කොරෝනා වෛරසයට වඩා ප්‍රබල වසංගතයක් ලොව පුරා පැතිර යාමට හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා තිබේ.

කොරෝනා වෛරසයට වඩා ප්‍රබල වසංගතයක් ලොව පුරා පැතිර යාමට හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රෙයිසස් (Tedros Adhanom Ghebreyesus) මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන දිනපතා වෛරස පිළිබඳ අධ්‍යයනයන්හි නිරත වන බවයි. එහිදී නව වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරේ. ඇති විය හැකි රෝග ලක්ෂණ, කළ හැකි වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාරක එන්නත් ගැන ද මෙහි දී සලකා බලනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව පිළිබඳ ප්‍රතිචාර වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් (Mike Ryan) මහතා පවසන්නේ මීලඟ වසංගතය වඩාත් දරුණු විය හැකි බවයි. සම්මුතිකව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් පැවසුවේ අප ජීවත් වන්නේ සංකීර්ණත්වය ඉහළ යමින් පවතින සමාජ පරිසරයක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top