ඔටනු නොපලන් කුමාරයාගේ සිනමා පෙළහර 31 සිට

මීට දෙවසරකට පමණ පෙර අතුරු සිදුරු නැතිව පිරීගිය ලාංකේය කලාගාරය කොරෝනා වෛරසය හමුවේ පාළුවට යන්නේ කලාකරුවන් මෙන්ම පේ‍්‍රක්ෂකයන් පවා එක තැන නතර කරමිනි. එය නිමාකරමින් සිනමාවට පෙම් බැඳි මිනිසුන් වෙනුවෙන් සිනමා උලෙළක් නුදුරේදීම පැවැත්වීමට සූදානම් වෙමින් පවතී. එය නම්කර ඇත්තේ ඔටනු නොපලන් කුමාරයාගේ දැණුනු සිනමා පෙළහර නමිනි. එ් ප‍්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුරගේ මැදිහත් වීමෙනි. ‘‘ඇත්තටම කොරෝනා වසංගතය එක්ක අපේ සිනමා ශාලා සොහොන් පිටි වගේ පාළුවට ගියා. ඒ පේ‍්‍රක්ෂාවට සාධාරණයක් කිරීම තමයි මගේ මූලික අරමුණ. උපුල් නිශාන්තයන්ගේ යෝජනාවකට අනුව සිනමා උළෙලක් පැවැත්වීමට තීරණය කරන්නේ මගේ කලා ජීවිතයට අවුරුදු 35ක් පිරීමත් ඉහත කාරණයත් ප‍්‍රධාන හේතූන් ලෙස ගනිමින්. ”කුමාර තිරිමාදුර ඒ පිළිබඳ එවැනි අදහසක් දක්වන්නේය.

ඒ අනුව ලාංකේය සිනමා නිර්මාණ තුළ බොහෝ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හිමිවූ, දෙස් විදෙස් සම්මාන රාශියකට පාත‍්‍ර වූ සිනමා නිර්මාණයන් පහක් මෙම උළෙලේ දී යළිත් තිරගත වීමට සූදානම් කර ඇත. කුමාර තිරිමාදුරගේ විශිෂ්ට රංගන දායකත්වය මෙන්ම ඔහු අතින් ලියැවුණු නිර්මාණද මෙම සිනමා නිර්මාණ අතර තිබීම සුවිශේෂී කාරණාවකි. ඒ අනුව ධර්ම යුද්ධය (මාර්තු 31*, ටවුමේ ඉස්කෝලේ (අපේ‍්‍රල් 01*, ගාමණී (අපේ‍්‍රල් 2*, තණ්හා රතී රඟා (අපේ‍්‍රල් 03*, The newspaper (අපේ‍්‍රල් 04* කොල්ලූපිටිය ලිබර්ටි සිනමා ශාලාවේ දී උදෑසන 10:30 දහවල් 02:30 සහ සවස 06:30 ලෙස දර්ශන වාර 3කින් තිරගත වීමට නියමිතය.

‘දිවයින’ පුවත්පතට සම්බන්ධ වෙමින් වෘත්තීය ජීවිතය ආරම්භ කරන කුමාර තිරිමාදුර කලාවට පැමිණීමට පන්නරය ලබාගන්නේද පුවත්පත් කලාව තුළිනි. වයස අවුරුදු දාසයේදී ”පරවේණි” නම් වේදිකා නාට්‍යයේ අවුරුදු 55ක චරිතයකට පණ පෙවීමෙන් සිය කලා ජීවිතය ඇරඹූ ඔහු මේ වන විට වේදිකාව, සිනමාව, ටෙලි නිර්මාණ, සංගීතය, පිටපත් රචනය ආදි බොහෝ තැන්හි කරක්ගසා අවසන්ය.

”සාහිත්‍යයෙන්, කලාවෙන් දුරස්වන මිනිසා සංවේදී බවෙන් දුරස් වෙන්නේ ඔහුටත් නොදැනීම’’ අද වෙනකොට සමාජයේ පවතින බොහෝ ගැටලූකාරී තත්ත්වයන්ට හේතුව මිනිසා විසින් මිනිසුන් හඳුනා නොගැනීම’’ කලාව වෙනුවෙන් ලැදි හැමෝටම මම ආරාධනා කරනවා මේ මස තිස්එක් වන දායින් ඇරඹෙන සිනමා උළෙල සඳහා එකතු වෙන ලෙසට ‘‘මේ තමයි සමස්ත කලාව වෙනුවෙන් මට කළ හැකි දේ’’ කුමාර තිරිමාදුර එසේ පවසන්නේය.

නිරෝෂා වාසල

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top