අයි.ඩී.එච්. රෝහල කෙරෝනා රෝගීන්ගෙන් පිරෙයි

කොරෝනා ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච්.රෝහල පිරීගොස් ඇතැයි ම රෝහල් ආරංචි මාර්ග කියයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධානම රෝහල්වන අයි.ඩී.එච්. රෝහලේ අද (25)පස්වරුව වන විට කොරෝනා ආසාදිතයන් 135ක් පමණ ප්‍රතිකාර ලැබූ අතර එහි හදිසි  ප්‍රතිකාර ඒකකයේ ඇඳන්  සියල්ලම පිරීගොස් තිබූ බව ද වාර්තා විය.

මේ අතර මෑතක සිට අයි.ඩී.එච්. රෝහලේ කොරෝනා රෝගීන්ට අමතරව සාමාන්‍ය රෝගීන්ට ද නේවාසික ප්‍රතිකා ලබාදීම හේතුවෙන් එම සාමාන්‍ය රෝගීන්   හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවධානමකට ලක්ව සිටින බව ද පැවැසේ

සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන රෝගීන්ට පවා කොරෝනා ආසාදනයවීමේ දැඩි අවධානමක් පවත්න බව ද එම රෝගීන් වෙනත් රෝහලකට මාරු කළ යුතු බව ද රෝහල් කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top