සතුටු පවුල” වීඩියෝ පැකේජය එලිදැක්වීම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී

 

සතුටු පවුලවීඩියෝ පැකේජය එලිදැක්වීම රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී සිදු විය. රටක දියුණුවට පවුලසතුටින් තිබීම ඉතා වැදගත් බැවින්සෞභාග්‍යයේ දැක්මරාජ්‍ය සංකල්පය යටතේසතුටු පවුලවැඩසටහන ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. මෙම වීඩියෝ පැකේජයේ අන්තර්ග වීඩියෝ මාලා 9ක් සහ වීඩියෝ පට 50 ක් යටතේ අංශ 5 ක් ඔස්සේ සෞඛ්‍ය සන්නිවේදනය ප්‍රවර්ධනය කෙරේ.

මාතෘ හා ළමා සෞඛ්‍යය, පවුල් සංවිධාන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළකීම, යොවුන් ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය, කාන්තා සෞඛ්‍යය යන අංශ එම අංශ 5 වේ. අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ සහ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයසතුටු පවුලවීඩියෝ පැකේජයේ එළිදැක්විණි.   

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top