ස්ටේෂම පාලුවෙලා

ස්ටේෂම හොඳටම පාළුවෙලා
කෝ මෙතන වෙනදට පිරිලා ඉන්න සෙනඟ
අදත් මම අාවෙ මෙතනට
මට මාළු පාන් එකක් අරගෙන එන
ඔයාව බලන්න….

මේ සීතල උහුලන්න අමාරුයි
එ්ත් මම සීතලට හුරුවෙලා දැන්
පාන්දරට එන තැපැල් දුම්රියත්
අද අාවෙ නැහැ වගේ….

මගේ තනියට ඉඳපු මගෙ බිරින්දැත්
කෝච්චියකටම යටවෙලා
මිය අැදුන දවසෙ නම්
මටත් හිතුනා කෝච්චියකටම යටවෙලා
මමත් මිය අැදෙනවා නම් හොඳයි කියලා….

මේ තරමටම ස්ටේෂම පාලුවෙලා තියෙන්නෙ
කෝරෝනද මොකද්ද කියලා
ලෙඩක් පැතිරෙනවලු මේ රටේ
අනේ මන් දන්නෙ නැහැ ඕවා නම්….

එ්ත් මට නම් හිතෙන්නෙ
දැන් ඉන්නෙ මිනිස්සු නෙමෙයි
මනුස්සකම් නැති නොමිනුසුන්
එ්කයි මේ දේවල් මෙහෙම වෙන්නෙ….
෴නිමාලි කරුණාරත්න෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top