නත්තල සහ නව අවුරුදු සමය හේතු කොට ගෙන රට පුරා අගුලු දැමීමක් ඉතාලිය නියම කිරීමට ඉතාලි බලධාරින් තීරණය කරයි

නත්තල සහ නව අවුරුදු සමය හේතු කොට ගෙන රට පුරා අගුලු දැමීමක් ඉතාලිය නියම කිරීමට ඉතාලි බලධාරින් තීරණය කරයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ උත්සහයක් ලෙස මෙම තීරණයට එළඹ තිබේ. ඒ අනුව එළඹෙන උත්සව සමයේ දී රතු කලාප සීමාවන්ට අනුව අත්‍යාවශ්‍ය නොවන සාප්පු, භෝජනාගාර සහ සුරාසැල් වසා දැමීමට සිදුවේ. රාජකාරී කටයුතු, සෞඛ්‍ය අවශ්‍යතා සහ අත්‍යාවශ්‍ය හදිසි අවශ්‍යතා සඳහා පමණක් ගමන් කිරීමට ඉතාලි ජාතිකයන්ට අවසර ලැබේ. ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ මහතා ප්‍රකාශ කර තිබුණේ එය පහසු තීරණයක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top