කාලගුණයෙන් රතු නිවේදන

උතුරු , උතුරු මැද , වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වැඩි අවදානම් ප්‍රදේශ ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර ඇත
උතුරු සහ උතුරු මැද පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මී 300 ට වැඩි ඉතා තද වැසි ද වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 -150 පමණ තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති වන තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top