රුධිර කැටිගැසීම වළකාලයි. පිළිකා නාශක ශක්තිය ඉතා ප්රබලය. අධි රුධිර පීඩනයට ගුණදායක වේ. නිරෝගී රුධිර සංසරණ ක්රියාවලියක් ඇති කරයි. රුධිර සෛල වර්ධනයට බොහෝ හිතකරය. ඒ අනුව රුධිරයේ සාමාන්ය සීනි මට්ටම පවත්වාගෙන යාමට උපකාරී වේ. දීලිර නාශක ගුණය පවතී. මේ නිසා තුවාල සුව කිරීමේ ගුණය ඉහළය. නොයෙකුත් හේතූන් නිසා ශරීරයේ එක්රුස්වූ විෂ පදාර්ථ ඉවත් කිරීමට භාවිතා කරන ප්රබල ඖෂධයක් ලෙසින් මුරුංගා හැඳින්විය හැකිය.
ඇදුම රෝගය මෙන්ම රක්තහීනතාවය සඳහාද මෙම ශාඛයේ විවිධ කොටස් ඖෂධ ලෙස යොදාගැනේ. ආහාර මාර්ගයේ ඇතිවන ගල්, ආහාර මාර්ගයේ ඇතිවන තුවාලවලට ඉතා ගුණදායක වේ. නින්ද නොයාම, හිසරදය ආතතිය වැනි රෝග තත්ත්වයන්වලදීද, මළබද්ධය වළක්වාලීම සඳහාද සර්ප දෂ්ට කළ විටදී ඖෂධයක් ලෙස මුරුංගා ගසේ විවිධ කොටස් ඖෂධයක් ලෙස යොදා ගැනේ.
විශේෂයෙන් මුරුංගා දරුවන්ටද ඉතා ගුණදායක ආහාරයක් මෙන්ම ඖෂධයකි. දරුවන්ගේ බුද්ධි වර්ධනය, මතක ශක්තිය, ශරීර ශක්තිය සඳහාද ඉතා ප්රයෝජනවත් වේ. මෙමගින් මානසික ඒකාග්රතාවය දියුණ කරයි. කුඩා දරුවන්ට ආහාර රුචිය ඇතිකිරීම මුරුංගා ලබාදීමෙන් සිදුවේ. ආහාර ජීර්ණයද පහසු කරයි.
මුරුංගා ඇටවලින් ලබාගන්නා තෙල් ආහාර සඳහා ඉතා ගුණදායක වේ. ලෝකයේ බොහෝ රටවල් බහුලව මෙම තෙල් ආහාර පිසීම සඳහා යොදාගැනේ. මෙය ඔලිව් තෙල්වලට වඩා ගුණදයක තෙලකි. මුරුංගා ඇට තරබාරැවද පාලනය කරයි. මෙම තෙලෙහි විටමින්, ඛණිජ ලවණ බොහෝමයක් අඩංගු නිසා රූපලාව්ය කටයුතු සඳහා යොදාගනු ලබන නිෂ්පාදන සඳහාද මෙය යොද ගැනේ. ආදි කාලයේ ලංකාවේ පානීය ජලය පිරිසිදු කිරීම සඳහා යොදාගත් 6 ප්රබල ඖෂධයන් ලෙස මුරුංගා ඇට හැඳින්විය හැකිය. එබැවින් වර්තමානයේදීත් පානීය ජලය පිරිසිදු කිරීමටත්, මුහුදු ජලයෙන් ලුණු ඉවත් කිරීම සඳහාත් මුරුංගා ඇට යොදා ගැනීමට විද්යාඥයන්ගේ අවධානය යොමුවී ඇත.
ඉස්සන් පිසින විට, මඤ්ඤොක්කා තම්බන විට, වැලි කොස් ඇට තම්බන විට මුරුංගා කොළ යෙදීමෙන් එහි ඇති විෂ අඩුකරගත හැකිය. අච්චාරුවලට මෙන්ම තැම්බුම් හොද්දට මුරුංගා පොතු යෙදීමෙන් ආහාර ජීර්ණ ශක්තිය මෙන්ම රසකාරක ගුණයන්ද ලැබේ. පරිප්පු වෑංජනයට මුරුංගා කොළ කරපිංචා කොළ මෙන් එක්කරගත හැකිය.
මුරුංගා කොළ, මුල්, පොතු, ඇට, මල්, මේ සියල්ලම ඖෂධයක් ලෙස විවිධ රෝග සඳහා යොදා ගැනේ. මුරුංගා කොළ වේලා තේ එකක් ලෙසද සාදාගත හැකිය.
උපදෙස් – කුරුණෑගල ආයුර්වේද මහ රෝහල් වෛද්ය එස්.එම්. හිමාලි සොලොහොකාර
සටහන – දිශානි ජයමාලි කරුණාරත්න
– Deshaya-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top