දැඩි සත්කාර සහ ඔක්සිජන් අවශ්‍ය වන ආසාදිතයන්ගේ වැඩිවීම භයානකයි… ජනතාවගේ ගමන් බිමන් දැඩි ලෙස සීමා කළ යුතුයි -ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න ඒමන්ති මාරඹේ

පසුගිය සති කිහිපයක සිටම රටේ සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි අයුරින් ඔක්සිජන් හෝ දැඩි සත්කාර ඒකක ප‍්‍රතිකාර අවශ්‍ය වන බරපතළ ලෙස රෝගාතුර වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ භයානක වැඩිවීමක් දක්නට ලැබෙන බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසන්නීය.

දැනට රට පුරා ක‍්‍රියාත්මක කර ඇති ජනතාවගේ සංචරණය සීමා කිරීමේ පියවරවල පවතින ලිහිල් බව හේතුවෙන් රට අගුළු දැමීමේ සම්පූර්ණ ප‍්‍රතිලාභය අත්කර ගැනීමට නොහැකි බව අවධාරණය කර සිටින වෛද්‍ය ගුණරත්න මහත්මිය පවතින ව්‍යසනකාරී තත්ත්වයෙන් මිදීමට නම් දැනට වඩා දීර්ඝ කාලයක් ජනතාව ගමන් බිමන් යාම දැඩි ලෙස සීමාකිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව යැයි සඳහන් කර සිටියාය.

අපගේ ජීවිත කාලය තුළ මෙතෙක් මුහුණදීමට සිදු වූ දරුණුතම වසංගතය වන ලොව පුරා පැතිර ගොස් ඇති කොරෝනා වසංගතය පාලනය කළ හැකිවනුයේ ජනතාවගේ පූර්ණ එකඟතාවය මත රජය විසින් ගනු ලබන සාමූහික ක‍්‍රියා මාර්ගයන් හරහා පමණක් බව පෙන්වා දෙනු කැමැත්තෙමු. මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සහ ආසාදිත මරණ සංඛ්‍යාවන් තවමත් වැඩිවෙමින් පවතිනුයේ ඒ පිළිබඳව ඉදිරිපත් කෙරෙන නිල සංඛ්‍යා ලේඛන දත්ත පවා අවතක්සේරුවට ලක් කරමිනි.

අලූත් අවුරුදු පොකුර හරහා නව කොරෝනා ආසාදිතයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සහ කොරෝනා ආසාදිත මරණ දහසක් මේ වනවිට වාර්තා වී තිබේ. 2021 මැයි 21 දින සිට වර්තමාන රට අගුලූ දැමීම ක‍්‍රියාත්මක වන අතර නව කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණවල වාර්තා මෙයට පෙර පැතිර ගිය කොරෝනා ආසාදනවල ප‍්‍රතිවිපාක වේ. මේ නිසා කොරෝනා ආසාදනය සඳහා එන්නත් කිරීම සහ වෙනත් ක‍්‍රියාමාර්ග සමග රට අගුලූ දැමීමේ ප‍්‍රයෝජනය තක්සේරු කිරීමට ඉක්මන් නොවිය යුතුය. කෙසේ වුවද පවතින තත්ත්වය ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම්වල ප‍්‍රතිපලයක් ලෙස පෙන්වා දිය හැකිය.

ප‍්‍රවීණ විද්‍යාඥයන් සහ වසංගත රෝග විශේෂඥයන් තිදෙනකු විසින් සපයන ලද ලේඛනයකින් යෝජනා කර ඇති පරිදි විද්‍යාත්මක පදනමක් මත තෝරාගත් සාම්පල මත පීසීආර් පරීක්ෂණ ප‍්‍රශස්ත සංඛ්‍යාවක් සිදු කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන වෘත්තිකයන්ට එම පරීක්ෂණ සිදු කිරීමේ කාර්යය ලබා දීමටත් නිර්දේශ කර සිටිමු. එවැනි විශ්වාසදායක දත්ත නොමැතිව කෙනකුට වසංගතයේ ප‍්‍රගතිය සහ පාලන ක‍්‍රියා මාර්ගවල ඵලදායීතාවය තක්සේරු කිරීමට නොහැකි වනු ඇත.

මිනිසුන් තවදුරටත් නිවෙස්වලට වී සිටීම අපේක්ෂා කරන අතර එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ වෙළෙන්දන් විසින් නිවෙස්වලටම ගෙනවිත් ලබා දිය යුතුය. අත්‍යවශය සේවාවන් පමණක් නඩත්තු කළ යුතු අතර බහුතරය නිවසේ සිට සේවය කළ යුතුය. පාසල් වසා දැමීම සහ පොදු ප‍්‍රවාහන සේවාවන් අත්හිටුවීම මගින් මෙය තවදුරටත් ශක්තිමත් වේ. කෙසේ වෙතත් නගරවල මාර්ග සෑම වර්ගයකම වාහනවලින් තවමත් පිරී ඉතිරී යන බව පෙනී යයි. බොහෝ මගීන් ගමන් කිරීමට අවසර පත‍්‍රයක් රැුගෙන යයි. සීමිත පොලිස් බළකායකට මෙය පාලනය කළ නොහැක. මේ සඳහා සමාලෝචනයක් අවශය වන අතර මෙහිදී අවම ගමන් වාර සඳහා පමණක් අවසර ලබාදිය යුතුය.

කර්මාන්ත ශාලා සහ කාර්මික ස්ථාන වැනි විවිධ මධ්‍යස්ථාන ආර්ථික හේතුන් මත ක‍්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අප විසින් හඳුනාගෙන තිබේ. කෙසේ වුවද ඇඟලූම් කම්හල් සේවකයන් අතර මෙම වසංගතය පාලනය කිරීම සඳහා දැඩි මහජන සෞඛ්‍ය ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක වන්නේද යන්න අවධානයට යොමුවිය යුතු කරුණකි. ක‍්‍රියාත්මක වන ජෛව බුබුලූ කෙතරම් ආරක්ෂිතද යන්න ගැටලූවකි. ඔවුන් ප‍්‍රවාහනයේ යෙදෙන බස් රථ සමහර විට ජනයාගෙන් පිරී පවතී. එබැවින් හඳුනා නොගත් ආසාදිතයන්ට කර්මාන්ත ශාලා හෝ නේවාසිකාගාරවල සිට සිය නිවෙස් කරා යෑමට ඉඩ ලබා දීමෙන් මෙම වසංගතය ප‍්‍රජාවට ව්‍යාප්ත වීමේ භයානක හැකියාවක් පවතී. ගමම තත්ත්වය හදිසි කරුණක් ලෙස සමාලෝචනයට ලක් කළ යුතුය.

ආසාදන අවදානම ඇති සියල්ලන්ටම එන්නත් කිරීම වසංගතය පාලනය කිරීම සඳහා වන වැදගත්ම මෙවලමකි. වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ට එන්නත් කිරීමේදී ප‍්‍රමුඛත්වය ලබා දිය යුතුය. එන්නත් මධ්‍යස්ථානවල ඔවුන්ට වෙනම පෝලිම් තිබිය යුතු අතර වයස අවුරුදු 30 ත් 60 ත් අතර වයස් කාණ්ඩවල යම් රෝගාබාධ ඇති අයට ප‍්‍රතිකාර ලබා ගන්නා සායනවලින් හා රෝහල් පරිශ‍්‍රය තුළ එන්නත් ලබා ගත හැකිය.

එන්නත දිවයින පුරා ලබාදීම සිදු විය යුතු අතර වර්තමානගේ සිදුවන පරිදි විවිධ පළාත්වලට පමණක් සීමා නොවිය යුතුය. වෙනත් බලපෑම් නොමැතිව දැඩි සේ නිසි ක‍්‍රමවේදයකට අනුව මෙම වැඩපිළිවෙළ පවත්වා ගත යුතුය. අධි අවදානම් සහිත පළාත් හෝ දිස්ත‍්‍රික්කවලට ප‍්‍රමුඛතාවය ලබා දිය යුතු අතර තෝරාගත් පළාත්වල හෝ දිස්ත‍්‍රික්කවල ප‍්‍රධාන නගර වැනි ජනාකීර්ණ ප‍්‍රදේශවල අධි අවදානම් සහිත පුද්ගලයන්ට එන්නත ඉක්මනින් ලබා දිය යුතුය. ගර්භණී මවුවරුන්ට එන්නත් කිරීම සඳහා අඛණ්ඩ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කළ යුතුය. ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රා සෙනෙකා පළමු මාත‍්‍රාව ලබාගත් අයට එන්නතෙහි දෙවන මාත‍්‍රාව ලබාදීමට ඉක්මන් පියවර ගත යුතු යැයි වෛද්‍ය ගුණරතන වැඩිදුරටත් සඳහන් කළාය.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top