ඇමරිකානු ජනපතිවරණයේ ජය ජෝ බයිඩන්ට

ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284 ක ජය හිමි කරගනිමින් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ජය ලැබීමට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් අද (7) සමත් විය.

කෙසේ නමුත් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය බාරගන්නා ආකාරයක් පෙනෙන්නට නැතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇසෝසියේටඩ් ප්‍රෙස් හෙවත් ඒ.පී. පුවත් සේවය මෙලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා ජයග්‍රාහකයා නම් කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයට ලැබීමට නම් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 270 ක බලය තහවුරු කරගත යුතු ය.

හිටපු උප ජනාධිපතිවරයකු වන ජෝ බයිඩන් ඡන්ද ගණ හෙවත් ඡන්ද සමූහ 284 ක බලය හිමි කරගනිද්දි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිකරගැනීමට හැකිව ඇත්තේ ඡන්ද ගණ 214 ක් පමණි.

ඡන්ද ගණ (ඡන්ද සමූහ) ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීස වචනයෙන් හැඳින්වේ.

ඒ.එෆ්.පී./රොයිටර්ස්

ලංකාදීප පුවත් පතෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top