ලංකා ගුවන්විදුලියේ ඉතිහාසය

ලංකා ගුවන්විදුලියේ ඉතිහාසය
ලංකා ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කිරීමේදී අප විසින් අවධානය යොමුකළ යුතු කරුණු ගණනාවක් වේ. ගුවන්විදුලි මාධ්යය බිහිවීමත්, ඊට බලපෑ සාධකත්, අද දක්වා ගුවන්විදුලිය යන්න මාධ්යයක් ලෙස විකාශය වූ ආකාරයත්, මෙම කරුණු ඔස්සේ,
1. ලංකා ගුවන්විදුලිය යනු යුරෝපානු යටත් විජිතයක ප්රථමයෙන් ආරම්භ කළ යුරෝපානු ගුවන්විදුලි සේවාවයි.
2. පළමු ලෝක යුද්ධයෙන් පසු යුරෝපය පුරා ගුවන්විදුලිය නැමති මාධ්යය ජනප්රිය වූ අතර යුරෝපානු සමාජයේ ඇතිවූ මෙම ප්රවනතාව යටත්විජිත රාජ්යයන් වල සේවය කළ විදේශිකයන් උදෙසා ද පැතිරීම හේතු කොට ගෙන ලංකා ගුවන්විදුලිය යන්න බිහිවිය.
ආසියානු, අප්රිකානු සහ දකුණු ඇමෙරිකානු රටවල් අතුරින් ඉපැරණිම ගුවන්විදුලි සේවාවක් ලෙස ලංකා ගුවන්විදුලිය හඳුනාගත හැකිවේ. ලොව ප්රථම සන්නිවේදනාත්මක ගුවන්විදුලි සේවාව වූයේ BBC ගුවන්විදුලි නාලිකාවයි. මෙම ගුවන්විදුලි නාලිකාව ඇරඹී, වසර 2 කට පසු එනම්, 1924 වන විට ලංකා ගුවන්විදුලිය ඇරඹීම.
3. උන්නතිකාමින්ගේ දැඩි කම්පා වීමේ ප්රතිඵලයක් ලෙස ලංකා ගුවන්විදුලිය ඇරඹීම, ඒ ඒ කාලයන්ගේ පැවති සමාජ, ආර්ථික, දේශපාලනික සාධක පදනම්ව අද දක්වා ලංකා ගුවන්විදුලිය ඇරඹීම.
පළමු ලෝක යුද්ධයෙන් පසු, පළමු ලෝක යුද්ධයේදී සන්නිවේදන මෙවලමක් ලෙස මාර්කෝනි උපකරණය භාවිතා කිරීම නිසා යුද්ධයෙන් පසු යුරෝපානු ප්රජාව තුළ ගුවන්විදුලි මාධ්යය පිළිබඳ සමාජ කතිකාවක් ඇති විණි. මෙම ගුවන්විදුලිය පිළිබඳ උනන්දුව මව් රාජ්යයන්ගෙන් පිටත පැවති අධිරාජ්යවාදී රටවල් වල සේවය කළ විදේශීය සිවිල් නිළධාරීන් වෙත ද ගලා ගියේය. ලංකා ගුවන්විදුලිය ඇරඹෙන්නේ මෙවැනි පදනමක් තුළය.
එවකට ප්රධාන විදුලි සංදේශ ඉංජිනේරුවරයා වූ එඩ්වඩ් හාපර් මහතා ගුවන්විදුලිය පිළිබඳ පළවූ අත්දැකීම් ලාංකිකයන්හට හඳුන්වා දුනි. එහි ප්රතිඵලයක් ලෙස ගුවන්විදුලි මාධ්යය කවරක්දැයි ලාංකිකයා ප්රථමයෙන් හඳුනා ගැණිනි. පළමු ලෝක යුද්ධයේදී මුහුදේ අතරමංවූ ජර්මන් සබ්මැරීනයකින් ගලවාගත් ¼ kw ට්රාන්ස්මීටරයක් උපයෝගී කොට ගෙන විදුලි සංදේශන ගොඩනැගිල්ලේ කුඩා කාමරයක් තුළ ගුවන්විදුලි විකාශනාගාරයක් හාපර් මහතා පවත්වා ගෙන යන ලදි.
ග්රැමපෝන් තැටියකින් ලබාගත් සංගීතය මයික්රොපෝනයක් ඔස්සේ ට්රාන්ස්මීටරයට ලබාදී ¼ kw දුරකට තම ගුවන්විදුලිය විකාශන කටයුතු විකාශනය කිරීමට හාපර් මහතා සමත් විය.
හාපර් මහතාට අමතරව එකල සිටි වෙනත් ඉංග්රීසි නිළධාරීන් ද ස්වදේශික නිළධාරින් ද ගුවන්විදුලිය පිළිබඳ වෙන වෙනම පුද්ගලික මට්ටමේ පරීක්ෂණ පැවැත්වූහ. එහිදී ඔවුන් සිදුකළ පරීක්ෂණ වඩාත් සංවිධානාත්මකව සිදුකිරීම සඳහා 1922 නොවැම්බර් 24 දින ආධුනික ගුවන්විදුලි සමාජය පිහිටුවීය. එනම් ගුවන්විදුලිය පිළිබඳ උන්නතිකාමීන් එකතු වී මෙම ආධුනික ගුවන්විදුලි සමාජය හරහා ඔවුන් ගුවන්විදුලිය පිළිබඳ පරීක්ෂණ වඩාත් සංවිධානාත්මක ආකාරයෙන් පැවැත්වූහ.
1924 පෙබරවාරි මාසයේ ආධුනික ගුවන්විදුලි සමාජය තරුණ ක්රිස්තියානි සංගම් ගොඩනැගිල්ලේ සන්ධ්යා දේව මෙහෙයෙන් පසුව පැවැති බටහිර සංගීත ප්රසංගය ඉතා සාර්ථකව ගුවන්විදුලිය ඔස්සේ ප්රචාරය කළහ. එයින් පසු ආධුනික ගුවන්විදුලි සමාජයේ තීරණය වූයේ ලංකාවේ ගුවන්විදුලි මාධ්යය පිළිබඳ තමන් ලද සාර්ථකත්වය මත මෙම මාධ්යය ජනතාවට හඳුන්වා දිය යුතු බවයි. ඒ අනුව ආධුනික ගුවන්විදුලි සමාජය 1924 පෙබරවාරි මාසය වන විට ගුවන්විදුලිය ඇරඹීමට රජයේ අවසරය ඉල්ලා සිටියහ. එහෙත් රජය ආධුනික ගුවන්විදුලි සමාජයේ මෙම ඉල්ලීමට එකඟ නොවූ අතර ඔවුන් එකල තැපැල්පතිවරයාව සිටි එම්.එස්. ශ්රේෂ්ඨා මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුවක් පත්කළේය. මෙම කමිටුව විසින් ලංකාවේ ගුවන්විදුලිය සම්බන්ධව මතු දැක්වෙන කරුණු කෙරෙහි තම අවධානය යොමු කරන ලදි.
1. ලංකාවේ ගුවන්විදුලියක් ආරම්භ කළයුතුද?
2. එලෙස ආරම්භ කරයි නම් එය රජය මුල්වී ආරම්භ කරනවාද? එහෙත් නැතිනම් පුද්ගලික අංශය මුල්වී ආරම්භ කරනවාද?
3. පුද්ගලික අංශය මුල්වී ආරම්භ කරයි නම් රජය බලපත්ර කීයක් නිකුත් කරනවාද?
4. ගුවන්විදුලිය පාලනය කරන්නේ කව්ද?
මෙම කරුණු පිළිබඳ සොයා බැලූ තැපැල්පතිවරයාගෙන් සැදුම්ලත් කමිටුව මතු දැක්වෙන නිර්දේශ රජයට ඉදිරිපත් කළේය.
1. වහා ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ කළයුතු වූ අතර වාර්ෂිකව රජය ඒ සඳහා කිසියම් පිරිවැයක් දැරිය යුතුය.
2. රජය මුල්වී ගුවන්විදුලිය ආරම්භ කළයුතු අතර ගුවන්විදුලිය ඔස්සේ රජයේ නිල නිවේදන, වේලාව දැක්වීම, ප්රවෘත්ති ආදිය විකාශනය කළයුතුය.
3. තැපැල්පතිවරයාගෙන් යුත් කමිටුවක්, ගුවන්විදුලිය පාලනයට පත් කළයුතු අතර මෙම කමිටුවේ සෙසු සාමාජිකත්වය ලෙස පොලිස්පතිවරයාගේ, පුවත්පත් සංගමේ, වෙළඳ සංගමේ, විදුලි ඉංජිනේරු සංගමේ, ආධුනික ගුවන්විදුලි සංගමේ නියෝජිතයෙක් පත් කළයුතුය.
1924 ජුනි මස 27 වන දින එවකට ආණ්ඩුකාරයා වූ සර් විලියම් හෙන්රි ආණ්ඩුකාරවරයා එවකට පැවති ලංකා ඉංජිනේරු සංගමය අලලා කරන ලද කථාව ගුවන්විදුලිය ඔස්සේ ප්රචාරය කරන ලදි. මේනිසා ලංකා ගුවන්විදුලිය මෙදින ආරම්භ වූවා යැයි පිළිගැනේ. එයට හේතුව ලංකාවේ ප්රධාන පුරවැසියා ආණ්ඩුකාරතුමා වීමයි. නමුත් මෙම මතය ඩී.එම්. කොළඹරේ මහතා විසින් ලියන ලද කොළඹින් කථා කරමි නැමති ග්රන්ථයේ සඳහන් වූ අතර 66 වසරක් ගුවන්විදුලිය නමින් ගුවන්විදුලි ඉතිහාසය පිළිබඳ පර්යේෂණ ග්රන්ථයක් රචනා කරන ආචාර්ය නන්දන කරුණානායක සඳහන් කරන්නේ ලංකා ගුවන්විදුලිය 1925 දෙසැම්බර් 16 දින ආරම්භ කළ බවයි.
ලංකාවේ ගුවන්විදුලිය ආරම්භ කළ මුල් කාලයේ සතියට දෙවරක් එනම් බ්රහස්පතින්දා සහ ඉරුදින ලංකා ගුවන්විදුලිය ඔස්සේ වැඩසටහන් විකාශනය විය. එහිදී වේලාව දැක්වීම, කාලගුණ නිවේදන, වෙළඳ තොරතුරු වැනි දෑ ගුවන්විදුලිය ඔස්සේ ප්රචාරය විණ. කෙසේ නමුත් 1924 ජූලි මස 03 වන දින 11-12 ග්රැමපෝන් වැඩසටහනක් විකාශනය කරන ලදි. 1925 වන විට ගුවන්විදුලිය සම්බන්ධව බලපත්ර 57 ක් පමණ අලෙවි වී තිබුණ අතර එයින් අපට ගම්ය වන්නේ ගුවන්විදුලිය ආරම්භ වූ මුල් කාලයේ සිටම එය ජනතාව අතර ජනප්රිය වූ බවයි.
කෙසේ නමුත් එඩ්වඩ් හාපර් මහතා 1924-1925 අයවැය වර්ෂය වෙනුවෙන් ලංකා ගුවන්විදුලියට වෙන්කළ රු. 9,000/- ක මුදල එංගලන්තයට රැගෙන ගොස් 1 kw ක

ට්රාන්ස්මීටර් උපකරණයකුත් වෙනත් විදුලි ආම්පන්නත් මිලදී ගෙන එය කොළඹ වැලිකඩ ප්රදේශයේ නව ගුවන්විදුලි විකාශනාගාරයක් ආරම්භ කරන ලදි. මෙම නව ගුවන්විදුලියේ විකාශනාගාරය 1925 දෙසැම්බර් 16 වන දින එවකට ආණ්ඩුකාරවරයා වූ සර් හියුම් ක්ලිපර්ඩ් විසින් විවෘත කරන ලදි. මෙය ලංකාවේ ගුවන්විදුලියේ ආරම්භයයි.
1926 දී කොළඹ පිහිටි යුනිවර්සිටි කොලීජියේ නව ගුවන්විදුලි ප්රසංග මැදිරියක් ආරම්භ කළ අතර 1926 නොවැම්බර් මාසයේදී ගුවන්විදුලි මාධ්ය සටහන් ඇතුළත් පත්රිකා නිකුත් කරන ලදි. 1927 දී විදුලි සංදේශ කාර්යාලයේ සවිකොට තිබූ ගුවන්විදුලි මැදිරියත් කොළඹ යුනිවර්සිටි කොලීජියේ පවත්වාගෙන ගිය ප්රසංග මැදිරියත්, කොළඹ ටොරින්ටන් භූමියේ පැවති පැරණි මානසික රෝහල් ගොඩනැඟිලි පරිශ්රය වෙත ගෙන යන ලදි. එහිදී වඩාත් ඉඩකඩ සහිතව ගුවන්විදුලිය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබුණි.
ලංකා ගුවන්විදුලිය ආරම්භ වීමට ප්රබල දායකත්වයක් ආධුනික ගුවන්විදුලි සමාජය හඳුන්වා දුනි. මෙම ආධුනික ගුවන්විදුලි සමාජය 1928 දී ලංකා ගුවන්විදුලිය ශ්රවණය කළ ද දකුණු ඉන්දියානු ශ්රාවකයින් ද සාමාජිකයන් කරගනිමින් ලංකා-දකුණු ඉන්දියානු ගුවන්විදුලි සමාගම නමින් තම නාමය වෙනස් කරන ලදි.
ලංකා ගුවන්විදුලිය 1928 දී එවකට ජනප්රිය ධර්මදේශක හිමිනමක් වූ පැලෑනේ
වරිරඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ජනවාරි මාසයේ විකාශනය කෙරිණි. එයින් නොනැවතුණු ලංකා ගුවන්විදුලිය මඟින් සතර පෝයටම ධර්ම දේශනා විකාශනය කෙරිණ. මෙය ස්වදේශිකයන්ට නැවුම් අත්දැකීමක් ගෙනදුන් අතර ධර්මදේශනා ශ්රවණය කිරීම උදෙසා බොහෝ ලාංකිකයෝ ගුවන්විදුලි යන්ත්ර මිලදී ගැනීමට පෙළඹුණ අතර මෙම නව මාධ්යය ස්වදේශිකයන් අතර ජනප්රිය වීමට මෙය ප්රබල හේතුවක් විය.
1920-1930 යනු ලංකා ගුවන්විදුලියේ ආරම්භක දශකයයි. මෙම දශකය තුළ සිදුවූ වැදගත්ම සිදුවීම ගුවන්විදුලිය ඇරඹීමත් මෙසේ ඇරඹී ගුවන්විදුලිය තාක්ෂණික දියුණුව සඳහා වැඩි අවධානයක් යොමු කිරීමයි.
1930-1940 යනු ලංකා ගුවන්විදුලියේ තාක්ෂණය මෙන්ම වැඩසටහන් ද එකසේ වර්ධනය වූ යුගය ලෙස හඳුනා ගැනේ. මේනිසා 1930 දශකයේදී ලංකා ගුවන්විදුලියේ මාධ්යයක් ලෙස වර්ධනය වූ දශකය ලෙස හඳුනා ගැණින. එසේම මෙම දශකයේ සිදුවූ බොහෝ සිදුවීම් තුළින් මෙම මාධ්යය ස්වදේශිකයන් අතර ජනප්රිය වූ අතර ස්වදේශිකයන් ලංකා ගුවන්විදුලියේ තම ආධිපත්යය ව්යාප්ත කරන ලද්දේ ද එනම් ස්වදේශිකයන්ගේ ආගමනය සිදුවූයේ ද මෙම අවධියේය.
1930 පෙබරවාරි මාසයේ කොළඹ පිහිටි කාර්මික විද්යාලයේ ගුවන්විදුලිය පිළිබඳව පෙබරවාරි මස 9-10 යන දෙදින තුළ ආධුනික ගුවන්විදුලි සමාජය, ප්රදර්ශනයක් සංවිධානය කරන ලදි. මෙම ප්රදර්ශනය එකල සිටි 4000 ක් පමණ දෙනා නැරඹූ අතර සාමාන්ය ජනතාවට මෙම ප්රදර්ශනයෙන් ගුවන්විදුලි මාධ්යය පිළිබඳ න්යායාත්මක ප්රායෝගික අවබෝධයක් ලැබුණු අතර ගුවන්විදුලිය ජනප්රිය වීමට මෙය හේතු විය.
ලංකා ගුවන්විදුලිය සම්බන්ධයෙන් 1931 දී තවත් වැදගත් සිදුවීමක් සිදුවිය. ඒ බ්රිතාන්ය අධිරාජ්යවාදී ගුවන්විදුලි විකාශනය ලංකාවේ විකාශන කටයුතු ඇරඹීමයි. මෙම අධිරාජ්යවාදී ගුවන්විදුලි විකාශනය පවත්වාගෙන යාම වෙනුවෙන් බ්රිතාන්යය විශාල මුදලක් ලංකා ගුවන්විදුලියට ගෙවූ අතර එම මුදල් පසුකාලීනව ගුවන්විදුලි මාධ්යය සංවර්ධනයට දායක කරගන්නා ලදි. එසේම මෙම අධිරාජ්යවාදී විකාශනය නිසා බොහෝ පිරිස් උසස් තත්ත්වයේ වැඩසටහන් ශ්රවණය කිරීමේ හැකියාවක් උදාකරගත් අතර එහි ප්රතිඵලයක් ලෙස දේශිය ශ්රාවකයාගේ ගුවන්විදුලිය පිළිබඳ විඥානය දියුණු විය.
ලංකා ගුවන්විදුලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී ගුවන්විදුලියේ ආරම්භක දශකය තුළ ගුවන්විදුලිය වැඩි අවධානයක් යොමුවූයේ තාක්ෂණික අංශය සඳහා පමණි. එමනිසා මුල් කාලයේ ගුවන්විදුලියේ සිටි තාක්ෂණික ශිල්පීන් ඉංජිනේරුවරුන්, නිවේදකයන්, වැඩසටහන් නිෂ්පාදකයන් බවට පත්වින. බොහෝ පිරිස් තම ස්ව කැමැත්තෙන්ම ගුවන්විදුලිය හා සම්බන්ධ වූ අතර තම දායකත්වය

නොමිලේ ලබාදෙන ලදි. එමනිසා මුල් කාලයේ ගුවන්විදුලිය හා සම්බන්ධ බොහෝ සේවකයින් ස්වේච්ඡාවෙන් ගුවන්විදුලිය හා සම්බන්ධ වූ අතර මේ සඳහා ඔවුනට බීර බෝතල් දෙකක් නොමිලේ ලබාදෙන ලදි. එයින් පසුව මෙය මුල්ය අර්බුද නිසා වීදුරු දෙකකට සීමා කරන ලදි.
මෙවැනි තත්ත්වයක් තුළින් අපට හඳුනාගත හැකි වන්නේ මුල් කාලයේ ලංකා ගුවන්විදුලිය සුළු පිරිසකගේ දැඩි උවමනාව මත පවත්වා ගෙන ගිය බවයි. කෙසේ නමුත් 1930 මැද භාගය වන විට ගුවන්විදුලිය තාක්ෂණික අංශයට සාපේක්ෂව වැඩසටහන් අංශය නොදියුණුවීම නිසා වැඩසටහන් වෙනුවෙන් වෙනමම අධ්යක්ෂකවරයෙක් පත් කළේය. ඒ ෂර්ලි ඩා ද සිල්වා මහතායි. BBC ගුවන්විදුලියේ අත්දැකීම් ඇති මෙම මහතාගේ පත්වීම 1937 වසරේ සිදුවිය. මොහු වඩාත් ප්රකට වූයේ පුවත්පත් කලාවේදියෙකු වශයෙනි. කෙසේ නමුත් ෂර්ලි ඩා ද සිල්වා මහතාගේ එක්වීමත් සමඟ ගුවන්විදුලිය දෙයංශයකට බෙදුණි. ඒ කාර්මික අංශය සහ වැඩසටහන් අංශය යනුවෙනි.
මුල් කාලයේ ලංකා ගුවන්විදුලිය තුළ ඉංග්රීසි වැඩසටහන් වලට සාපේක්ෂව දමිල සහ සිංහල වැඩසටහන් විකාශනය පැවතියේ අවම මට්ටමකිනි. එයට ප්රබලතම හේතුවක් වූයේ සිංහල නිවේදක නිවේදිකාවන් නොමැති වීමයි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස ප්රථම සිංහල නිවේදකයා ලෙස ඩී.එම්. කොළඹගේ මහතා 1938 පත්කරගන්නා ලදි. ඉන්පසු පිළිවෙළින් 1943 දී තේමිස් ගුරුගේ මහතා ගුවන්විදුලියට එක්වූ අතර, ඉන්පසුව කරුණාරත්න අබේසේකර, ඩී.එම්. ගුණපාල,
සරත් විමලවීර වැනි පිරිස් ගුවන්විදුලිය හා සම්බන්ධ වින.
මෙලෙස ලාංකිකයන් ගුවන්විදුලිය හා සම්බන්ධ වීමේදී සිංහල වැඩසටහන් ලංකා ගුවන්විදුලිය ඔස්සේ වැඩිපුර ඇසීමට හැකිවූ අතර ස්වදේශික අනන්යතාවයට ලංකා ගුවන්විදුලියේ සනිටුහන් කිරීමට මොවුන් විශාල පරිශ්රමයක් දරන ලදි.
මෙම සිංහල නිවේදක නිවේදිකාවන්ට අමතරව එකල ඉංග්රීසි භාෂාවෙන් ගුවන්විදුලියේ සේවය කළ ආර්.ආර්. ඇන්ඩර්සන්, ටී.වී. ක්රෙට්සර්, ඊ.ජී. රැන්කීන් වැනි මහතුන්ද විනයාගමූර්ති, එස්. සිවපාද සුන්දරම්, එස්. නටරාජා යන ඉංග්රීසි හා දමිල නිවේදකයන් ද ගුවන්විදුලියේ ජනප්රියතාවය උදෙසා විශාල සේවාවක් කරන ලදි.
1940-1950 දශකය යනු ලංකා ගුවන්විදුලියේ තවත් එක් සුවිශේෂි යුගයකි. එනම් මෙම යුගයේදී ලංකා ගුවන්විදුලියේ ස්ථීර ගොඩනැගිල්ලක ආයතනයක් ලෙස ස්ථාපිත වින. එලෙසම දෙවැනි ලෝක යුද්ධය වැනි ප්රබල සමාජ සාධක හමුවේ උන්නතිකාමීන්ගේ දැඩි කැපවීම මත ලංකා ගුවන්විදුලිය පවත්වා ගෙන යන ලදි. රජය වාර්ෂිකව ලංකා ගුවන්විදුලියට මුදල් වැය කළද, රජය අපේක්ෂිත තරම් ප්රතිඵලයක් ලංකාවේ ගුවන්විදුලියෙන් නොලැබුණු බව රජය නිගමනය කිරීම නිසා 1943 දී එවකට කීර්තිමත් සිවිල් පරිපාලන නිළධාරියෙක් වූ සර් කන්දයියා වෛද්යනාදන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කරන ලදි. මෙම කමිටුව ලංකා ගුවන්විදුලිය පිළිබඳව කරුණු සොයා බැලූ අතර එම කරුණු සොයා බලා මතු දැක්වෙන නිර්දේශ රජයට ඉදිරිපත් කර සිටියහ.
01. ලංකා ගුවන්විදුලියට රජය වාර්ෂිකව ලබාදෙන මුදල් ප්රමාණය වැඩි කළයුතුය.
02. ගුවන්විදුලිය හුදු විනෝදාස්වාදක මාධ්යය පමණක්ම නොව එය අධ්යාපන මෙවලමක් ලෙස ද සංවර්ධනය කළයුතු බව.
03. ගුවන්විදුලිය තුළින් නිරන්තරයෙන් තොරතුරු ප්රවෘත්ති විකාශනය කළයුතු වීම.
04. දැනට පවත්නා ඉංග්රීසි ගුවන් කාලයට සාපේක්ෂව සිංහල/දමිල භාෂා ගුවන් කාලය ද වැඩි කළයුතු වීම.
05. ගුවන්විදුලිය සාමාන්ය ජනතාව තුළ ජනප්රිය කරලීමේ අරමුණින් ජනතාව රැස්වන ප්රසිද්ධ ස්ථාන වල ගුවන්විදුලිය ඇසෙන ලෙස විකාශනය කිරීම.
දෙවන ලෝක යුද්ධය නිසා සමස්ථ යුරෝපය උග්ර ආර්ථික අර්බුදයකට මුහුණදුන් අතර මේ තත්ත්වය නිසා මව් රාජ්යයන් යටත් විජිත වල බොහෝ මුදල් වියදම් කපා හරින ලදි. මේනිසා ලංකා ගුවන්විදුලියේ ද වෛද්යනාදන් වාර්තාවේ බොහෝ නිර්දේශ ක්රියාත්මක නොවුන නමුත් අළුත් සම්ප්රේශණාගාරයක් ඉඳිකිරීම, ගුවන් විකාශන කාලය දීර්ඝ කිරීම, සජීවී වැඩසටහන් වල ප්රමාණාත්මක සහ ගුණාත්මක ස්වරූපය වෙනස් කිරීම, ජන ගී එක්රැස් කොට පටිගත කිරීම, ඒවා සංරක්ෂණය කිරීම, ගුවන්විදුලිය උදෙසා කෙටි තරංග හඳුන්වා දීම මෙම කමිටු නිර්දේශ තුළින් ක්රියාත්මක වින.
1939 සිට 1945 තුළ සිදුවූ දෙවන ලෝක යුද්ධය ලංකා ගුවන්විදුලියට එක්කල බොහෝ දෑ වේ. ජපනුන් කොළඹට බෝම්බ දැමීමත් සමඟ ලංකාවට දෙවන ලෝක යුද්ධයේ උණුසුම දැණින. 1941 දී අධිරාජ්යවාදී සෙබළුන් ලංකාවට ගොඩබට අතර ඔවුන්ගේ නවාතැන් භූමිය වූයේ ටොරින්ටන් චතුරස්රයයි. ටොරින්ටන් චතුරස්රයේ සිට මේ හේතුව නිසා ලංකා ගුවන්විදුලිය බොරැල්ලේ කොටා පාරේ පිහිටි බවර් ගොඩනැගිල්ලට ගෙනයන ලදි. විකාශන මැදිරි දෙකකුත් ඉතා අඩු පහසුකම් මැද්දේ වුවද නිළධාරීන්ගේ ඇති දැඩි වුවමනාව නිසා ලංකා ගුවන්විදුලිය යුද්ධය අවසන් වන තුරුම බවර් ගොඩනැගිල්ලේ අඩු පහසුකම් මධ්යයේ වුවද පවත්වා ගෙන යන ලදි.
මෙලෙස අධිරාජ්යවාදී සෙබළුන් ලංකාවට පැමිණීමත් සමඟ ඔවුනගේ විනෝදාස්වාදක සන්නිවේදන මෙවලම බවට ගුවන්විදුලිය පත්වින. මේනිසා අධිරාජ්යවාදී සෙබළුන් වෙනුවෙන් ලංකා ගුවන්විදුලිය විකාශනයේ වැඩසටහන් ආකෘතියේ වැඩසටහන් අන්තර්ගතයේ විශාල වෙනස්කම් සිදු කෙරිණ.
ලෝක යුද්ධයට සම්බන්ධිත සෙබළුන්ට විනෝදය සැපයීමට එකල ජනප්රිය ග්රැමපෝන් තැටි සමාගමක් වූ “කොලොම්බියා මාස්ටර් වොයිස්” නොමිලේ ග්රැමපෝන් තැටි ලංකා ගුවන්විදුලියට ලබාදෙන ලදි. මෙම ගුවන්විදුලි තැටි නිසා ලාංකික ගුවන්විදුලිය සතුව ලොව කිසිම රටක දැකිය නොහැකි ආකාරයේ සංගීත තැටි ගබඩාවක්/තැටි එකතුවක් අද ද දක්නට ලැබේ.
ගුවන්විදුලිය අධිරාජ්යවාදී සෙබළුන්ගේ වැඩසටහන් සකස් කිරීමේදී වෙනමම වැඩසටහන් නිෂ්පාදකයන් මෙරටට BBC ගුවන්විදුලියෙන් පැමිණි අතර ඔවුන් විසින් ලංකා ගුවන්විදුලි සේවකයින් හට නව න්යායාත්මක හා ප්රායෝගික අවබෝධයක් ලබාදෙන ලදි. එලෙසම ප්රවෘත්ති සහ පුවත් සජීවී වැඩසටහන් මෙම කාලයේ ලංකා ගුවන්විදුලිය ඔස්සේ බහුලව ප්රචාරය වින. විටින් විට දෙවන ලෝක යුද්ධයේ යුද තතු ගුවන්විදුලිය ඔස්සේ ප්රචාරය වීම නිසා බොහෝ ජනතාව ගුවන්විදුලි යන්ත්ර මිලදී ගැනීමට පෙළඹින.
ලෝක යුද්ධයේදී ගුවන්විදුලිය විකාශන කාලය ද සතියේ දින වල රාත්රී 10.00 සිට 10.30 දක්වා ද 10.00 සිට 11.00 දක්වා ද සති අන්තය ගුවන්විදුලිය 11.00 සිට 11.30 දක්වා විකාශනය දීර්ඝ කරන ලදි. දෙවන ලෝක යුද්ධයේදී යුද්ධයට සම්බන්ධ අධිරාජ්ය සෙබළුන්ට එනම් අග්නිදිග ආසියාවේ සහ මධ්යම අප්රිකාවේ සේවය කළ යුධ සෙබළුන්හට බ්රිතාන්ය රජය මඟින් රේඩියෝ සියැට් නමින් ගුවන්විදුලියක් පවත්වාගෙන යන ලදි. මේ සඳහා වැලිසර ප්රදේශයේ අක්කර 75 ක භූමි භාගයක් භාවිතා කළ අතර 100 කට අධික නිළධාරීන් පිරිසක් එහි සේවය කළේය. එලෙසම එහි 100 kw සම්ප්රේශණ යන්ත්රයක් ද විකාශන කටයුතු සඳහා භාවිතා කෙරින. 1945 දී දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ තවදුරටත් රේඩියෝ සියැට් පවත්වාගෙන යාම ප්රතිඵල රහිත කාර්යයක් බව තීරණය කෙරිණ. 1948 අප්රේල් මාසයේදී නැවත මෙම ගුවන් විදුලිය රජයට ලබාගැනීමට
එකඟතාවයක් ඇතිවූ අතර 1949 මාර්තු 01 වන දින මෙය නිල වශයෙන් රජයට පවරා ගන්නා ලදි.
යුද්ධය අවසන් වීමත් සමඟ ටොරින්ටන් භූමියෙන් යුධ සෙබළුන් ඉවත්වූ අතර ගුවන්විදුලිය උදෙසා රජය මැදිරි 12 කින් යුත් නව ගුවන්විදුලි සංකීර්ණයක් ඉඳිකරන ලදි. මෙම ඉඳිකිරීමත් සමඟ ලංකා ගුවන්විදුලියට ස්ථීර ගොඩනැඟිලි සංකීර්ණයක් ලැබුණු අතර වර්තමානයේ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පවත්වා ගෙනයනු ලබන්නේ මෙම පරිශ්රයේ සිටය. කොටා පාරෙන් නැවත 1949 ඔක්තෝබර් 05 වන දින ලංකා ගුවන්විදුලිය ටොරින්ටන් භූමියට පැමිණි අතර රේඩියෝ සියැට් ගුවන්විදුලි සම්ප්රේශණ මැදිරි ද නිළධාරින් ද ලංකා ගුවන්විදුලියට එකතු වී ලංකා ගුවන්විදුලි සේවය නමින් වෙනමම රාජ්ය දෙපාර්තමේන්තුවක් පිහිටුවන ලදි. එහි ප්රථම අධ්යක්ෂකවරයා වූයේ පෝන් ලැප්සන් මහතායි. ඔහුගේ තනතුර ගුවන්විදුලි අධ්යක්ෂක ජනරාල් ලෙස හැඳින්වින. මෙතෙක් කල් ලංකා ගුවන්විදුලිය පාලනය වූයේ තැපැල්පතිවරයා යටතේය. මේත් සමඟ ලංකා ගුවන්විදුලිය ස්වාධීන ආයතනයක් බවට ස්ථාපිත වින.
1950 දී ලංකාවට ද්විත්ව විකාශන ක්රමය එනම්, මධ්යම සහ කෙටි තරංග යන ක්රම දෙක විකාශනය සඳහා හඳුන්වා දෙන ලදි. මෙහිදී ස්වදේශීය වැඩසටහන් කෙටි තරංග සහ මධ්යම තරංග යන දෙයංශීය වැඩසටහන් විකාශනය කරන ලදි. 1950 දී

ලංකා ගුවන්විදුලිය උදෙසා දක්නට ලැබෙන විශේෂ සාධක ලෙස දේශීය ගුවන්විදුලි අනන්යතාවය හඳුනාගත හැකිය. එනම් 1950-1960 දශකය තුළ ලංකා ගුවන්විදුලිය මුළුමනින්ම වාගේ ස්වදේශිකරණයකට ලක් විය.
බොහෝ ස්වදේශික උගත්තු ද 1950 දශකයේදී ලංකා ගුවන්විදුලිය හා සම්බන්ධ වූ අතර 1948 නිදහසෙන් පසු 1956 සිදුවූ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ බලපෑමත් මෙම දශකයේදී ලංකා ගුවන්විදුලිය තුළින් දක්නට ලැබිණ. 1950 දශකයේ සිදුවූ සමාජ, ආර්ථික ප්රබෝධය ලංකා ගුවන්විදුලිය තුළින් ද දැකිය හැකි නමුත් බොහෝ ස්වදේශීය උගත්තු තම සාහිත්ය ලොව උදෙසා එම නිර්මාණ උදෙසා මාධ්යයක් ලෙස ගුවන්විදුලිය භාවිතා කරන ලදි.
එකල ස්වදේශික උගතුන් ද එදිරිවීර සරත්චන්ද්ර, ගුණපාල මලලසේකර, මාර්ටින් වික්රමසිංහ, සෙනරත් පරණවිතාන වැනි උගතුන් ගුවන්විදුලිය හරහා මෙරට කලාවේ, සාහිත්යයේ ප්රබෝධයක් ඇති කරන ලදි. එම කාලයේ ගුවන්විදුලියේ විකාශනය වූ මෛත්රී චින්තා, ගුවන්විදුලි යෞවන සමාජය, මාසික රැඟුම, ඔබ දන්නේද, ගුවන්විදුලි රඟමඩල මෙකල ජනප්රිය ගුවන්විදුලි වැඩසටහන් විය.
1950 දශකයේ දැකිය හැකි තවත් එක් ලක්ෂණයක් වන්නේ බොහෝ ගුවන්විදුලි වානිජ පරමාර්ථයන් උදෙසා කටයුතු කිරීමයි. ගුවන්විදුලිය පවත්වා ගෙන යාමට මුදල් අවශ්ය බැවින් 1951 දී ශ්රී ලංකා ගුවන්විදුලිය, වෙළඳ සේවය ආරම්භ කළේය. අරඹා නොබෝ කලකින්ම මෙය ඉන්දියාව, පකිස්ථානය දක්වා ප්රචාරය වූ අතර මෙය වඩාත් ලාභ උපයන ගුවන්විදුලි සේවාවක් විය.
1951 මාර්තු මාසයේදී වෙළඳ සේවය, ප්රථම සිංහල සේවාදායක වැඩසටහන වූ
ආධුනික පැය ගුවන්ගත කෙරිණ.
1955 එන්.ඊ. වීරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් ගුවන්විදුලිය සම්බන්ධව සොයා බැලීමට පත්කළ අතර, මෙම කමිටුව පත්කරන ලද්දේ ගුවන්විදුලිය දැඩිව රජයට පක්ෂග්රාහී ලෙස කටයුතු කිරීම යන චෝදනාව එල්ලවූ නිසාය. කෙසේ නමුත් එන්.ඊ. වීරසූරිය කමිටු වාර්ථාවේ පෙන්වා දුන්නේ ගුවන්විදුලිය සම්බන්ධව රජය මැදිහත් වීම අවම මට්ටමක පවත්වාගෙන යායුතු බවත් ගුවන්විදුලිය ස්වාධීන ආයතනයක් ලෙස පවත්වාගෙන යාම ඉතාම වැදගත් බවත්ය. එලෙසම 1956 දී ගුවන්විදුලිය සම්බන්ධව ශ්රවණ පර්යේෂණ ආයතනයක් පැවැත්වූ අතර, 1959 දී වෙනමම ප්රවෘත්ති අංශයක් ස්ථාපිත කර ප්රවෘත්ති අධ්යක්ෂවරයෙක් ගුවන්විදුලියට පත් කළේය.
1960-1970 යනු ගුවන්විදුලියේ ස්වර්ණමය යුගයක් එනම් සන්නිවේදන මෙවලමක් ලෙස උපරිම තලයට 1960 දශකය වන විට ලංකා ගුවන්විදුලිය පත්වූයේය.
1960 දශකයේදී මහනුවර ප්රදේශයේ ප්රාදේශිය ගුවන්විදුලිය ආරම්භ කිරීමටත් 1962 දී FM තරංග හඳුන්වා දීමටත් උත්සාහ කළ ද ඒවා අසාර්ථක විණි. කෙසේ නමුත් 1965 දී නැවතත් ගුවන්විදුලිය පිළිබඳ සොයා බැලීමට හර්බට් හුලුගල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කළ අතර එම කමිටුව නිර්දේශ කර සිටියේ ලංකා ගුවන්විදුලිය ස්වාධීන ගුවන්විදුලියක් වීමට නම් නවසීලන්ත නිදහස් ගුවන්විදුලි සේවය මෙය සංස්ථාවක් බවට පත්විය යුතු බවයි.
මේ අනුව 1966 නොවැම්බර් මස 15 වන දින 1966 අංක 37 දරණ ලංකා
ගුවන්විදුලි සංස්ථා ආඥා පනත පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදි. ඒ අනුව 1967 ජනවාරි 05 වන දින මෙතෙක් කල් ලංකා ගුවන්විදුලි රාජ්ය දෙපාර්තමේන්තුවක් ලෙස පැවතීම අතහැර එය ස්වාධීන සංස්ථාවක් බවට පත්විය. එනම් මෙදින සිට ලංකා ගුවන්විදුලි සංස්ථාව ලෙස හඳුන්වන ලදි. එහි සභාපති සහ අධ්යක්ෂක ජනරාල් වූයේ නෙවිල් ඩී. ජයවීර මහතායි.
1967 පාසැල් දරුවන් වෙනුවෙන් පවත්වාගෙන ගිය ගුවන්විදුලිය වෙනමම අධ්යාපන සේවාවක් වශයෙන් ස්ථාපිත වූ අතර 1969 ජුනි මස 20 වන දින සිදුවූ සඳමත තරණය සජීවී ආකාරයෙන් ලාංකික ගුවන්විදුලිය මඟින් විකාශනය විය. මෙය ලාංකිකයන්ට නැවුම් අත්දැකීමක් විය.
1970-1980 දශකය යනු ගුවන්විදුලි මාධ්යය විවිධ දේශපාලනික, සමාජ අර්බුදයකට මුහුණ දුන් දශකයක් ලෙස හඳුනාගත හැකි වේ. එලෙසම රටේ සංවර්ධනය සඳහා සක්රීය වශයෙන් ගුවන්විදුලියේ දායකත්වය මෙම වසරේදී ගුවන්විදුලිය සම්බන්ධයෙන් ලබාගන්නා ලදි.
1970 දී බලයට පත් සමඟි පෙරමුණු රජය තමන් සංවර්ධනය සඳහා ආරම්භ කළ මහා සංග්රාමික කටයුතු සඳහා ගුවන්විදුලියේ දායකත්වය ලබා ගැණින. මෙලෙස සංවර්ධන කටයුතු සඳහා ගුවන්විදුලියේ දායකත්වය යොදා ගැනුන ද බොහෝ දෙනෙකුගේ අදහස වූයේ ලංකා ගුවන්විදුලිය රාජ්ය ව්යුහය තුළ දැඩි ලෙස මෙකල
හිරවී ඇති බවයි.
ගුවන්විදුලි සේවාවන් තවදුරටත් මධ්යගත කිරීමේ (ව්යාප්ත කිරිමේ) අරමුණින් ප්රාදේශීය ගුවන්විදුලි සේවාවක් 1978 දී ඇරඹීය. ඒ රජරට සේවයයි. 1979 දී රුහුණු සේවය ආරම්භ කළ අතර 1980 දී මහවැලි ප්රජා ගුවන්විදුලිය ඇරඹීම සිදුවිය. ඉන්පසු පිළිවෙළින් 1983 දී කඳුරට සේවය, කොත්මලේ ප්රජා ගුවන්විදුලිය, පුලතිසි රාවය, වයඹ හඬ, ඌව ප්රජා ගුවන්විදුලිය ඇරඹිණි.
1980 දශකය යනු ලංකා ගුවන්විදුලියේ, ඉතා අඳුරු දශකයක් ලෙස බොහෝ විචාරකයෝ හඳුන්වති. එයට හේතුව මෙම දශකයේ සිදුවු දේශපාලනික, සාමාජීය විවිධ හේතු සාධක පදනම් කොට ගෙන ගුවන්විදුලිය පරිහානියට ලක්වීමයි.
1982 දී ජාතික ගුවන් රූපවාහිනී සේවය ඇරඹීමත් සමඟ රූපවාහිනී මාධ්යයේ ප්රබල අභියෝගයක් ගුවන්විදුලි සේවාවට එල්ල වින.
1983 දී සිදුවූ කළු ජූලියත්, 1988-1989 තරුණ නැගිටීම් සමඟ සමාජයේ සිදුවූ බොහෝ පරිවර්ථනයන් ගුවන්විදුලියට ද බලපෑම් එල්ල කෙරිණ. එකල බලයේ සිටි රජය සමාජයෙන් එල්ලවූ රාජ්ය විරෝධී ජනමතය පාලනය කිරීම උදෙසා ගුවන්විදුලිය භාවිතා කළේය. මේනිසා රජයේ හොරණෑවක් බවට ගුවන්විදුලිය පත්වූ අතර බොහෝ දේශීය ශ්රාවකයින් මේ හේතු සාධකය පදනම් කොට ගෙන ගුවන්විදුලියෙන් ඈත් විණ.

1988-89 කාලයේ පැවති රාජ්ය භීෂණය සමඟ බොහෝ ගුවන්විදුලි මාධ්යවේදීන්, පැහැර ගැනීම්, දඬුවම් දීම්, ඝාතනය කිරීම් සිදුවිණ. එලෙසම ත්රස්තවාදී ක්රියා හේතුකොට ගෙන රුහුණු සේවය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ විය.
1980 අවසන් භාගය වන විට ජාතික ගුවන්විදුලිය පොදු ශ්රාවකයා තුළින් ඈත් විය. මේ හේතුව නිසා තවදුරටත් ගුවන්විදුලිය පවත්වා ගෙන යෑම අර්බුදයකට ලක් විණ. එහි අවසාන ප්රතිඵලය ලෙස ජනතාව තුළ සරල විනෝදාස්වාදය උදෙසා සිටි FM (City FM) නමින් FM ගුවන්විදුලි සේවාවක් රාජ්ය ගුවන් විදුලියේ ඇරඹිණි. සරල බස්වහර, විනෝදාස්වාදය මුල්කරගත් වැඩසටහන් මේ තුළ අන්තර්ගත වීම නිසා අරඹා නොබෝ කලකින්ම මෙම සේවාව ජනප්රිය විණ. ඒත් සමඟ මෙතෙක් කල් ගුවන්විදුලියෙන් ඈත්ව සිටි දේශීය ශ්රාවකයා ජාතික ගුවන්විදුලිය හා නැවතත් සම්බන්ධ විණ.
1990-2000 දශකය යනු ගුවන්විදුලියේ ආයතනික වැඩසටහන්, ආකෘතික ව්යුහය සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය වූ දශකයකි. මෙම වෙනසට මුල පිරුවේ වසර 66 ක කාලයක් රාජ්ය අධිකාරිත්වයේ පැවති ලංකා ගුවන්විදුලිය උදෙසා ප්රථමයෙන් පුද්ගලික අංශයට ද බලපත්ර පැවරීමයි. ඒ අනුව ප්රථම පුද්ගලික ගුවන්විදුලි නාලිකාව ලෙස සිරස FM ගුවන්විදුලිය ලංකාවේ ආරම්භ විණ.
අද වන විට ලංකාවේ භාෂා ත්රිත්වයෙන් ම ගුවන්විදුලි නාලිකා 37 ක් ක්රියාත්මක වේ. මෙම ගුවන්විදුලි නාලිකා ලාංකික ගුවන්විදුලියේ හැඩය, අන්තර්ගතය, ආකෘතිය වෙනස් කෙරිණ.
පුද්ගලික ගුවන්විදුලි නාලිකා පැමිණීමත් සමඟ මෙතෙක් කල් ගුවන්විදුලි සේවාවන් විකාශනය වූ කාලය වෙනුවට පැය 24 ක් පුරාවට තම විකාශන කටයුතු පවත්වාගෙන ගියේය. සරල බස්වහර ගුවන්විදුලියට හඳුන්වා දුන් අතර එලෙසම සරල බස්වහරට අමතරව දුරකථනය ඔස්සේ ශ්රාවකයාත්, නිවේදකයාත් අතර ඇති සීමාව අවම කර ගැණින. මේ හේතුව නිසා නැවත දේශීය ශ්රාවකයා තුළ ලංකා ගුවන්විදුලිය ජනප්රිය වූ අතර එයින් ගොඩනැඟුණු සමාජ අර්බුද ද බොහෝ විය.
2004 වසරෙන් පසු අපගේ ගුවන්විදුලි සේවා බහුතරයක් අන්තර්ජාලය හා සම්බන්ධිත වූ අතර වර්තමානයේ අන්තර්ජාලය ඔස්සේ අවකාශය ජයගනිමින් තමන්ගේ සන්නිවේදන කටයුතු ලාංකික සමාජයේ බොහෝ ගුවන්විදුලි සේවා පවත්වාගෙන යයි. එලෙසම ජාතික මට්ටමේ ගුවන්විදුලි නාලිකා, ප්රාදේශීය ගුවන්විදුලි නාලිකා මෙන්ව “විදුල” වැනි මහජන සේවා ද හඳුනා ගත හැකිය.

බාහිර උපාධිය කැළණිය
මුහුණු පොත බිත්තියෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top