නුවරඑළිය සංචාරක සංවර්ධන කලාපයේ වැඩ අද (19) ඇරඹේ.

නුවරඑළිය සංචාරක සංවර්ධන කලාපයේ වැඩ අද (19) ඇරඹේ.  ගිනිගත්හේන නගර අලංකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් මෙම සංචාරක කලාපය නිර්මාණය කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.

නුවරඑළියේ සිට කිතුල්ගල, මහනුවර, බදුල්ල කේන්ද්‍රකරගත් සංචාරක කලාපයක් ගොඩනැගීමත් නුවරඑළියේ සිට නානුඔයට කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමත් මෙහි දී අපේක්ෂිත ය.

කිතුල්ගල සිට නුවරඑළිය දක්වාත්, නුවරඑළියේ සිට මහනුවර දක්වාත්, නුවරඑළියේ සිට බදුල්ල දක්වාත් විශේෂ සංචාරක කලාපයක් ලෙස මෙම ප‍්‍රධාන මාර්ග දෙපස දෙස්, විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනාගත හැකි වන සේ සංවර්ධනය කිරීමට නියමිත වේ. නගර අලංකරණය, උද්‍යාන ඉදිකිරීම්, ඇවිදින මංතීරු නිර්මාණය කිරීම, නැරඹුම් ස්ථාන, ආකර්ෂණීය වෙළඳකුටි, ආහාරපාන ලබා ගැනීමට ආපන ශාලා, නවාතැන් ගැනීමට හෝටල් ඇතුළු දෙස් විදෙස් සංචාරකයින් ඉලක්ක කරගෙන පරිසර හිතකාමීව මෙම සියළු සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. කොටගල තෙත්බිම් උද්‍යානය සංවර්ධන ව්‍යාපෘතිය සහ තලවකැලේ නගර අලංකරණ ව්‍යාපෘතිය ද අද (19) ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top