කොරෝනා වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය

කොරෝනා උවදුර ලෝකය තුළ වෙසෙන සියලූම දෙමව්පියන් හා දරුවන්ට සිදුකොට ඇති බලපෑම අති විශාලය. පාසල් වැසීම, නිවෙස්වල සිට වැඩ කිරීම  (Working From Home) තම හිතමිත‍්‍රාදීන් සමග නියමිත දුර පවත්වා ගැනීම ආදී කරුණු හේතුවෙන් සියලූ දෙනාගේම ජීවිත යම් සීමිත අවකාශයක කොටු වී ඇතx දරුවන්ගේ මාර්ගගත පන්ති (Online Classes) නිවැරදිව සිදු කිරීම, නිවසේ කටයුතු හා මූල්‍යමය කටයුතු නිසි පරිදි පවත්වා ගෙන යෑම හා දරුවන් රැකබලා ගැනීම ආදී වගකීම්වල බහුලත්වය හේතුවෙන් දෙමව්පියන් තුළ වැඩකිරීමේ කාංසාව (Work anxiety)  තම මානසික සන්තුෂ්ටිය අහිමි කිරීමට හේතු වී ඇති බව පෙනේ. විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපනය දෙමව්පියන් හට කිසි දින නොසිතූ ආකාරයට විශාල වගකීමක් හා බරක් බවට පත් වී ඇත.

පාසල් ගුරුවරුන් මේ වන විට දූරස්ථ අධ්‍යාපන සැලසුම් කි‍්‍රයාත්මක කරමින් පවතියි. දෙමව්පියෝ ද තම එදිනෙදා කටයුතු අතරතුර දරුවන්හට නිවෙස්වල අධ්‍යාපනය ලබා දීමට යුහුසු`ඵ වෙති. තම එදා වේලවත් උපයා ගැනීමට නොහැකි සමහර දෙමව්පියෝ දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයට වියදම්කර ගැනීමට නොහැකිව ඉතා විශාල පීඩනයකින් කල්ගත කරති. කෙසේ වුවද දුප්පත්, පොහොසත් භේදයකින් තොරව සියලූම දෙමව්පියන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ තම දරුවන් කෙසේ හෝ අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමයි.

දිවයිනේ අනෙකුත් පළාත්වල පාසල් විවෘත වුවද බස්නාහිර පළාතේ පාසල් මේ වන විට ද වැසී පවතියි. කෙදිනක විවෘත කළ හැකි වේදැයි නිශ්චිතව කිව නොහැකිය. එසේ නම් කොරෝනා වසංගතය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය යාවත්කාලීන කිරීම ස`දහා දෙමව්පියන්ට භාරදූර කර්තව්‍යයක් ඉටු කිරීමට සිදුව ඇතx වැදගත් නිවසකට සම වූ පාසලක් නොමැති අතර ගුණවත් දෙමව්පියන්ට සම වූ ගුරුවරුන් නොමැති බව මහත්මා ගාන්ධිතුමා වරෙක පවසා ඇත. එහි අදහස වන්නේ පාසල් සහ ගුරුවරුන් නොවටිනා බව නොවේ. දරුවකුට තම අධ්‍යාපනයේදී තම පවුල හා යහපත් දෙමව්පියන්ගෙන් ලැබෙන ඔවදන් සහ ආදර්ශ, පාසල් සහ ගුරුවරුන්ට වඩා ප‍්‍රබල බවයි.

දරුවන් ඉගෙනුම් කි‍්‍රයාකාරකම්වල ර`දවා ගැනීම ස`දහා දෙමව්පියන්ට භාවිත කළ හැකි ක‍්‍රියාමාර්ග කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

දෛනික කාල සටහනක් පවත්වාගෙන යෑම ඔබගේ දරුවා ස`දහා දෛනික කාල සටහනක් නිර්මාණය කරන්න. මෙය අභියෝගයක් විය හැකිය. නමුත් දරුවාගේ ද සහභාගිත්වයෙන් මෙම කාල සටහන නිර්මාණය කරන්නේ නම් ඔවුන් එයට රුචියක් දක්වනු ඇත. දරුවාගේ වයස අනුව දෛනික කාලසටහන වෙනස් විය හැකිය.

වයසින් වැඩි දරුවන් ස`දහා දෛනික කාල සටහනක් ක‍්‍රියාත්මක කිරීම පහසු වුවද ප‍්‍රාථමික ශේ‍්‍රණිවල ඉගෙන ගන්නා දරුවන් ස`දහා එය පහසු නොවේ. ප‍්‍රාථමික වයසේ දරුවන් ස`දහා චිත‍්‍ර ඇ`දීම, පාට කිරීම, ගීත ගායනය ආදී කි‍්‍රයාකාරකම් ස`දහා නිරන්තර අවස්ථාව සලසා දිය යුතුය.

දෛනික කාල සටහනෙහි වීඩියෝ, මාර්ගගත (Online) පාඩම් සහ කී‍්‍රඩා ඇතුළත් කිරීම

වර්තමානයේදී දරුවන්ගේ වයස් මට්ටම හා විවිධ විෂයන්ට අදාළව මාර්ගගත (Online) ඉගෙනුම් වෙබ් අඩවි බොහෝමයක් නිර්මාණ වී ඇත. මේවායේ ප‍්‍රහේලිකා, වීඩියෝ පට, ඉගෙනුම් කී‍්‍රඩා සහ සමස්ත පාඩම් ඇතුළත් වේ. තම ගුරුවරුන් මෙහෙයවන මාර්ගගත පාඩම්වලට අමතරව විෂය නිර්දේශය ආවරණය කර ගැනීම ස`දහා මෙවන් වෙබ් අඩවි පරිහරණය කිරීමට දරුවන්ට අවස්ථාව ලබා දිය හැකිය. අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට වුවද අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනය :භෂෑ* එක්ව සංවිධානය කොට ඉදිරිපත් කරන ජාතික රූපවාහිනි අයි නාලිකාවේ සහ නේත‍්‍රා නාලිකාවේ විකාශනය කරනු ලබන ”ගුරු ගෙදර’’ අධ්‍යාපන වැඩසටහන නැරඹීමට අවස්ථාව ඇත. ”ගුරු ගෙදර’’ අධ්‍යාපන වැඩසටහනෙහි විකාශනය කරනු ලබන විවිධ විෂයන්ට අදාළ සියලූම පාඩම් මේ වන විට ජාතික අධ්‍යාපන ආයතන නාලිකාවට ද :ක්‍ය්බබැක භෂෑ – ශදම එමඉැ* ඇතුළත් කොට ඇත.

ඉගෙනුම් කටයුතු ස`දහා විශේෂ ස්ථානයක් වෙන් කිරීම

දෛනික කාල සටහනක් වැදගත් වන්නා සේම නිවසේ විශේෂ ස්ථානයක් ඉගෙනුම් කටයුතු ස`දහා වෙන්කර දීම ද වැදගත් වේ. එය බාධකවලින් තොරව නිදහසේ තම ඉගෙනුම් කටයුතු සිදුකර ගැනීමට පහසු ස්ථානයක් විය යුතුය. එසේම පාඩම් කටයුතුවලදී අවශ්‍ය තාක්ෂණය සහ සම්පත් භාවිත කළ හැකි ස්ථානයක් ද විය යුතුය.

පාසල් ගුරුවරුන් සහ අනෙකුත් දෙමව්පියන් සමග යහපත් සම්බන්ධතාවක් පවත්වා ගැනීම

පාසල විසින් නිර්මාණය කර සැලසුම් කරනු ලබන ඩිජිටල් ඉගෙනුම් ක‍්‍රම නිවැරදිව ක‍්‍රියාත්මක කිරීම ස`දහා පාසලේ ගුරුවරුන් හා අනෙකුත් දෙමව්පියන් සමග නිරන්තර යහපත් සන්නිවේදනයක් පවත්වා ගැනීම අවශ්‍ය වේ. ඕනෑම ගැටලූවක් විස`දා ගැනීමට ඔවුන් ඔබට සහය වනු ඇත.

දිනය සැහැල්ලූවෙන් ගත කිරීමට දරුවන්ට ඉඩ ලබා දීම

බොහෝ දෙමව්පියෝ දරුවන්ට නිරන්තරයෙන් පාඩම් කරන ලෙස බල කරමින් ඔවුන් පොත පතේ කාර්යන් ස`දහාම පමණක් යොමු කරවීමට උත්සාහ දරති. මෙය ඉතා නුසුදුසු ක‍්‍රියාවක් වන අතර වසංගත තත්ත්වය හේතුවෙන් සාමාජික සම්බන්ධතා ද අඩපණව ඇති අවස්ථාවක ඔවුන්ගේ මානසිකත්වය දැඩි පීඩනයකට ලක් වේ. පාසල් දිනය නිවසෙහි නැවත නිර්මාණය නොකළ යුතුය. ඔවුන්ට නිදහසේ, සැහැල්ලූවෙන්, සතුටින් තම දවස ගත කිරීමට ඉඩ ලබා දීම වැදගත් වේ. දෛනික කාල සටහනක් සැකසීමේදී වුවද දරුවන්ටම තීරණ ගැනීමට ඉඩ ලබා දිය යුතුය. ඔවුන් කැමති විෂයන්, ආහාර ලබා ගැනීම, විනෝද ක‍්‍රීඩාවල නිරත වීම ආදිය සම්බන්ධයෙන් ඔවුන්ට රුචි කාල වකවානු තෝරා ගැනීමට ඔවුන්ටම ඉඩ ලබා දිය යුතුය.

සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමට ඉඩ දීම

සමාජ දූරස්ථභාවය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය මෙම කාල වකවානුවේ දරුවන්ට තම පාසල් යහ`ඵ යෙහෙළියන් සමග නිරන්තර යහපත් සම්බන්ධතා පවත්වාගෙන යෑමට ඉඩදීම වැදගත් වේ. ඔවුන් පාසල් විවේකයේ දී තම යහ`ඵ යෙහෙළියන් සමග කතා කරන ආකාරයට නිවසේ ගත කරන විවේක කාලවලදී තම යහ`ඵ යෙහෙළියන් සමග සන්නිවේදනයේ යෙදීමට ඉඩ ලබා දීමෙන් ඔවුන්ට හුදෙකලාව නොදැනෙන අතර ආතතිය පහව යයි. මේ සදහා වර්තමානයේදී බොහෝ තාක්ෂණික විකල්ප අප සතුව පවතියි. දරුවන් තාක්ෂණය පරිහරණය කිරීමේදී දෙමව්පිය අවධානයෙන් යුක්තව භාවිත කිරීමට ඉඩ ලබා දීම අත්‍යවශ්‍ය වේ.

ක‍්‍රියාශීලී බව

දරුවෝ පාසලේදී පන්ති කාමරයට පමණක් කොටු නොවී ඇවිදිමින්, ක‍්‍රීඩා කරමින් කාලය ගත කරති. එම නිසා නිවසේ සිටින කාලයේ දී වුවද ඔවුන් සතුටට පත්වන ආකාරයේ ක‍්‍රියාකාරක්ම්වල නිරත කරවීම වැදගත් වේ. ඒ අනුව දරුවන්ට යම් කාලයක් නිවෙසින් බැහැරව අවට පරිසරයේ ගත කිරීමට ඉඩ ලබා දිය යුතුය. එහෙත් මහල් නිවාස සංකීර්ණවල හා ජනාකීර්ණ පෙදෙස්වල සිටින දරුවන්ට නිවෙසින් බාහිර කි‍්‍රයාකාරකම්වල නිරතවීමට හා පරිසරය වි`දීමට අවස්ථාව නොමැති වේ.

එහිදී ශාරීරික සුවතා ක‍්‍රියාකාරකම්, විනෝද ක‍්‍රීඩා ආදිය අන්තර්ජාලයෙන් සොයා ඒ අනුව දරුවන්ට සුදුසු ක‍්‍රියාකාරකම් සංවිධානය කර ගැනීම ද සිදු කළ හැකිය. බොහෝ දෙමව්පියෝ වර්තාමාන පාසල් කාල සටහන නිවසේ දී ද ඒ ආකාරයටම ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කරති. උදෑසනින් අවදි වීම, පැය හයක අධ්‍යාපනය, එක් විවේකයක් ආදී ලෙස පාසල් දිනය නිවසේ දී නැවත නිර්මාණය කරති. මෙය දරුවන් තුළ ආතතිය ඇති වීම කෙරෙහි බලපානු ලැබේ. මෙය කිසිසේත් සිදු නොකළ යුත්තකි. නිවස තුළ දරුවාගේ අධ්‍යාපනය ඔවුන්ගේ අවශ්‍යතා මත පදනම්ව සිදු කළ යුත්තකි.

ඉගෙනුම් පළ අවබෝධ කර ගැනීම

කොරෝනා වසංගතය හමුවේ කෙදිනකවත් නොසිතූ ලෙස අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමව්පියන්ට විශාල වගකීමක් දැරීමට සිදුව ඇත. ඒ අනුව විශේෂයෙන් ද්විතියික අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමව්පියන් තම දිනය තුළ යම් කාලයක් කැප කරමින් ඔවුන්ගේ විෂය මාලාව යම්තාක් දුරකට පරිශීලනය කොට ඔවුන්ට මග පෙන්විය හැකි නම් ඉතා අගනේය. ඕනෑම විෂය මාලාවක් අධ්‍යයනය කිරීමේදී ඉගෙනුම් පළ අවබෝධ කර ගැනීම වැදගත් වේ. මේ ස`දහා සෑම විෂයකටම අදාළ විෂය නිර්දේශ හා ගුරු මාර්ගෝපදේශ ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙන් (අඅඅගබසැගකන* ලබාගත හැකි වේ. එම ගුරු මාර්ගෝපදේශවල සෑම පාඩමක් හෝ නිපුණතා මට්ටමක් අවසානයේදී දරුවා සාක්ෂාත් කර ගත යුතු ඉගෙනුම් පළ ලබා දී ඇත. යම් පාඩමක් අවසානයේ දී දරුවන් අත්පත් කරගත යුතු ප‍්‍රතිඵල අවබෝධ කර ගැනීම, ඔවුන්ගේ සාර්ථකභාවය ඇගයීමට හා ඊළ`ග මාතෘකාව හෝ පාඩම ස`දහා ප‍්‍රවේශ වීමට ද වැදගත් වේ. මෙම ඉගෙනුම් පළ පිළිබ`දව දරුවන් දැනුවත් කිරීම ම`ගින් ඔවුන් ස්වයං තක්සේරුවට ද පෙළඹෙනු ඇත.

ක‍්‍රියාකාරකම්වල විවිධත්වයක් ඇති කිරීම

තම මිතුරන් නොදැක, සාමාජීය සබ`දතාවලින් ඈත් වී නිවෙස්වල සිර වී සිටීම දරුවන්ට ඉතා අසීරු වේ. එසේම එක් ස්ථානයකම වාඩි වී නිරතුරු පොත් පාඩම් කිරීම, මාර්ගගත (Online) පන්ති ආදිය නිසා ඔවුන්ට අධ්‍යාපනය එපා වීමට ද ඉඩ ඇත. ඉගෙනුම යනු ඉගැන්වීමේ ප‍්‍රතිඵලයක් නොව, විශේෂයෙන් සිසුවා සිදුකරනු ලබන ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵලයකි.

ඒ අනුව ක‍්‍රියාකාරකම්වල විවිධත්වයක් ඇති කිරීම ඔවුන්ගේ මනස නිරෝගීව පවත්වා ගෙන යෑමට උපකාරී වේ. මෙම ක‍්‍රියාකාරකම් ද ඔවුන්ගේ වයස හා රුචිකත්වය අනුව වෙනස් වේ. නිදසුන් ලෙස, ගීත ගායනය, ගීත ශ‍්‍රවණය, සංගීත භාණ්ඩ වාදනය, චිත‍්‍ර ඇ`දීම, විවිධ විනෝද කී‍්‍රඩා, භෝග වගාව, විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම, වාර්තා වැඩසටහන් සහ පින්තූර ගැලරි ආදිය නැරඹීම, අන්තර්ජාලය ඔස්සේ වැදගත් ස්ථානවලට සංචාරය කිරීම, ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්, නවකතා, කෙටිකතා කියවීම, චිත‍්‍රපට නැරඹීම ආදී විවිධ කි‍්‍රයාකාරකම් ස`දහා දරුවන්ට අවස්ථාව සලසා දිය යුතු අතර දෙමව්පියන් ද හැකි සෑම අවස්ථාවකම දරුවන් සමග එකතු වී මෙවැනි කි‍්‍රයාකාරකම්වල නිරත වන්නේ නම් එයින් දරුවන් ඉමහත් සතුටට පත්වනු ඇත.

දරුවන් කරනු ලබන සෑම යහපත් කි‍්‍රයාවක්ම පැසසුමට ලක් කිරීම, ඔවුන්ව වර්ණනා කිරීම දරුවන් තුළ ධනාත්මක ආකල්ප හා යහපත් බලාපොරොත්තු ඇති කිරීමට බොහෝ සේ ඉවහල් වේ.

කෙසේ වුවද පාසලේදී මෙන් නොව නිවසේදී යම් කාල සටහනකට අනුව දරුවන්ට අධ්‍යාපනය ලබා දීම ඉතා විශාල අභියෝගයකි. මව සහ පියා දෙදෙනාම රැුකියාවල නිරත වන්නේ නම් ඔවුන්ට ද මෙය පහසු කටයුත්තක් නොවනු ඇත. පවතින වසංගත තත්ත්වය හමුවේ දෙමව්පියන් තම දරුවන්ගේ හැකියාවන් හා නොහැකියාවන් තේරුම් ගෙන ඔවුන්ට සැර පරුෂ නොවී ඉතා නම්‍යශීලීව හා ඉවසීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. විශිෂ්ට අධ්‍යාපනඥයකු වන රොබට් ජෝන් මීහන්ට අනුව සෑම දරුවකුම සතුව වෙනස් ඉගෙනුම් ක‍්‍රම හා විලාසයන් පවතියි. එසේම සෑම දරුවකුම සුවිශේෂී වන අතර ඉගෙනීමේ හැකියාව පමණක් නොව සාර්ථක වීමේ හැකියාව ද ඇතx ඒ අනුව දරුවාගේ විශේෂ කුසලතා හා ඔහු යමක් ග‍්‍රහණය කරගන්නා ආකාරය අවබෝධ කරගෙන කටයුතු කිරීම අවශ්‍ය වේ.

දරුවන් සඳහා නිවසේදී අධ්‍යාපනය ලබා දීම සියයට සියයක් සාර්ථක නොවිය හැකිය. එහෙත් දවස තුළ යම් කෙටි කාලයක් හෝ දරුවන් ඉගෙනුමට යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. ඉතා වැදගත් වන්නේ දෙමව්පියන් දරුවන් සමග කාලය ගත කිරීමයි. වෙනදාට වඩා ඔවුන්ට සමීප වීම, ආදරය කිරීම, ඔවුන්ට ඇහුම්කන් දීම හා ඔවුන් සමග විනෝද වීම දරුවන්ට මහත් සතුටක් ගෙන දෙනු ඇත.

ඊ. එම්. තනුජා ජයතිලක
සහකාර කථිකාචාර්ය,
ජාතික අධ්‍යාපන ආයතනය,
මහරගම.

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top