කොරෝනාට එරෙහි සටන පෙරටම

මේ වර්ෂය අවසන්වීමට පෙරදීම කොවිඩ් – 19 ට එරෙහි එන්නත් හඳුන්වාදීමට හැකිවීම සතුටට කාරණයකි. බ්‍රිතාන්‍ය එම පළමු වැන්නා වෙමින් P Fizer එන්නත ලබාදීම ඇරැඹුවේ, ගෙවීයන සතියේදීය. මේ මාසය අවසන් වන විට එය මිලියන 4ක සංඛ්‍යාවකට දීමට සැලසුම් කර තිබේ. මාත්‍රා 2 කින් යුතුව දෙන මෙම එන්නත මිනිසුන්ට දීම සඳහා නිර්දේශය ලැබූ පළමු RNA එන්නතය. මෙම අදියරේදී එය තවදුරටත් නියාමනයට ලක්වනු ඇත.

ශීත කාලයත්; වර්ෂාවසාන නිවාඩු හා උත්සව සමයත් එළැඹීම සමඟ කොවිඩ් – 19 වැඩි ව්‍යාප්තියක් පෙන්වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, අනුගමනය කළ හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන විශේෂයෙන් යුරෝපයේ සහ සෙසු රටවලත් අවධානය යොමුවී තිබේ. වයිරස ව්‍යාප්තිය පාලනය කර ගැනීමට අපොහොසත් කලාපවලට මෙහිදී දැඩි සැලකිල්ලකින් ක්‍රියාත්මක වීමට සිදුවනු ඇත. එළැඹෙන දුෂ්කර සමය වයිරසයට හොඳ කලක් උදාවීමක් බව ඇතැම් විද්‍යාඥයන්ගේ අදහසය. යම් සැනසීමකට ඇත්තේ මේ වනවිටත් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන මෙන්ම මරණ සංඛ්‍යාව ද වැඩි රටවල් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ දියත්කර තිබීමය.

මෙම ශීත හා උත්සව සමයේදී ජනතාව එළිමහනේ ගැවසීමටත් වඩා වාතාශ්‍රය අඩු, හොඳින් හිරුඑළිය ද නොලැබෙන අභ්‍යන්තර පරිශ්‍රවල ඒකරාශිවීමේ ඉඩ වැඩිය. එය යහපත් තත්ත්වයක් නොවන බව බොස්ටන්හි හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ගණිතඥයකු වන මොරිෂියෝ සැන්ටිලානා පවසයි. මේ හේතුවෙන්; සමාජයීය වශයෙන් දුරස්ථභාවයක් පවත්වා ගැනීම හා මුව ආවරණ පැලඳීම සිදුවිය යුතු බව ප්‍රින්ස්ටන් සරසවියේ වසංගත රෝග විද්‍යාඥ රැචල් බේකර් පෙන්වාදේ. ශීත සමයේදී අවදානම ඉහළ ගියද යහපත් සෞඛ්‍යමය චර්යාවන් පවත්වා ගැනීම මඟින් සිතාගැනීමටත් නොහැකි තරම් එකී අවදානම පහත හෙළන බව කනෙක්ටිකට් සරසවියේ පරිසර විද්‍යාඥවරියක වන කෝරි මෙරෝ පැහැදිලි කර ඇත. දැනට සිදුකර ඇති පර්යේෂණවලින් පෙනීගොස් ඇත්තේ SARS – Cov – 2 වයිරසය ශීත තත්ත්ව යටතේ හොඳින් පවතින බවය. නිවර්තන වෛද්‍ය විද්‍යාව පිළිබඳ වි‍ෙශ්ෂඥයින් පෙන්වා දෙන අන්දමට ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ උණ වසංගත රෝග ව්‍යාප්තවී ඇතත් ශීත කාලයේදී ඒවායේ වර්ධනයක් පෙන්නුම් කිරීමට හේතු තවමත් නිසියාකාර පැහැදිලිවී‍ නොමැති බවය. කිවිසුම් වැනි අවස්ථාවක නිකුත්වන බිඳිති අඩි 6 කටත් වඩා දුරකට ගමන් කරන බැවින් ඊට වැඩි දුරස්ථභාවයක් පවත්වා ගැනීම සුදුසු බව අධ්‍යයන ඔස්සේ පෙන්වාදී ඇත.

යහපත් මානසිකත්වය

කොවිඩ් – 19ට හේතුවන වයිරසය පිළිබඳ තවමත් සියලු තොරතුරු විද්‍යාත්මකව පැහැදිළි කර ගැනීමට හැකිවී නොමැත. එය රහස් සඟවා ගෙන සිටීම වයිසරය ව්‍යාප්තිය පාලනය කිරීමේදී සෞඛ්‍ය අංශ දැනටත් මුහුණදෙන අභියෝගයකි. එවැනි පසුබිමක වයිසරයෙන් ආරක්ෂාවීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් හා පුරුදු අනුව ක්‍රියා කිරීමට වගබලා ගැනීම වැදගත්ය.

ගීත දේශගුණය මෙන්ම සමාජීය වශයෙන් හුදෙකලාවී සිටීමට සිදුවීම ශෝකී බව, කාංසාව, දොම්නස වැනි හැඟීම් උත්සන්න කළ හැකි බැවින් යහපත් මානසික තත්ත්වයක් පවත්වා‍ ගැනීමේ අවශ්‍යතාව ද විශේෂඥයන් පෙන්වා දී තිබේ. රූපවාහිනී, පරිගණක, ජංගම දුරකථනය ආදිය සමඟ වැඩි කාලයක් ගත කිරීම ද සෞඛ්‍යයට හිතකර නැත. ඒ, ශාරීරික ව්‍යායාමයක යෙදීමට ඇති කාලය ඊට යටවන බැවිනි. රටතොට සිදුවන දෑ පිළිබඳ දැනුම්වත් බවක් තිබීම අවශ්‍ය වුවද විවිධ මාධ්‍ය ඔස්සේ දෙන තොරතුරු සියල්ලම අවශ්‍ය ද යන්න තේරුම් කර ගැනීම ද මානසික සෞඛ්‍යට හිතකරය. මෙහිදී පිළිගත හැකි මූලාශ්‍ර ඔස්සේ සැපයෙන තොරතුරු කෙරෙහි විශ්වාසය තැබීම මඟින් ඔබට එය පහසුවෙන් ඉටුකර ගත හැකිවේ. විශේෂයෙන් මෙවැනි වසංගත සමයක, ඒ පිළිබඳ සියලු තොරතුරු අප දැන සිටිය යුතු බවක් අදහස් නොකෙරේ. ආරක්ෂිතව සිටීම සඳහා පිළිපැදිය යුතු උපදෙස් මෙන්ම වගකිව යුතු අංශ මඟින් ලබාදෙන නි‍වේදන ආදිය මේ කාලයේ වැදගත්ය. සතුටින් සිටීමට අසීමිත අවශ්‍යතා ප්‍රමාණයක් සපුරාලිය යුතු යැයි කල්පනා කළ යුතු නොවේ. යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සතුටින් සිටීම ඉවහල් වන අතරම එය මනා ප්‍රතිශක්තියක් පවත්වා ගැනීමට ද උපකාරී වේ. මනසට සැහැල්ලුවක් ගෙන දෙන පොත්පත් කියැවීම, භාවනාවේ යෙදීම වැනි ක්‍රියාමාර්ගවල යෙදීමේ හිතකර බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. පරාජිත හැඟීම්වලට ජීවිතය වෙළා ගැනීමට ඉඩදිය යුතු නොවේ.

මේ වර්ෂය අවසන්වීමට පෙරදීම කොවිඩ් – 19 ට එරෙහි එන්නත් හඳුන්වාදීමට හැකිවීම සතුටට කාරණයකි. බ්‍රිතාන්‍ය එම පළමු වැන්නා වෙමින් P Fizer එන්නත ලබාදීම ඇරැඹුවේ, ගෙවීයන සතියේදීය. මේ මාසය අවසන් වන විට එය මිලියන 4ක සංඛ්‍යාවකට දීමට සැලසුම් කර තිබේ. මාත්‍රා 2 කින් යුතුව දෙන මෙම එන්නත මිනිසුන්ට දීම සඳහා නිර්දේශය ලැබූ පළමු RNA එන්නතය. මෙම අදියරේදී එය තවදුරටත් නියාමනයට ලක්වනු ඇත. එන්නත මඟින් සිදු කෙරෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කොරෝනා වයිසරයට එරෙහිව සටන් කිරීමට පුහුණු කිරීමයි. ඉන් 95%ක ආරක්ෂාවක් සැලසෙන බව සඳහන්වේ.

එය, පළමුවෙන්ම ලැබෙන්නේ වයස අවුරුදු 80ට වැඩි අයට, වැඩිහිටි නිවාසවල සේවක පිරිස්වලට හා ජාතික සෞඛ්‍ය සේවයේ කාර්යමණ්ඩලවලටය. මෙම ප්‍රමුඛතා අදියරේ අගටම සිටින්නේ වයස අවුරුදු 50 – 54 සිටින ජනතාවය. සෙසු ‍කොටස්වලට එන්නත ලැබෙන්නේ දෙවැනි අදිය‍රේදීය. එන්නත පරිවහනය කිරීමේදී ඍණ 70ක උෂ්ණත්වයක් තිබිය යුතුවේ. එබැවින් එය බෙදාහැරීම පහසු කාර්යයක් නොවේ. පර්යේෂණ අදියරවලදී බරපතළ අතුරු ආබාධ වාර්තා නොවන බව පැවසේ. නමුත් එන්නත් ලැබූවන් සංකූලතාවලට ලක්වන්නේදැයි විමසිල්ලෙන් පසුවන බවද සඳහන්.

අමෙරිකා පිළිවෙත

කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑමට ලක්ව ඇති අමෙරිකාව ද දැවැන්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් දියත් කරමින් සිටී. එන්නත් මිලියන ගණනින් ප්‍රාන්තවලට දීමට නියමිතව ඇත. අමෙරිකාව දීමට නියමිතව ඇත්තේ P fizer එන්නතයි. බයිඩන් පාලනයේ පළමු දින 100 තුළ මිලියන 100 කට එන්නත් දීමට අපේක්ෂිතය. මේ හැරුණු විට තවත් එන්නත් ගණනාවක් පිළිබඳ බලාපොරොත්තු සහගත තත්ත්වයක් තිබේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය හා ඇස්ට්‍රා සෙනෙකා එක්ව හඳුන්වාදී ඇති එන්නත වයෝවෘද්ධ අයගේ ප්‍රතිශක්ති හැකියාව ඉහළ නංවන බව පෙනී‍ ගොස් තිබේ. එයද මාත්‍රා 2 කින් යුතුව දිය යුතු එන්නතකි.

මෙම එන්නත අධික සිසිල් තත්ත්වයක ගබඩා කළ යුතු නැති බැවින් එය ප්‍රවාහනය පහසුවී තිබේ. ‘මොඩර්නා’ එන්නත ද Pfizer එන්නත වැනි ක්‍රියාකාරිත්වයකින් යුතු බව පැවසේ. ඉන් 94.5%ක පමණ ආරක්ෂාවක් සැලසෙන බව සඳහන්ය. එයද මාත්‍රා 2 කින් දිය යුතු එන්නතක් වන අතර ගබඩා කර තැබීම දුෂ්කර නොවන්නේ සෙල්සියස් අංශක ඍණ 20 ක් වැනි උෂ්ණත්වයක තැබීම ප්‍රමාණවත් බැවිනි.

රුසියාව හඳුන්වාදී ඇති ස්පුට්නික්- V එන්නත ද 92% ක පමණ සාර්ථකත්වයක් පෙන්වන බව වාර්තාවේ. රුසියාවේ හා චීන‍ෙය් එන්නත් අවසන් පර්යේෂණ අදියරවල පවතී.

ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වාදීම යනු වසර ගණනාවක් ගතවන ක්‍රියාවලියක් වුවද කොවිඩ් – 19 මඟින් ලෝකයට එල්ලකර ඇති තර්ජනය හමුවේ ඊට එරෙහි එන්නතක් හඳුන්වාදීමේ ක්‍රියාමාර්ග වේගවත් විය. එම කවර එන්නතක් වුවද හඳුන්වාදීමට පෙර එය ආරක්ෂිත බව පළමුව තහවුරු කළ යුතුවේ.

නිෂ්පාදන අනුමැතිය ලැබීමෙන් පසු මාත්‍රා බිලියන ගණනක් සැපයීමට හැකියාව තිබිය යුතුය. එන්නත පුළුල්ව බෙදාහැරීමට පෙර එය නියාමනයට ලක්වීම ද සිදුවේ.

නුදුරු අනාගතයේදී මෙම එන්නත් වැඩ පිළිවෙළ සාර්ථක වුවහොත් තවදුරටත් රටවල් හෝ ප්‍රදේශ ලොක්ඩවුන් කර තැබීමට අවශ්‍ය නොවනු ඇත. එමෙන්ම දැඩි සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කිරීමට හැකිවනු ඇත. කෙසේ වුවද තවමත් එය අපේක්ෂාවක් පමණි. එය යථාර්ථයක් වීම සඳහා තවත් පියවර ගණනාවක් පසු කළ යුතුය. එමෙන්ම, මේ කවර හෝ එන්නතක් සමස්ත ලෝකවාසීන්ටම ගත හැකි බවද තහවුරු කළ යුතුවේ. දැනට මෙම මුල් පෙළේ එන්නත් සියල්ල පාහේ බලවත් රටවලින් අති විශාල තොග වශයෙන් ඉල්ලුම් කර ඇති අතර සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ඒවා ගැනීමේ හැකියාව තිබේද යන ගැටලුව මතුවී ඇත. එන්නත් සාධාරණ ලෙස සෑම රටකටම ලබාදීම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියා කරමින් සිටී. චීනය, රුසියාව වැනි රටවල් ද මෙහිදී ප්‍රගතිශීලී වැඩපිළිවෙළක් අනුගමනය කරනු ඇතැයි පෙනෙන්නට තිබේ. මෙම එන්නත්වල මිලද මෙහිදී අවධානයට ලක්වේ. දැනට ඇති තොරතුරුවලට අනුව, ඒවා පවුම් 3, පවුම් 25 අතර පරාසයක තිබේ. Pfizer එන්නත අනුමත කළ දෙවැනි රට බවට පත්ව ඇත්තේ බහරේනයයි. බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ තමා කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබා නොගන්නා බව පවසා ඇත.

කොරෝනා සටන

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමැති මැට් හැන්කොක් පවසා තිබුණේ, පළමුවරට කොරෝනා එන්නත ලබා දුන් දිනය ජයග්‍රාහී දිනයක්’ ලෙස සැලකිය හැකි බවය. ‘පොදු සතුරාට කොරෝනා වයිරසයට එරෙහි සටන අද ඇරැඹුණා’ යනුවෙන් ඔහු පවසා තිබිණි. නිදහස සීමා වීම නිසා අසහනයට පත්ව සිටින බටහිර රටවල ජනයා මෙම එන්නත්වල සාර්ථකත්වය දෙස දෑස් දල්වා බලා සිටින්නේ මේ වනවිට අවහිර වී ඇති සිය ජීවන රටා යළි සාමාන්‍ය තත්ත්වයට ගැනීමට හැකි වෙතැයි යන අපේක්ෂාව ඇතිවය. පොදුවේ ලෝකයටම එය වඩාත් වැදගත් වන්නේ ඉන් නිකරුණේ අහිමිවන මිනිස් ජීවිත රැක ගැනීමට එය හේතුවනු ඇති ද යන අරුතිනි. කොවිඩ් – 19 නිසා සිදුවන මරණ සංඛ්‍යාව වළක්වා ගත හැකි නම් එය මෙම වසංගතයට එරෙහිව කරන කවර හෝ සටනක් ජයග්‍රහණයෙන් කෙළවර කිරීමකි. ශීත කුණාටු හමා වී. එහෙත් වසන්තය එළැඹේවී.

 

ධම්මික සෙනෙවිරත්න

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top