එදා පත්තරෙන්… සුළෙඟ් සැලෙන ඉටි පහනක් සේ එළිය දුන් ඩයනා තවත් නැත

බි‍්‍රතාන්‍යයේ ඩයනා කුමරිය හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වී පෙරේදා (31) ට වසර 24 ක් සම්පූර්ණ විය. ලොව පුරා අතිශයින්ම ප‍්‍රසාදයට පාත‍්‍රව සිටි සුරූපී ඩයනා කුමරිය ඩොඩි අල්ෆයිඞ් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී උමං මාර්ගයකදී වූ අනතුරකින් මියගියේ ඔහු ද සමගිනි.

ඩයනා කුමරියගේ ආරක්‍ෂක නිලධාරියා මෙම අනතුරින් දිවි ගලවා ගත් එකම පුද්ගලයා විය.

චාල්ස් කුමරු සමග විවාහ වී සිටි ඩයනා පසුව වෙනත් පෙමක පැටලීම ලොව මහත්සේ ආන්දෝලනයකට තුඩු දුන්නකි.

ඩයනා ප‍්‍රැන්සස් රුත් ස්පෙන්සර් නමින් උපත ලදුව බි‍්‍රතාන්‍ය රාජ්‍යයේ කිරුළ හිමි කුමරුගේ මව වූද ඇගේ ජීවිත ගමන අතිශයින් ඛේදනීය වුණේය.

රජ පවුලේ මානවවාදී කුමරිය ලෙස ප‍්‍රසාදයට පාත‍්‍ර වූ ඇය මත්ද්‍රව්‍ය උවදුර මැඞීම, ඒඞ්ස් රෝගීන්ට පිළිසරණ වීම, පුද්ගල නාශක බිම් බෝම්බ ඉවත් කිරීම වැනි මහා කාර්යන්ට දායක වෙමින් පෙන්වූ ආදර්ශයන් ද අපරිමිතය. නිල්වන් ඇස් ඇත්තී හෙවත් ඩයනාගේ විලාසිතා පැතිර ගියේ ඇගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩය ඇතුළු විවිධ මෝස්තර ද ලොව පුරා ප‍්‍රචලිත වෙමිනි. ඇගේ අභාවය පිළිබඳව අප ‘දිවයින’ පළ කළ මුල් පිටු කිහිපයකි මේ.

බි‍්‍රතාන්‍ය කිරුළේ මැණික අහිමි වේ. ඩයනා පෙම්වතා සමග ගිය රිය පසුපස පැන්නූ ඡුායාරූප ශිල්පීන් 7 දෙනා අත්අඩංගුවට, ‘පැපරාසින් ඇය ලූහුබැන්දා’ මල් මැද තනිවී ජනයා වැළපෙති, නිල්වන් ඇස් ඇති ගැහැනිය ආදී සිරස්තල එහි වූවේය. ඩයනාගේ අවමඟුල සිදුවූ දින එම මාධ්‍ය ආවරණය අප ‘දිවයිනට’ එදා ලන්ඩනයේ සිට ලියනු ලැබුවේ සුජීව නිවුන්හැල්ල මාධ්‍යවේදියා විසිනි. බි‍්‍රතාන්‍ය රාජකීය දේවස්ථානය තුළ තැන්පත් කර ඇති ඩයනා කුමරියගේ දේහය සහිත දෙනට ගෞරව දැක්වීමට ලක්‍ෂ ගණන් මහජනයා බකිංහැම් මාළිගාවෙන් තවමත් අවසර නැති අතර ඔව්හු මල් පොකුරු සහ මල් වඩම් රැුගෙන පැමිණ එහි ගේට්ටුව අසල තබා කඳුළු වගුරවමින් සිටිති මැයෙන් සුජීව ලියූ එක් වාර්තාවක මුල් ෙඡ්දය වූයේය.

නාරද

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top