අධිකරණ පියස ජනතා පියස බවට ?

අධිකරණ පියස නීතියේ සාධාරණත්වය පතන, ජනතා පියස බවට පත්විය යුතු යැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සෞභාග්‍යයේ දැක්මෙන් අධිකරණාභිමානයට අධිකරණ පියසනව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල තබා එහි සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් පසු උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එක රටක්, එක නීතියක් වෙනුවෙන් ජාතික අවශ්‍යතාව ගොඩනැගීමේ කාර්යට රජය මුල පුරා තිබෙන බව ද නීතියේ ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම ක්‍රමවේදයකින් ආරවුල් විසඳා ගැනීමට නම් අධිකරණය, නීතිඥවරුන් හා මහ ජනතාව යන සියලු දෙනා එක්ව යල් පැනගිය ක්‍රමවේදවලින් එළියට බැස ආකල්පමය වෙනසක් කළ යුතු බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

යටත් විජිත යුගයේ ඉදිකෙරුණු අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලි වෙනුවට අලුතින් ඉදිවන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය, අක්කර 06ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියයි. වසර තුනකින් නිමවන මෙම ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 16500කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top