ලෝකෙන්ම සතුටු ෆින්ලන්තයේ මිනිස්සු

පසුගිය වසර පුරාවටම අසන්නට ලැබුණේ සිත නොසන්සුන් කරන ප්රවෘත්තිය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයන් 127,581,65228 දෙනකු ආසාදියන් වී ඇති අතර 28 ලක්ෂයකට අධික පිරිසක් මරණයට පත්ව තිබේ. එවන් වාතාවරණයක් තුළ වුවද ලොව සතුටින්ම සිටින මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්ව තිබේ. මාර්තු 20 වැනි දිනට යෙදෙන එක්සත් ජාතීන්ගේ ලෝක සතුටු දිනය නිමිත්තෙන් පළ කෙරෙන ලෝකයේ වැඩියෙන්ම සතුටින් සිටින රාජ්යයන් හඳුනාගැනීමේ වාර්තාව මගින් 2021 වසරේ ලොව වැඩියෙන්ම සතුටින් සිටින මිනිසුන් සහිත රාජ්යය බවට සිව්වැනි වරටත් ෆින්ලන්තය නම් කර තිබේ. එම වාර්තාව අනුව දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත්, සිව්වැනි ස්ථානය අයිස්ලන්තයටත්, පස්වැනි ස්ථානය නෙදර්ලන්තයටත් හිමිවී තිබේ. ෆින්ලන්තය සමස්ත ලකුණු 10න් ලකුණු 7.842ක්ද, ඩෙන්මාර්කය ලකුණු 7.620ක්ද, ස්විට්සර්ලන්තය 7.571ක්ද, අයිස්ලන්තය 7.554ක්ද, නෙදර්ලන්තය 7.464ක්ද හිමිකරගෙන තිබිණි.
ලෝක සතුටු වාර්තාව මෙවර ඉදිරිපත් කෙරුණේ 9 වැනි වරටය. 2011 භූතානයේ තිම්පුහිදී ඇතිකරගන්නා ලද සම්මුතියකට අනුව ලෝක සතුටු වාර්තාව එළිදැක්වීමට පියවර ගැනිණි. ඒ අනුව වසරක් පුරා ලොව රටවල් 149ක් පාදක කර ගනිමින් පැවැත්වෙන මෙම සමීක්ෂණයේදී ලොව වඩාත්ම සතුටින් සිටින රාජ්ය සෙවීම සඳහා විචල්යයන් කීපයක් උපයෝගී කරගනු ලැබේ.. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය, සමාජ සහයෝගීතාව, සෞඛ්යසම්පන්නභාවය හා ආයුකාලය, ජීවිතයේ අරමුණු තෝරා ගැනීමට ඇති නිදහස, රුකියා අනුපාතය, ජනතා ත්යාගශීලීභාවය, රටක දූෂිත භාවය යන කරුණු සසඳා බැලේ. ලොව පුරා ඇති සියලුම රටවල් ඩිස්ටෝපියා නමින් නිර්මාණය කරන රටකට වෙන් වෙන් වශයෙන් ආදේශ කිරීමෙන් පර් යේෂකයන්ට එකිනෙක රටවල් සංසන්දනය කිරීම සඳහා මූලික පදනමක් සැකසීමට හැකි විය. ඒ අනුව ඉහත සඳහන් රටවල් වැඩියෙන්ම සතුටින් සිටින මිනිසුන් සිටින රාජ්ය බවට හඳුනාගෙන තිබේ.
ලෝකයේ ප්රීතිමත්ම මිනිසුන් වැඩියෙන්ම සිටින රටවල් වන්නේ යුරෝපා රටවල්ය. පළමු රටවල් දහය අතර යුරෝපීය නොවන රටක් ඇත්තේ එකක් පමණි. ඒ නවසීලන්තයයි. එයට 9 වැනි ස්ථානය හිමිවී තිබේ.. 2021 ලෝක සතුටු වාර්තාව සැකසීමේදී පසුගිය වසරවලට වඩා වෙනස් අයුරින් සලකා බලා තිබිණි. COVID-19 හි බලපෑම සහ ලොව පුරා ජනතාව ඊට මුහුණ දී ඇති ආකාරය පිළිබඳවද මෙවර අවධානය යොමු විය. එම වාර්තාවේ මෙලෙස සඳහන් කර තිබිණි. &අපගේ ඉලක්කය දෙයාකාර විය: පළමුව, මිනිසුන්ගේ ජීවිතවල ව්යුහය හා ගුණාත්මකභාවය කෙරෙහි COVID-19 හි බලපෑම් කෙරෙහි අවධානය යොමු කිරීම, දෙවනුව, ලොව පුරා රජයන් වසංගතය සමඟ කටයුතු කර ඇති ආකාරය සොයා බැලීම සහ ඇගයීම එම ඉලක්කයන් විය. විශේෂයෙන් ඇතැම් රටවල් අනෙක් රටවලට වඩා බොහෝ දේ කර ඇති ආකාරය පිළිබඳව අපගේ වැඩි අවධානයක් යොමු විය
ශ්රී ලංකාව මෙවර ලෝක සතුටු දර්ශකයේ 129 වැනි ස්ථානයට පත්ව තිබේ. පසුගිය වසරට වඩා එක් අගයකින් ඉදිරියට ඒමට ශ්රී ලංකාවට හැකි වී තිබේ. කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස පීඩාවට පත්. එක්සත් ජනපදය 18 වැනි ස්ථානයේ සිට 19 දක්වාද, එක්සත් රාජධානිය 13 ස්ථානයේ සිට සිට 17 දක්වා පහත වැටී තිබේ. ඕස්ට්රේලියාව 11 වැනි ස්ථානය හිමිකර ගත්තේය. ඉන්දියාව, පාකිස්තානය, ශ්රී ලංකාව සහ මියන්මාරය පසුකොට පසුගිය වසරට වඩා ස්ථාන හයක් ඉදිරියට පැමිණීමට මෙවර බංග්ලාදේශය සමත්ව තිබේ. පසුගිය වසරේ 107 වැනි ස්ථානයේ සිටි බංග්ලාදේශය මෙවර 101 වැනි ස්ථානයට පත්ව ඇති අතර ඉන්දියාව, පකිස්ථානය, ශ්රී ලංකාව සහ මියන්මාරය පිළිවෙලින් 139, 105, 129 සහ 126 වන ස්ථාන ලබා ඇත. නේපාලය සහ මාලදිවයින බංග්ලාදේශයට වඩා ඉදිරියෙන් සිටින අතර නේපාලය 87 වන ස්ථානයත්, මාලදිවයින 89 වන ස්ථානයත් හිමිකරගෙන සිටී. ඉන්දියාවද ශ්රී ලංකාව මෙන් මෙවර එක් අගයකින් ඉදිරියට පැමිණ තිබේ ශ්රී ලංකාව හිමිකරගෙන ඇති ලකුණු ප්රමාණය 4325කි. ඉන්දියාව 139 වන ස්ථානයට පත්ව ඇති අතර හිමිකරගත් ලකුණු ප්රමාණය 3.819කි චීනය 94 වැනි ස්ථානයේ සිට 84 වන ස්ථානයට පත්ව තිබේ. ඔවුන් හිමිකරගත් ලකුණු ප්රමාණය 5.339කි
මෙම දර්ශකයේ අවසන් ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඇෆ්ගනිස්තානයයි. පසුගිය වසරේද ඇෆ්ගනිස්තානයට හිමි වූයේ අවසන් ස්ථානයයි. සිම්බාබ්වේ(148), රුවන්ඩා(147), බොට්ස්වානා (146) ලෙසෙතෝ(145) මලාවි (144) සතුටු දර්ශකයේ පහළම අගයන් හිමිකරගෙන ඇති අනෙක් රටවල්ය. ෆින්ලන්තයට ලකුණු 7.842ක් හිමිවන විට ඇෆ්ගනිස්තානයට හිමිව ඇත්තේ 2.523කි.
මෙම වාර්තාව අනුව ලොව සතුටින්ම සිටින මිනිසුන් සිටින නගරද නම් කර තිබේ ඒ අනුව ෆින්ලන්තයේ හෙල්සිංකි ප්රථම ස්ථානයටත්, ඩෙන්මාර්ගයේ අරහස් නගරය දෙවැනි තැනටත්, නවසීලන්තයේ වෙලිංටන් තෙවැනි තැනටත්, ස්විට්සර්ලන්තයේ සූරිච් සිව්වැනි තැනටත්, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් 5 වැනි තැනටත්, නොර්වේහි බර්ජන් සය වැනි තැනටත් එරටේම ඔස්ලෝ සත්වැනි තැනටත්, ඊශ්රායෙලයේ ටෙල් අවිව් අටවැනි තැනටත්, සවීඩනයේ ස්ටොක්හෝම් 9 වැනි තැනටත්, ඔස්ට්රේලියාවේ බ්රිස්බේන් දස වැනි ස්ථානයටත් පත්ව තිබේ.
 ප්රියන්ජන් සුරේෂ් ද සිල්වා
– Deshaya –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top