මහමි චරිතය රටින් එළියටත් ගිහින්…. මට ඒ ගැන හරි සතුටුයි…. ජනප්‍රිය රංගන ශිල්පිනී මිෂෙල් දිල්හාරා

ප‍්‍රවීණ කලා ශිල්පී  සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ වෙනස්ම තාලයක් ගත්  ‘කැන් යූ හියර් මී’ ටෙලි සිත්තම මේ දිනවල වැඩි පේ‍්‍රක්ෂක ආකර්ෂණයකට නතුව පවතී. එහි අන්තර්ගත ‘මහිමී’ චරිතය ද දෙස් විදෙස් පැසසුමට ලක්ව ඇති මොහොතක එම චරිතයට ජීවය මුසු කළ ජනපි‍්‍රය යොවුන් රංගන ශිල්පිනි මිෂෙල් දිල්හාරා සමඟ ‘දිවයින සිනමා කලා’  මෙලෙස ෙදාඩමලූ වූවාය.

mesel1

රංගනයට පිවිස ඉතාමත් කෙටි කලකින් පුංචි තිරයේ පේ‍්‍රක්ෂක ආකර්ෂණයට නතු වීමට ඔබ වාසනාවන්ත වෙනවා. එ් ගැන පවසමින් මේ කතාව ආරම්භ කළහොත්…

මම 2016 දී තමයි රංගනයට පිවිසෙන්නේ. එ් ‘සල් සපුනා’ ටෙලි සිත්තම හා රංගගත වෙමින්. මම පාසල් අධ්‍යාපනය ලැබුවේ මීගමුව නිව්ස්ටඞ් බාලිකාවෙන්. ප‍්‍රවීණ රංගනවේදිනි අනෝජා වීරසිංහ, රන්දික විමලසූරිය සහ ඉන්දියානු කලා ශිල්පී උජ්වාස් සිංහා කියන ගුරු භවතුන් යටතේ නාට්‍ය හා රංග කලාව, සිනමාව ඇතුළු කලාවට සබැඳි බොහෝ දේ මා හදාරනු ලැබුවා.

‘කැන් යූ හියර් මී’ ටෙලි සිත්තමේ ‘මහිමී’ චරිතය ඔබට අභියෝගයක් වූ බව පැවසුවත් එය පේ‍්‍රක්ෂක ආකර්ෂණයට නතු කර ගැනීමට ඔබ සමත්කම් දක්වනවා…

ඇත්ත. ‘මහිමී’ කියන්නේ මට අභියෝගයක් වූ චරිතයක්. එහෙම වුණේ සුනිල් සර්ගේ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලි නාට්‍යයේ ‘අයෝමා’ චරිතයත් මා නිරූපනය කර තිබූ නිසා. මේ චරිත දෙක හාත්පසින්ම වෙනස්. කොහොමත් සුනිල් සර්ට දැනෙන ලෙස නිවැරදිව චරිතය අපෙන් ලබා ගන්නවා. ‘මහිමී’ කියන්නේ ආර්ථීක අපහසුතා මැද දුෂ්කර දිවියක් ගත කරන චරිතයක්. එයා බේකරියේ වැඩට යන්නෙත් එ්කයි. නමුත් එහි ප‍්‍රධානියා නිසා ‘මහිමී’ට ප‍්‍රශ්න ඇතිවෙනවා. එ්කයි මම කිව්වේ මේ චරිතය ‘අයෝමා’ට වඩා වෙනස් කියලා. ‘කැන් යූ හියර් මී’ ටෙලි නාටකයේ සෑම චරිතයක්ම අපි දකින වෙනත් නිර්මාණවල චරිතවලට වඩා වෙනස්. ඇත්තටම කීවොත් මේක වෙනස්ම තාලයකට දිව යන්නක්. මෙහි චරිත සමාජයේ කතා බහට ලක් වන චරිත නෙවී. නමුත් මේ චරිත අපේ සමාජයේ අවධානයට ලක් විය යුතුම චරිත කියලා මම කියනවා. මම එහෙම කියන්නේ ‘මහිමී’ චරිතයට ලැබුණු සහ ලැබෙමින් පවතින ප‍්‍රතිචාර දිහා බලලා.

එ් වුණාට ඔබේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ඔබ හඳුන්වන්නේ වෙනත් චරිතයක් නේද…

ඇත්ත. මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය විදිහට මම හඳුන්වන්නේ ‘සුදු ඇඳගෙන කළු ඇවිදින්’ ටෙලි නාට්‍යයේ ‘අයෝමා’ චරිතය. අයෝමා තමයි මාව 2019 වර්ෂයේ දී නැඟී එන හොඳම රංගන ශිල්පිනිය සම්මානයට රැුගෙන ගියේ. මම මේ වන විට ටෙලි නාට්‍ය 16ක පමණ රඟපෑවා. එ්මී, පූරි, දන්කුඩ බණ්ඩා, තුත්තිරි සහ ක‍්‍රයිම් සීන් කියන ටෙලි නාට්‍ය එ් අතරින් මගේ මතකයේ තිබෙනවා.

රංගනයට නොආවා නම් ඔබ කොතනද නතර වෙන්නේ…

එහෙම වුණා නම් මම අද ගුරුවරියක්. මගේ දෙමාපියන් මට කිසි දේකට බලපෑම් කරන්නේ නෑ. මගේ කැමැත්තට එයාලා ඉඩ දුන්නා. හැබැයි අවවාද අනුශාසනා ලබා දෙනවා. කොහොමත් මම හැමදේම කරන්නේ දෙමාපියන් එක්ක කතා කරලා.

සිනමාවට පිවිසීමට තිබෙන කැමැත්ත කුමනාකාරද කියා මා විමසුවොත්…

මෙහෙමයි. මට සිනමාව වෙනුවෙන් ආරාධනා බොහොමයක් මේ වන විටත් ලැබී තිබෙනවා. සිනමාව කියන්නේ මීටත් වඩා පුළුල් අවධානයක් දැක්විය යුතු ස්ථානයක්. ඉතිං හොඳ පිටපතකට අනුව යම් රාමුවක සිට මම තෝරා ගන්නා චරිතය සමාජයට යමක් දිය හැකි චරිතයක් විය යුතුයිනේ. එ් නිසා මම ඉදිරියේ දී එවැනි චරිතයක් සමග සිනමාවේ දැකිය හැකි වෙයි. මේ එයට පෙර සූදානමින් පසුවන කාලය.

මේ දිනවල ඔබේ රංගන දායකත්වයන් මොන විදිහද…

‘කැන් යූ හියර් මී’ රූපගත කිරීම් යනවා. ඊට අමතරව ‘සිහින සමාගම’ සහ ‘කිස්’ සීසන් ටූ සමග එක්ව සිටිනවා. එ් වගේම මම රඟපෑ තවත් ටෙලි නාට්‍ය කිහිපයක් විකාශයට නියමිතව තිබෙනවා. ‘කැන් යූ හියර් මී’ යූ ටියුබ් හරහා ජාත්‍යන්තරයටත් ගිහින් තියන නිසා ජපානය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකින් බොහොම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් ‘මහිමී’ චරිතයටත්. මම හිතනවා මේ ලැබෙන විදෙස් ප‍්‍රතිචාර නිසා අපට එ් පේ‍්‍රක්ෂක සමාජයත් ජය ගත හැකි වූවා කියලා. එ්ක අපේ කණ්ඩායමටම ලොකු සතුටක්.

පුද්ගලික ජීවිතයේ ඔබ කුමනාකාරයේ චරිතයක්ද. මම අහන්නේ කැමරාවෙන් පිටත දී…

අනේ මම සාමාන්‍ය චරිතයක්. කැමරාවට මුහුණ දීමට සිදුවන තැන දී විතරයි මම එ් චරිතයට අනුගත වෙන්නේ. හැබැයි මම සාමාන්‍ය ජීවිතයේ දී අනුන් වෙනුවෙන් හඬක් නඟන්න කැමති චරිතයක්. එ් සමාජ අදෘෂ්‍යමානතාවය වෙනුවෙන්. මම එ් ගැන රිසච් එකක් කරලා පොතකුත් ලියා තියනවා.

සුජීව තත්සර

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top