– මධ්‍යම චීනයේ අද (13) සිදු වූ විශාල ගෑස් පිපිරීමකින් 11 දෙනෙකු පමණ මරණයට පත්වේ. 37 දෙනෙකු බරපතල තුවාල ලබා ඇත. හුබෙයි පළාතේ ෂියාන් නගරයේ ෂැංවාන් දිස්ත්‍රික්කයේ දී එරට වේලාවෙන් පෙ.ව 6.30 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි. සුන්බුන් අතරින් 100 කට වැඩි පිරිසක් බලධාරීන් විසින් බේරාගෙන තිබේ. ප්‍රදේශයේ නාගරික කාර්යාලය මීට පෙර කියා සිටියේ සිද්ධියෙන් පසු “බොහෝ” පුද්ගලයින් සිරවී ඇති බවයි. අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතී.
Related Posts
ඇමරිකානු ජනපතිවරණයේ ජය ජෝ බයිඩන්ට
275 Views
ට්‍රම්ප්-බයිඩ්න් කරට කර සටනක
284 Views
කොරෝනාට එරෙහි සටන පෙරටම
318 Views