ට්‍රම්ප්-බයිඩ්න් කරට කර සටනක

ජයග්‍රහණය සැමරීමට සූදානම්
– ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

ජය ගන්නා මාවතේ ඉදිරියටම
– ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව කොට්ඨාස 224ක ජය ජෝ බයිඩ්න්ට හිමිව තිබෙන අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව තිබෙන්නේ කොටිඨාස 213කි.

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත්වීම සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන කොට්ඨාශ 270ක බලය හිමිකර ගතයුතු වන අතර එරට මැතිවරණ ක්‍රමය තුළ තිබෙන සමස්ත ඡන්ද විද්‍යාල (ඡන්ද සමූහ) ගණන 538 කි.

අමෙරිකානු ජනාධිපතිවරණවල ප්‍රධාන සටන්බිම් ලෙස සැලෙකන උතුරු කැරොලිනා, ෆ්ලෝරීඩා, ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල අවසන් නිල ප්‍රතිඵල ඊයේ (4) පස්වරුව වනවිට නිකුත් වී නොතිබූ නමුත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් දෙදෙනා අතර තියුණු තරඟයක් පවතින බවට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එසේම මෙම ජන්ද ගණන් කිරීමේ දී වංචා සිදුවන බවට ජනාධිපති ට්‍රම්ප් චෝදනා කර තිබෙන අතර තමා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවට ධවල මන්දිරයේ දී සිය පාක්ෂිකයන් අමතමින් පවසා තිබේ. කෙසේ වුවද තමා ජයග්‍රහණය සැමරීමට සූදානම් බවද හෙතෙම පවසා තිබෙන අතර තමාට සහාය දුන් අමෙරිකානු ජනතාවට සිය කෘතවේදය හිමිවන බවද පවසා ඇත.

මේ අතර අමෙරිකානු ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සිය පාක්ෂිකයන් අමතමින් සඳහන් කර ඇත්තේ මේ මැතිවරණය ජයගන්නා මාවතේ ඉන්නා බවට විශ්වාස කරන බව ප්‍රකාශ කර තිබේ. අමෙරිකාවේ 2020 සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන 257,605,088කි. මෙවර මැතිවරණ දිනයට පූර්ව වශයෙන් පැවැති තැපැල් ඡන්ද සහ පෞද්ගලික ඡන්ද ප්‍රකාශ කිරීම්වල දී 100,286,748ක ඡන්ද ප්‍රමාණයක් ප්‍රකාශ කර තිබිණි.

මහින්ද අලුත්ගෙදර

දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top