කොවිඞ් වසංගතයට ආයුර්වේද ප‍්‍රතිකාර… ආයුර්වේදයේ මතය අනුව ප‍්‍රතිශක්තිය යනු ශරීර ක්‍ෂමතාවයයි

භාරතීය වෛද්‍ය ග‍්‍රන්ථ විශාල සංඛ්‍යාවක උණ වසංගත රෝග ගැන සඳහන්ය. චරක සුශ‍්‍රැත වැනි ප‍්‍රධාන මූල ග‍්‍රන්ථයන්ට පසුකාලීනව ටිකා ග‍්‍රන්ථ ලියූ ආයුර්වේද වෙද පඬිවරුන් ද රාශියක් සිටී. වෛරසය වේවා ජීවානු වේවා බොහෝ රෝග රාශියකදී උණ හැදීම, ශරීරයේ තාපය වැඩි වීම ප‍්‍රධාන රෝග ලක්‍ෂණයක් වේ. සියලූ රෝග ආයුර්වේදයට අනුව සහ ආගන්තුක වශයෙන් කොටස් දෙකකට බෙදේ. නිජරෝගවලදී සිදුවන්නේ සිරුරේ දෝෂ කෝපවී ශරීරයේ ස්වාස්ථය බිඳ වැටී රෝගී වීමය. ආගන්තුක රෝග වශයෙන්ද බොහෝ රෝග ඇති වන අතර රෝගය පැතිරීම හා හානිය සැලකීමේදී විෂාණු (වෛරස* ප‍්‍රමුඛ තැනක් ගනී. රෝග හේතු අධ්‍යනයේදී කාල, අර්ත කර්ම, හීන, මිථ්‍යා, අති වශයෙන් යෙදීමෙන් ශරීරගත රස, රක්ත මාංශ ආදී ධාතු දූෂිත වීමෙන් සිරුර රෝගී වේ. ආගන්තුක රෝග යනු බැහැරින් පැමිණ මිනිසාට බෝවන රෝගයි. වසංගත ආකාරයෙන් ඇති වූ සාස්, මර්ස්, චිකුන් ගුන්යා, ඩෙංගු මෙවැනි විෂාණු ජනිත රෝග කීපයකි.

අප සැබැවින්ම කොවිඞ් වසංගතයට බියවිය යුතුද?

භාරතීය වෛi ඉතිහාසයේ වසර 3500 කට පෙර සිට වෛද්‍ය සෘෂිවරයෙක්වූ (මුනි* චරක සංහිතා ග‍්‍රන්ථය ජනපද විශාල වශයෙන් විනාශවන වසංගත රෝග ගැන සඳහන් කර ඇත. මෙවන් රෝග ඇති වීමට හේතුවන්නේ, එය ජනතාවගේ නොසැලකිලිමත්කම හා නොදැනුවත්කමය. මෙය සෘතු කාල පරිණාම, ප‍්‍රඥා අපරාධ, අසාත්සම ඉන්ද්‍රියාර්ථ සංයෝග ලෙස දක්වා ඇත. රටක් කොතරම් ආර්ථික ප‍්‍රබල තත්ත්වයක සිටියත් එම හේතු කාරණා තුනෙන්ම බොහෝ රටවල් දූෂිත වීම නිසා රෝග ඇති වීම වැළැක්විය නොහැක. (උදා: වර්තමාන කොවිඞ්, ඒඞ්ස්* එසේම කාල, අර්ථ, කර්ම යන මේවා හීන, මිථ්‍යා අති වශයෙන් යෙදීම ද රෝගී වීමට හේතුවක් බැව් සෘෂිවරු දක්වා ඇත.

ආයුර්වේද විඥානය දත් මුණිවරුන් යනු කවුරුන්ද?

ඔවුහු රජස්, තමස් යන දුර්ගුණයෙන් තොරවූ සත්ත්ව ගුණයෙන් යුක්තවූ, ඥාන, සීල, ගුණ පිරුණු අතීතය, වර්තමානය, අනාගතය ස්වකීය ඥානයෙන් දැකිය හැකි පුද්ගලයන් බැව් ආයුර්වේදයේ සඳහන් වේ. වර්තමානයේ මෙම වසංගතය දෙවනවරටත් මතුවීම ගැන ජනතාව බොහෝදුරටත් ආරක්‍ෂාවිය යුතුය. බටහිර වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් විසින් මේ ගැන විශාල ලෙස ජනතාව දැනුවත් කර ඇත. එසේම මනාව සැලසුම් කරමින් රෝග ස්වභාවය සහ රෝගී ස්වභාවය අධ්‍යයනය කරමින්ද අන්‍ය සියලූම සෞඛ්‍ය සේවා අංශයන්, සෞඛ්‍ය ඇමැතිනි, ජනාධිතිතුමා, අගමැතිතුමා, හමුදාපතිතුමා ප‍්‍රමුඛ කාර්යමණ්ඩල විශේෂඥ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල මාධ්‍ය උපක‍්‍රමද උපයෝගී කරගනිමින් විශාල කැපවීමකින් ජනතාව රැුකගැනීමට සහ සුව කිරීමට ප‍්‍රබල කි‍්‍රයාන්විතයක යෙදී සිටී. මෙහිදී මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ සේවය ද නොම ද සහාය ද අගය කළ යුතුය.

ආයුර්වේදයේ රෝග විඥාන විධි සහ චිකිත්සා විධි වෛiවරයා කොතරම් බෙහෙත් යෝග දැන සිටියත් රෝග නිධාන විධි සහ රෝගී තත්ත්වයන් හඳුනාගැනීමේදී දුර්වල අයකු වුවහොත් එම ප‍්‍රතිකාර විධි අසාර්ථක වන බව සෘෂි මතයයි. දක්‍ෂ චිකිත්සකයෙක් වීමට නම් රෝග හඳුනාගැනීම පිළිබඳ සාමාන්‍ය ඥානයත්, විශේෂ ඥානයත් තිබිය යුතුය. මෙහිලා පෙර ආචාර්යවරු පහත සඳහන් රෝග පරීක්‍ෂා දක්වා ඇත. ති‍්‍රවිධ පරීක්‍ෂාව, ශඞ්විධ පරීක්‍ෂාව, අෂ්ටවිධ පරීක්‍ෂාව, දශවිධ පරීක්‍ෂාව මෙම ක‍්‍රමවලදී එදා හැම රෝගයක්ම හඳුනාගැනීමේ ශක්තිය ඔවුනට තිබුණි. එදා මුනිවරු පවසා ඇත්තේ රෝගයක් නමකින්ම හැඳින්විය යුතු නොවේ. දෝෂ කෝපය හැඳින දොස් සමනය කිරීමට හැකියාව වෛiවරුන්ට තිබිය යුතුයි. මේ දශවිධ පරීක්‍ෂාව චරකමත විසින් එනම්, 1. දෝෂතත්ත්වය, 2. දූෂ්‍යතාවය, 3. රෝග බලය, 4. කාලය, 5. රෝගී ප‍්‍රකෘතිය, 6. අග්නි බලය, 7. වයස, 8. සිහිය 9. සාත්ම (හිත අහිතදේ* 10. අවස්ථාව යන මෙම කරුණුය. මෙම කරුණු මනාව හැදෑරීමෙන් රෝගීන් සුවපත් කිරීමේ ප‍්‍රවණතාවය වැඩිවේ.

කොවිඞ් රෝගයේ ලක්‍ෂණ වන්නේ උණ, නාසාමාර්ගය හිරවීම, හිසරදය, වියළි කැස්ස, ශ්වසනාළ අවරෝධ වීම, සහ විෂාණුව පෙනහලූ දක්වා පැතිර ගියහොත් පෙනහලූ ආසාදනය වී රෝගය උත්සන්න වීමයි. මුල් අවස්ථාවේම රෝගය හඳුනාගෙන නිසි උපචාර පැවැත්වීමෙන් පෙනහලූ ආසාදනය නොවී නියුමෝනියා තත්ත්වයට පත්වීම වැළැක්විය හැකිය. ආයුර්වේද මත අනුව නියුමෝනියා යනු ශ්වසනක ප්වරයයි. මෙය පෙර සෘෂිවරුන් වාත කපොල්බන සන්නිපාතයක් බව ප‍්‍රකාශ කර ඇත. සන්නිපාත උණ පිළිබඳ ආචාර්යමත කීපයක්ම ඇති අතර මෙය කර්කටක සන්නිපාතය නමින් එක් ආචාර්යවරයෙක් හඳුන්වයි. කර්කටක යනු කකුළුවාට නමකි. නියුමෝනියාවේදී ශ්වසනය ඉතා දුෂ්කර නිසා පෙනහලූ උස්පාත් වීමේ ස්වභාවය අනුව ශ්වාසනය කිරීම කකුළුවකුගේ ස්වභාවය ගන්නා බව එම ආචාර්ය මතයයි. ශරීරය බෙදාවෙන් කිරීමෙන් හෘදයෙන් ඉහළ කපස්ථාන ලෙසද හෘදය සහ නාභිය අතර පිහිටි ඉන්ද්‍රයන්

පිතතස්ථාන ලෙසද, නාභියෙන් පහළ ශරීරාංග වාතස්ථාන ලෙසද දක්වා තිබේ. ඉන්ද්‍රිය වශයෙන් සැලකීමේදී මස්තිෂ්කය කපාල කෝඨර, නාසා කුහර, උගුර ප‍්‍රධාන ශ්වසනාළ, උරස සහ පෙනහලූ හෘදයද ආශ‍්‍රිතව මීට අයත්ය. කොවිඞ් වර්ග සහ ආසාදනය එම ඉන්ද්‍රියන් විශේෂයෙන් පීඩාවට පත් කරන නිසා කඵකෝපයට ප‍්‍රධානත්වය දී ප‍්‍රතිකාර සැලසුම් කළ යුතුය. ස්වස්ථ වෘත නිරෝගීතාවය රැුකගැනීමේ ඇවැතුම් පැවැතුම්ද ආයුර්වේද පුළුල් විෂයකි. එක්ව හිඳීම, සිරුරු ස්පර්ශවීම, ප‍්‍රාස්වස වායු, (කිවිසුම් යාම සහ කෙළ බිඳිති විසිරීම* එකට ආහාර ගැනීම එක්ව හිඳීම, ඇඳුම් පැළඳුම් පොදුවේ පාවිච්චි කිරීමෙන් රෝග බෝවන බව සඳහන්ය. කොවිඞ් රෝගයේදී මුව ආවරණ පැළඳීම, කිවිසුම් යෑමේදී සැලකිලිමත් වීම, දෑත් පිරිසිදුව තබා ගැනීම, එක්තරා දුර ප‍්‍රමාණයකින් සිටීම, මෙම කරුණු පිළිපැදීමෙන් බොහෝදුරට රෝග බෝවීම වළක්වා ගත හැක. කොවිඞ් රෝගයේදී දෝෂ කෝපය සහ ධාතු දූෂණය සිදුවන්නේ විෂාණුවේ කි‍්‍රයාකාරිත්වය අනුවයි. මුල්වර වැළඳුන රෝගයේදී විෂාණුව ප‍්‍රබල නොවන බවත්, දෙවනුව මතුවූ විෂාණු වඩාත් ප‍්‍රබල බවත් බටහිර මතයයි. වෛරස සහ ප‍්‍රතිශක්තිකරණය මෙම රෝගයේදී වැඩියෙන් භාවිත වන වදන් දෙකකි. ආයුර්වේදයේ මතය අනුව ප‍්‍රතිශක්තිය යනු ශරීර ක්‍ෂමතාවයයි. ස්වස්ථවෘත හරියාකාරව පිළිපදින අයගේ ක්‍ෂමතාවය වැඩිය. ඒ නිසා බොහෝ රෝගයන්ට ඔරොත්තු දී නීරෝගීව සිටීමේ හැකියාව ඇත. ක්‍ෂමතාවය අඩුවීම යනු ප‍්‍රතිශක්ති පද්ධතිය බිඳ වැටීමයි. ඒ අනුව සිරුරේ දෝෂ කෝපය සහ ධාතු දූෂණය සිදුවේ. එයින් රෝගයන් බිහිවේ. කොවිඞ් ප‍්‍රතිකාරයේදී දශවිධ පරීක්‍ෂා අනුව රෝගී තත්ත්වයන් මනාව විශ්ලේෂණය කරමින් ප‍්‍රතිකාර කළ යුතුවේ.

රෝගියාට දෙනු ලබන ආහාර ඖෂධ වේ නම් ඒවා දිරවා ගැනීම සහ අග්නිය රැුකෙන සේ දිය යුතුය. මෙම ආහාර පාන සඳහා දියර ආහාර, සුප්වර්ග, මාංශ වර්ග, පලතුරු වර්ග, යුෂ වර්ග දිය හැකිය. මනා ජඨරාගනිය ඇති රෝගියෙකුට අප ගන්නා පරිදි පෝෂණීය ආහාර ලබාදිය හැක. ජවර ප‍්‍රතිකාරයේ දී ලංසන යන වචනය සෘෂිවරු දක්වා ඇත. මින් අදහස් කරන්නේ මෙතෙක් කල කී දේ හා රැුකියා කටයුතුද පුරුදු ආහාර පාන වලින් වැළකී වෙන්ව විවේකීව සිටීම සහ රෝග තත්ත්වය අනුව සහ අග්නි බලය අනුව ආහාර පාන ගැනීමත්ය. මෙසේ පැවැතීමෙන් ක්‍ෂමතාවය හෙවත් ප‍්‍රතිශක්තිකරණය වර්ධනය වේ. මෙම රෝගය කඵස්ථාන ප‍්‍රමුඛව වැළඳෙන කඵ ප‍්‍රබල සන්නිපාතයක් නිසා ඒ සඳහා එම දෝෂ නසන ප‍්‍රතිකාර නියමිතය. කඵස්ථාන දෝෂයන් ජය ගැනීමට මෙම ක‍්‍රමය අනුගමනය කළ යුතුය. එසේ නොවුණහොත් රෝගය උත්සන්න වී කර්කටක සන්නිපාතය බවට පත්වී පෙනහලූ කි‍්‍රයාකාරිත්වය අඩුවීමෙන් අම්ලකර සපිරි ප‍්‍රාණ වායුව අකර්මණ්‍යවී හෘද මාංශය පෝෂණය නොවීම නිසා අසාද්‍ය තත්ත්වයට පත්විය හැකිය.

මුල් අවස්ථාවේ යෙදිය යුතු ඖෂධ

ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි පේයාව, ඉඟුරු කොත්තමල්ලි, වෙනිවැල්ගැට පේයාව, ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි, වෙනිවැල්ගැට, එළබටුමුල්, කටුවැල්බඩු පේයාව, ඉඟුරු කොත්තමල්ලි,

වෙනිවැල්ගැට, එළබටුමුල්, කටුවැල්බටු, වැල්මී පේයාව, පංචකොළ පේයාව, ඌඨිව ජත‍්‍රැග රෝගවලදී සෙව්දකර්ම හෙවත් දහ ගැන්වීම ඉතා වැදගත්ය. උණුදිය සෙව්දය (උණුවතුර දුම් ඇල්ලීම) ඉඟුරු කොත්තමල්ලි වාෂ්පය ඇල්ලීම, දෙහි, දොඩම්, නාරං, යකිනාරං, නික, පාවට්ටා කොළ තැම්බූ හුමාලය ඇල්ලීම මින් නාසාවරෝධය වැළකී ස්වසන පහසුව ඇති වේ.

තෙල් වර්ග :

යම දේවරාජ තෛල්‍ය, බටු තෙල, කෝලශ්ලේෂ්මා තෙල, සර්ව විෂාදිය මෙම තෙල් බිඳක් නාසා කුහරවල ගැල්වීම, එම තෙලේම බින්දු කීපයක් රාත‍්‍රි නින්දට පෙර සහ උදේට උගුරේ තවරා උණු පැන් බීම, ඉන් ශ්වාසනාළිකා අවරෝධය වැළකේ.

දලූ අනුපාන භාවිතය –
මුල් අවස්ථාවේම රෝගය උපුටා දැමීමට දලූ අනුපාන දිය හැක. මාතා බෘහති අනුපානය, කුවේර ලසුන අනුපානය, හිඟුරුපට අනුපානය, කුප්පමේණිය දලූ අනුපාන භාවිත කළ හැක.

වෛද්‍යාචාර්ය කාය වෛද්‍ය විශේෂඥ
ආර්. ඒ. ඞී. පී. සෙනෙවිරත්න

සංස්කරණය..උපාලි ද සේරම්
දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top