එක්සත් රාජධානියෙන් සොයාගත් කොරෝනා වෛරසයට වඩා වෙනස් නව වෛරස් ප්‍රභේදයක් මේ වන විට පළමු වරට ප්‍රංශයෙන්

එක්සත් රාජධානියෙන් සොයාගත් කොරෝනා වෛරසයට වඩා වෙනස් නව වෛරස් ප්‍රභේදයක් මේ වන විට පළමු වරට ප්‍රංශයෙන් ද වාර්තා වී තිබේ. ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අදාළ පුද්ගලයා පසුගිය 19 වෙනිදා ලන්ඩන් නුවර සිට ප්‍රංශයට පැමිණි එරට පුරවැසියෙකු බවයි. ඔහුගේ තත්ත්වය නිශ්චිතව හඳුනාගෙන නැතත් ඔහු දැනටත් ස්වයං නිරෝධායනයේ සිටින බවත් ප්‍රංශ බලධාරීන් පවසයි. කෙසේ වෙතත් එංගලන්තයෙන් හඳුනාගත් නව කොරෝනා වයිරස් ප්‍රභේදය රටවල් බොහොමයක් සමඟ සංචාරක බාධා ඇති කිරීම කෙරෙහි බලපෑමක් වී තිබෙන බව විදෙස් තොරතුරු විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top