කොහා හඬන අපේ සැණකෙළිය

බක් මාසයේ ආරම්භයත් සමග කොහෝ නදින් මුළු පරිසරයම ඝෝෂාකාරී වෙන විට අප කාගෙත් මතකයට නැගෙනුයේ සිංහල හා හිනිදු අලූත් අවුරුද්ද ළඟ ළඟම එන බවයි. වසර 2 කට අධික කාලයක් කොරෝනා වසංගතය මුළු ලෝකයම ගිලගෙන තිබූ සමයක සිංහල හා හින්දු අලූත් අවුරුද්ද පවුලට පමණක් සීමා විය. ඊට හේතුව රජය විසින් ජනයාගේ ආරක්ෂාව උදෙසා පණවන ලද යම් යම් නීති රෙගුලාසි හේතුවෙනි. නමුත් කොරෝනා වසංගතය යම්තාක් දුරට පහව යෑමත් සමග මෙදා සිංහල හා හිනිදු අලූත් අවුරුද්ද අප සැමට එක්ව සැමරීමට ඉඩ ප‍්‍රස්ථාව ලැබී ඇත.

අලූත් අවුරුද්ද යනුවෙන් අදහස් වන්නේ ගස්වල ඵල දරන, මල් පිපෙන වසන්තයේ ආරම්භය බවයි. වසන්තය ලැබීමේ පී‍්‍රතිය ශී‍්‍ර ලාංකීය ජනතාවට පමණක් සීමා වූ දෙයක් නොවේ. ජපානය, බුරුමය, තායිලන්තය, ලා ඕසය, ගී‍්‍රසිය, පෘතුගාලය, රොමේනියාව, ස්පාඤ්ඤය, ප‍්‍රංශය, ඉතාලිය සහ උතුරු ඉන්දියාව ද මෙම වසන්ත මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් සමරනු ලබයි. බෞද්ධ දින දර්ශනයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක‍්‍රමණය වීමේ දිනය සිංහලයන් නව වසර ආරම්භය ලෙස සමරනු ලබයි.
නමුත් හින්දු භක්තිකයන්ගේ මිත්‍යා මතවලට අනුව සාමයට අධිපති කුමරා ලෙස සැලකෙන ‘ඉන්ද්‍රදේව’ කුමාරයා පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම නව අවුරුදු උදාව ලෙස සලකනු ලබයි. අවුරුදු කුමරා සුදු පැහැති රථයක නැගී සිදු මල්වලින් සරසනු ලබන හත් රියනක් උස ඔටුන්නක් හිස පැළඳ පොළවට වඩියි. ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ෂණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට හින්දු භක්තිකයන් අතර විශ්වාසයක් පවතී. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාවය නොදන්නා මුත් මෙය මිථ්‍යා මතයක් බව මතකයේ තබාගත යුතුම කරුණකි.

වර්ෂ 1886 දී අංක 4 දරණ නිවාඩු පනතට අනුව අපේ‍්‍රල් 13 හා 14 දෙදින සිංහල හා හින්දු අලූත් අවුරුද්ද ලෙස නිත්‍යානුකූලව ස්ථාපිත කොට ඇත. ප‍්‍රථම වරට සිංහල හින්දු අලූත් අවුරුද්ද සමරා ඇත්තේ වර්ෂ 1986 අපේ‍්‍රල් මස 11 වන දිනය. සාමාන්‍යයෙන් අප සියලූ දෙනා දන්නා පොදු කරුණක් නම් අලූත් දිනයක් උදාවනු ලබන්නේ මධ්‍යම රාති‍්‍ර 12 ට බවයි. නමුත් සිංහල හා හින්දු අලූත් අවුරුද්ද උදාවනු ලබන්නේ නක්ෂත‍්‍රකරුවන් ලබාදෙන වේලාවටය. සිංහල හා හින්දු අලූත් අවුරුද්ද තුළ සිදුවන සියලූම විශේෂිත සිදුවීම් නක්ෂත‍්‍රකරුවන් විසින් දෙනු ලබන නැකැත් පත‍්‍රයට අනුව සිදුකිරීම පුරාණයේ පටන් සිදුවන චාරිත‍්‍රයකි.
නව වසරේ ආරම්භයත් සමග නැකතට ලිප ගිනිමොලවා කිරිබත්, අතිරස ආදී විවිධ රසකැවිලි සකසා සියලූම හිත් අමනාපකම් දුරුකර නෑදෑයන් අසල්වාසීන් හා තම හිතමිත‍්‍ර ආදීන් සමග යළිත් හිතවත්කම් වැඩිකර ගැනීමට කැවිලි පිඟාන ලබාදීම මගින් සිදුවේ. මෙම නව වසර උදාවේ මූලික පරමාර්ථය නම් සියලූ දෙනා සමග සතුටින් සාමයෙන් එක්ව සිටීමයි. අලූත් අවුරුද්දේ තවත් එක් වැදගත් විශේෂාංගයක් නම් අලූත් අවුරුදු උත්සව සංවිධානය කිරීමයි. තාරුණ්‍යයේ ජවය මනාව පිළිබිඹු වන අවස්ථාවක් ලෙස අවුරුදු උත්සව සඳහන් කළ හැකිය.

වසර ගණනාවක සිට පැවතගෙන එන පුරාණ චාරිත‍්‍ර වාරිත‍්‍රවලට අනුගතව විශේෂයෙන්ම සෞඛ්‍ය නීති රීතිවලට අනුගත වෙමින් ජාතීන් දෙකක් එක්ව සමරන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද එකට එක්වන අලූත් අවුරුද්දේ වටිනාකම් පසක් කරගෙන කි‍්‍රයාකිරීමෙන් අනාගත පරපුරට ද මෙම සංස්කෘතික මංගල්‍යය නොකැඞී උරුම කරදීම වර්තමාන අපගේ යුතුකමයි.

කැවුම් කොකිස් තාලෙට බැබලෙනවා
කොහො නදින් හැම සවන් පිරෙනවා
නව අවුරුදු අසිරිය ලොව සනසනවා
හැම සිත් සතුටෙන් ඉපිලෙනවා

මල්මි රාජපක්‍ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top