කොරෝනා වෛරස එන්නත මිල දී ගැනීමට සහය වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ධනවත් රටවලින් ඉල්ලීමක් කරයි.

කොරෝනා වෛරස එන්නත මිල දී ගැනීමට සහය වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ධනවත් රටවලින් ඉල්ලීමක් කරයි.

එන්නත මඟින් කොරෝනා වෛරසයට පරාජය කිරීමට උත්සහ කළ හැකි වන්නේ ජාත්‍යන්තර සහයෝගිතාවයෙන් මිස ජාතිවාදයෙන් නොවන බව ඔහු පෙන්වා දෙයි.

සියළුම රටවල් සඳහා COVID-19 එන්නත් ලබා ගැනීම සහතික කිරීම සඳහා නිර්මාණය කළ, එක්සත් ජනපදයේ පිටුබලය ලබන කොවැන්ස් (COVAX) වැඩසටහන සඳහා ලබන මස අවසානය දක්වා ඩොලර් බිලියන 5 ක් අවශ්‍ය බවත් දැනට ඩොලර් බිලියන 20 කට අධික හිඟයකට මුහුණ දී සිටින බවත් ඔහු පවසයි.

කොවැන්ස් (COVAX)  වැඩසටහනට අතිරික්ත මාත්‍රා පරිත්‍යාග කරන ලෙස රජයන්ගෙන් ඉල්ලීමක් කරමින් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පැවසුවේ, තම ජනගහනයේ ප්‍රමාණය මෙන් කිහිප ගුණයකට වඩා වැඩි එන්නත් ප්‍රමාණයක් මිල දී ගත් මෙන්ම ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ රටවල් තමා දුටු බවයි.

පුළුල් ප්‍රතිශක්තිකරණය සහතික කිරීම ලෝකයේ යහපතට හේතුවන බව පෙන්වාදුන් ඔහු සියලුදෙනා එක්ව රෝගය තුරන් නොකළහොත් වෛරසයක් වෙනස්වීමට භාජනය විය හැකි බව ද  වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top