මෙවර කොරෝනා වෛරසය බෝවීම හා පැතිරීම වේගවත් වෙලා… විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

සිරිමන්ත රත්නසේකර

මෙවර කොරෝනා වෛරසය පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බෝවීමේ ප‍්‍රමාණය සහ පැතිරයෑමේ වේගය ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා 25 වැනිදා අනතුරුව අ`ගවා සිටියේය.

එසේම වෛරසය ආසාදනය වූ රෝගියෙකුගේ වෛරස ප‍්‍රමාණය ද මෙවර ඉහළ ගොස් ඇති බවත් එය පෙර තත්ත්වයට වඩා බරපතළ වී ඇති බවත් මේ තත්ත්වය මත රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. තත්ත්වය මෙලෙසම ඉදිරියට ගියහොත් එක් අවස්ථාවකදී රජයට හෝ සෞඛ්‍ය අංශයන්ට මෙය පාලනය කිරීමට නොහැකි විය හැකි බවත් එසේ වුවහොත් වැඩිහිටියන්ට සහ නිධන්ගත රෝග පවතින අයට වැළඳී මරණ ප‍්‍රතිශතය ඉහළ යෑමට ඉඩ ඇති බවටත් හෙතෙම අනතුරු ඇ`ගවීය. එහෙයින් ජනතාව ඒකරාශී වීම වළක්වා සහ සංචරණය සීමා කිරීම සිදු කළ යුතුව ඇතැයිද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top