ෆෝන් වර්ග 43කට නොවැම්බර් ඉඳන් වට්ස්ඇප් නැහැ

ජංගම දුරකතන වර්ග 43ක් සඳහා නොවැම්බර් මාසයේ සිට පහසුකම් ලබා නොදීමට වට්ස්ඇප් සමාගම තීරණය කර තිබේ. මේ පිළිබඳව නිවේදනය කරමින් වට්ස්ඇප් සමාගම පවසා තිබුණේ මේ දුරකතන වර්ග භාවිත කරන පුද්ගලයන් නොවැම්බර් 1වැනිදාට පෙර තම වට්ස්ඇප් ගිණුම්වල අතිරේක ලිපිගොනු ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

 

එම ජංගම දුරකතන වර්ග අතර ඇපල් අයි‌ෆෝන් SE, 6S සහ 6S PLUS වර්ගද ඇතුළත්ය.

මීට අමතරව සැම්සුන් සන්නාමය යටතේ නිපදවා ඇති ජංගම දුරකථන වර්ග කිහිපයක් සහ එල්ජී සන්නාමය යටතේ නිපදවා ඇති දුරකතන වර්ග කිහිපයක් ද මේ අතරට එක්ව තිබේ. හුඑවායි, ලෙනවෝ, ඇල්කටෙල් ඇතුළු තවත් සන්නාම කිහිපයකම දුරකතන වර්ග 43ක් සඳහා නොවැම්බර් සිට වට්ස්ඇප් භාවිත කිරීමේ පහසුකම නොලැබී යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top