යුරෝපයේ කොරෝනා දෛනික මරණ 40% කින් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව යුරෝපයේ දෛනික කෝවිඩ් මරණ සියයට 40කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) බීබීසීයට සදහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා ආචාර්ය මාග්‍රට් හැරිස් පැවසුවේ ප්‍රංශය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ රුසියාව වැනි රටවල බහුතරයක් රෝගීන් සංඛ්‍යාව තුනෙන් එකකින් වැඩි වී ඇති බවයි.

ඇය අනතුරු ඇඟවූයේ රෝහල්වල දැඩි සත්කාර ඒකක දැන් රෝගී පුද්ගලයින්ගෙන් පිරී යාමට පටන් ගෙන තිබීම කනස්සල්ලට හේතුව වන බවය.

රුසියාවෙන් මේවන විට දිනකට මරණ 320 ක් වාර්තා වේ. ඉතාලියේ ද තියුණු වැඩිවීමක් සිදුවී ඇති අතර පසුගිය පැය 24 තුළ මරණ 221 ක් වාර්තා වී තිබේ. අඟහරුවාදා ඔස්ට්‍රියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවයි.

එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලය පසු ලොව සිව්වන වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ රුසියාවෙනි. අඟහරුවාදා පමණක් එරටින් ආසාදන 16,550 ක් වාර්තා වී ඇති අතර බලධාරීන් දැන් ජනාකීර්ණ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top