ප්‍රවීන නර්තන ආචාර්ය කුලසිරි බුදවත්තයන් දැයෙන් සමුගනී

ප්‍රවීන නර්තන ආචාර්ය කුලසිරි බුදවත්තයන් දැයෙන් සමුගනී.


1950 මැයි මස 6 වන දින උපත ලබා ඇති ඒ මහතා මියයන විට 71 වන වියේ පසුවිය.කලක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් සදහන් කර සිටියේය.
කුලසිරි බුදවත්ත මහතා එක් පුතෙකුගේ පියකු වන අතර රංගන රන්සිලු බුදවත්ත නම් ඔහුද නර්තනයේ මෙන්ම බෙරවාදනයේ දස්කම් දක්වන්නෙකි.
උඩර‍ට, පහතරට නර්තන නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥ දැනුමක් ලබා සිටි කුලසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට සුවිසල් මෙහෙවරක් ඉටුකළ අයෙකි.
ඔහු ‘බුදවත්ත රංගායතනය’ නමින් රංගායතනයක් ද පවත්වාගෙන ගිය අතර නර්තන ‍ක්ෂේත්‍රයට ‍තවත් ශිල්පීන් රැසක් බිහිකළ ගුරුවරයෙක් ද විය. ඔහුගේ බිරිඳ වන නේමාලි බුදවත්ත මහත්මිය ද නර්තන ආචාර්යවරියකි.
මේ වන විට ඒ මහතාගේ දේහය පී.සී.ආර්. පරික්ෂණය සඳහා රැගෙන ගොස් ඇති අතර අවසන් කටයුතු පිළිබද ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

සුමේධා සඳරුවනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top