හෘදයාබාධ සහ අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කරගැනීම

හෘදයාබාධ සහ අධිරුධිර පීඩනයට බලපාන ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්ව තිබීමය

කොලෙස්ටරෝල් අක්මාව මගින් නිපදවන අතර මස්, කුකුළු මස්, බිත්තර, මාළු හා කිරි නිෂ්පාදන ආහාර මගින් ද සිරුරට ලැබේ

කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමට තන්තු ආහාර බහුලව ගැනීම සහ ව්‍යායාමවල යෙදීමත් කළ යුතුය. ඇතැම් පුද්ගලයින්ට ඒ සඳහා ඖෂධ ලබාදීමට ද සිදුවේ

මේ දිනවල කොයිකාගේ අවධානය යොමුව ඇත්තේ කොවිඞ් 19 වෛරස ආසාදන රෝගයටය. මෙම රෝගය බරපතළ තත්ත්වයට පත්ව මියයෑමේ වැඩි අවදානමක් සහිත පුද්ගලයින් අතර හෘදයාබාධ සහ අධිරුධිර පීඩනය යන රෝගවලින් පෙළෙන අයද සිටිති. හෘදයාබාධ සහ අධිරුධිර පීඩනයට බලපාන ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්ව තිබීමය. එබැවින් සිරුරේ කෙලෙස්ටරෝල් මට්ටම පාලනය කරගැනීමට යොමුවීමෙන් මෙම රෝගාබාධ ඇතිවීම අවම කරගත හැකිය.

කොලෙස්ටරෝල්

කොලෙස්ටරෝල් යනු අපගේ ශරීරයේ බහුලවම ඇති සංඝඨකවලින් එකකි. මේදය වැනි ද්‍රව්‍යයක් වන මෙය සිරුරේ ස්නායු කි‍්‍රියාකාරීත්වයට,ෙසෙල පටක සකස් කිරීමට මෙන්ම මේදය ජීර්ණය කිරීමට උපකාරීවන හෝර්මෝනවන විටමින් ඞී, සහ පිත්ත අම්ලය නිපදවීමට ද අවශ්‍යවේ. කොලෙස්ටරෝල් ශරීරයට හිතකර මෙන්ම අහිතකරවන අවස්ථාද ඇත. මෙය රඳා පවතින්නේ එකී අවස්ථාවල දී සිරුරේ ඇති කොලෙස්ටරෝල් වර්ගය මතය.

කොලෙස්ටරෝල් අක්මාව මගින් නිපදවන අතර මස්, කුකුළු මස්, බිත්තර, මාළු හා කිරි නිෂ්පාදන ආහාර මගින් ද සිරුරට ලැබේ.

කොලෙස්ටරෝල් සිරුරට හිතකර සහ අහිතකර ලෙස වර්ග දෙකක් ඇත

HDL යනු සිරුරට හිතකර කොලෙස්ටරෝල්ය.

LDL යනු සිරුරට අහිතකර කොලෙස්ටරෝල්ය.

LDL කොලෙස්ටරෝල් රුධිර ධමනි බිත්තිවල තැන්පත්වීමේ නැඹුරුවක් දක්වයි.

HDL කොලෙස්ටරෝල් ධමනිවල තැන්පත්වන කොලෙස්ටරෝල් ඉවත් කිරීමට උපකාරීවේ.

LDL කොලෙස්ටරෝල් සඳහා බලපාන්නේ ආහාර පමණක් නොවේ. ඒ සඳහා ජානමය කරුණු ද බලපායි. ඒනිසා මෙම කොලෙස්ටරෝල් මට්ටම අඩුකර ගැනීමට තන්තු ආහාර බහුලව ගැනීම සහ ව්‍යායාමවල යෙදීමත් කළ යුතුය. ඇතැම් පුද්ගලයින්ට ඒ සඳහා ඖෂධ ලබාදීමට ද සිදුවේ.

කොලෙස්ටරෝල් අධිකවන ආහාර

හරක් මස් ,එළු මස් ,ඌරු මස්, හම සහිත කුකුල් මස්, බටර්, චීස්, කිරි නිෂ්පාදන ආහාර, පොල්, පොල් තෙල්, පාම් තෙල්, පාම් මදය ආදී ආහාර වර්ගය.

කොලෙස්ටරෝල් අධික නොවන ආහාර

සැමන්, හුරුල්ලන්, අලිගැටපේර, ඔලිව්, සෝයා ඇට, බඩ ඉරිඟු, ඔලිව් හා සූරියකාන්තතෙල් ආදියයි.

බිත්තර සුදු මදය සහ මාළු හැර වෙනත් බොහෝ සත්ත්ව ආහාරවල අධික ලෙස කොලෙස්ටරෝල් අඩංගුය.

පලතුරු සහ එළවළු වර්ගවල කොලෙස්ටරෝල් කිසිසේත්ම නැත.

සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය

මේදය අඩු හෝ මේදය රහිත කිරි, යෝගට් හා චීස් වර්ග ආහාරයට ගත යුතුය. තෙල් සහිත මස් හා සොසේජස් වෙනුවට තෙල් අඩු සම ඉවත් කළ කුකුළු මස් හෝ මාළු තෝරාගන්න. බැදපු ආහාර වෙනුවට පුළුස්සන ලද හෝ තම්බාගත් ආහාර වැඩිපුර ආහාරයට ගතහැකිය. එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගන්න.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top