නිවන් අවබෝධයට මාර්ගය කුමක්ද? – ඉල් පුර පසළොස්වක පොහොය හෙටයි

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය හෙටට (29) යෙදී තිබේ. අද වැනි දිනක ශාසනික වශයෙන් ද සාමාජික වශයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් සිදු වූ උතුම් පොහෝ දිනයයි. ඒ අනුව ප‍්‍රථම ධර්මදූත පිරිස ධර්ම ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, පසුවස් පවාරණය, චීවර මාසයේ අන්තිම පොහොය, අගසව් සැරියුත් මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණය ආදි සුවිශේෂි කරුණු කිහිපයකි. අද දින ඔබ සැමගේ ධර්ම ඥානය සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ සූත‍්‍ර පිටකයේ, මජ්ක්‍ධීම නිකායේ, මූලපන්ණසකයේ, සබ්බාසව සූත‍්‍රය.

1. අත්‍ථි භිකඛවේ ආසවා දස්සන පහාතබ්බා

‘‘මහණෙනි දර්ශනයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තියෙනවා’’ (කෙලෙස් තියෙනවා)

p14 22. අත්‍ථි ආසවා සංවරා පහාතබ්බා

සංවරයෙන් පහ කළ යුතු ආශ‍්‍රව තියෙනවා (කෙලෙස් තියෙනවා)

3. අත්‍ථි ආසවා පටිසේචනා පහාතබ්බා

ප‍්‍රත්‍යවෙක්‍ෂාවෙන් දුරු කළ යුතු කෙලෙස් තියෙනවා

4. අත්‍ථි ආසවා අධිවාසනා පහාතබ්බා

ඉවසීමෙන් දුරු කල යුතු කෙලෙස් තියෙනවා

5. අත්‍ථි ආසවා පරිවජ්ජනා පහාතබ්බා

පරිවජ්ජනයෙන් (බැහැරවීමෙන්) දුරු කළ යුතු ආශ‍්‍රව තියෙනවා

6. අත්‍ථි ආසවා විනෝදනා පහාතබ්බා

වීරයයෙන් දුරු කළ යුතු ආශ‍්‍රව තියෙනවා

7. අත්‍ථි ආසවා භාවනා පහාතබ්බා

භාවනාවෙන් දුරු කළ යුතු ආශ‍්‍රව තියෙනවා

ආශ‍්‍රව වනු කෙලෙස් නැතහොත් පෙර ඇසුර, මෙන්ම නිතර ගලන වැගිරෙන, උනන ස්වභාවය දැක්වේ.

මේ නිතර උනන ගලන වැගිරෙන කෙලෙස් හෙවත් ආශ‍්‍රව දුරු කරන වැඩපිළිවෙළක් දේශනා කරනවා. එය දැකීමෙන්, සංවරයෙන්, ප‍්‍රත්‍යවෙක්‍ෂාවෙන්, ඉවසීමෙන්, බැහැර කිරීමෙන්, වීරියෙන්, භාවනාවෙන් ආදි අංග 7 කින් කළයුතු බව දේශනා කරනවා.

දර්ශනයෙන් පහ කළ යුතු කෙලෙස් දර්ශනයෙන් මිස අනෙකුත් මාර්ග හයෙන් ප‍්‍රහානය කැරන්න බැහැ. අනෙකුත් ආශ‍්‍රවත් ඒ ලෙසමයි. ඒ ඒ ආශ‍්‍රව ඒ ඒ පෙන්වූ මාර්ග ඔස්සේ ප‍්‍රහානය කළ යුතුය.

ආශ‍්‍රව දිටඨාසව, කාමාසව, භාවසව, අවිජ්ජාසව ලෙස සතර වැදැරුම් වේ. සබ්බාසව සූත‍්‍රයේ උගන්වන්නේ මේ ආශ‍්‍රව දුරුකරන ප‍්‍රතිපදාවයි.

දර්ශනය කියන්නේ මොකක්ද? එයින් ආශ‍්‍රව ප‍්‍රහානය වන්නේ කොහොමද?

යෝනිසෝ මනසිකාරයන් ආසෝනිසෝ මනසිකාරයන් දන්න කෙනා දකින කෙනාමයි. කෙලෙස් ප‍්‍රහීන කරන්නේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යමෙක් යෝනිසෝ මනසිකාරයත් අයොු්නිසෝ මනසිකාරයත් නොදන්නේද නොදක්නේද එබද කෙනෙකුට ආශ‍්‍රවයන් ක්‍ෂයවීමක් මම නොකියමි.

ජානති අහං භික්‍ඛවේ පස්සතෝ ආසවානං ඛයං වදාමි. නො අජාහතො නො අපස්සතො කිඤ්ච භික්‍ඛවේ ජාහතො කිං පස්සතො අසවානං ඛයො හොති. යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං.

මේ යෝනිසො මනසිකරණයේ දී මේ දර්ශනයේ දී අපට ලැබිල තියෙන්න ඕනෑ දුකයි. සමුදය නිරෝධයයි. මාර්ගයයි. මේ දැනුම දර්ශනයෙන් ලැබුන නම් සම්මාදිට්ඨිය උපන්නා වෙනවා.

සම්මාදිට්ඨි කියන්නේ චතුරාර්ය සත්‍යයමයි.

කනමාචාවුසො සම්මාදිට්ඨි, දුක්ඛෙ ඤාණං, දුකඛසමුදය ඤාණං, දුක්ඛ නිරෝධෙ ඤාණං, සුකඛ නිරෝධ ගාමිණි පටිපදාය ඤාණං ඉදං චුචචති සම්මා

මේ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනව පුද්ගලයන් දෙදෙනෙක්

1. ආශ‍්‍රැතවත් පෘථග්ජනය

2. ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා

ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයා යනු ආර්යයන් දකින, ආර්ය ධර්මයෙහි දක්‍ෂ ආර්ය ධර්මයෙහි හික්මුණු, සත්පුරුෂයන් ඇසුරු කරන, සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂ, සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු ශ‍්‍රැතවත් ආර්ය ශ‍්‍රාවකයායි.

‘‘සුතවා ච බො ආරියසාවකො අරියානං දස්සාවි අරිය ධම්මසස කෝවිදෝ අරිය ධමෙම සුවිනීතො, සත්පුරුෂානං දස්සාවි, සත්පුරුෂ ධමමසස කෛාවිද්‍රෝ සපපුරිසමමෙම සුවීනිතො’’

අශ‍්‍රැතවත් පෘථග්ලනය මෙහි ප‍්‍රතිවිරුද්ධ කෙනාය, ඔහු මෙනෙහි කළ යුතුදේ දන්නේ නැහැ. මෙනෙහි නොකළයුතු දේ දන්නේ නැහැ. මෙහෙහි නොකළ යුතු ධර්මය මෙනෙහි කරනවා. මේ නිසාම නූපන් ආශ‍්‍රව උපදිනවා උපන් ආශ‍්‍රව වැඩෙනවා මේ නිසා සෝනිසෝ මනසිකාරයෙන් තොරව කෙලෙස් ප‍්‍රහීනවීමක් නැහැ.

දෑෂ්ටියකට වැටුනොත් සංසාරයේ ජාති, ජරා, මරණයෙන් මිදීමක් වෙන්නේ නෑ. සෝනිසෝ මනසිකාරය තුළින් සම්මා දිට්ඨිය එනවා. අපි ජීවත්වන්නේ දෘෂ්ටි සංයෝජන වල දෘෂ්ටි ජාලයක බැදිලා ඉන්නේ. මේ දෘෂ්ඨි ජාලයත් අයෝනිසෝ මනසිකාරයත් නිසා නූපන් කාමාසාව භාවශ‍්‍රව අවිජ්ජාසව උපදිනව උපන් ආශ‍්‍රව වැඩෙනවා.

අසෝනිසෝ මනසිකාරයේ දී අපි දකින්නේ මුළු ලෝකයම සැපයි, සුබයි, කාන්තයි, මනාපයි. ඉෂ්ටයි යනුවෙන් රූපයත්, ශබ්දයත්, ගන්ධයත්, රසයත්. ස්පර්ශයත්, ධර්මයත් මේ ලෙසමයි සිතන්න.

අපි හැම විට ලෝහ, ද්වේෂ දෙකට වැටෙනව මේ දෙකටම වැටෙන්නේ මෝහය නිසයි. මනාපනම් ඇලෙසවා, අමනාපනම් ගැටෙනවා, මේ තමයි හැම විටම සිදුවන දේ. භාවනා කිරීමෙන් මේ අන්. දෙකටම නොවැටී සෝනිසෝ මනසිකාරයට සිත පුරුදුවෙන බව ධර්මයේ සඳහන්වෙනවා. හිත ආරක්‍ෂා කරලා දෙනවා.

යෝනිසෝ මනසිකාරයෙන් බලනකොට මේ හැම තැනකම තියෙන්නේ හැමදේකම තියෙන්නේ ධාතුවක් තියෙන යථාර්ථය වැටෙහෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය සතර උපදවා ගැනීමයි. දර්ශනය කියල කියන්නේ ජාති ලක්‍ෂණය, ව්‍යාධි ලක්‍ෂණය, ජරා ලක්‍ෂණය. මරණ ලක්‍ෂණය, අපි‍්‍රයන් හා එක්වීමේ ලක්‍ෂණය, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ ලක්‍ෂණය, බලාපොරොත්තු නොලැබීමේ ලක්‍ෂණය යම් තැනක මේ සියල්ල දුකයි. මේ ලෝකේ අපි හැමෝම ඇළුම් කරලා තියෙන්නේ දුකට දුක ඇතිවෙන තණ්හාවටමයි. දුකමත මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ.

තණ්හාව ඇතිවෙන්නේ හේතුවක් තියෙනවා. ඉබේ හට ගන්නවා නෙවෙයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි නොදන්න කම. සංඛත ධර්මය අනිත්‍ය, දුක්‍ය විපරිනාම තත්ත්වය සෝනිසෝ මනසිකාරයෙන් හෙවත් දර්ශනයෙන් දැක්ක නම් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණා කියන දේත් බාහිර ලෝකයත් වෙනස් වෙද්දි හිත ස්ථවරව පෙරලෙන්න නොදී ඉන්න පුළුවන් දර්ශනය දකින්න ඕනෑ. දුකටම ඇළුම් කරමින් දුකින් මිදීමක් හොයනවා ලැබෙයිද කියලා දර්ශනයක් දකින්න ඕනෑ. මම නම් මගේ නම් දුකෙන් මිදීමක් කොයින්ද?

හිතේ උපදින දෘෂ්ඨියට කියනවා දිට්ඨාසව කියලා තණ්හා මාන දිට්ඨි කියා මම, මගේ, මගේ ආත්මය, කියලා රූපය දකිනවා රූපය මම, රූපය මාගේ, රූපය මගේ ආත්මය කියලා ගන්නේ තණ්හා දිට්ඨි මාන කියන කෙලෙස් බන්ධනයෙන්. මේ අයිතිකර ගැනීම උපාදානයයි. වේදනාව, සංඥාව, සංඛාර, විඤ්ඤාණයන් එසේමයි.

අපිට ලෝකයක් මුණ ගැහිලා තියෙන්නේ කාරණා හතරකින් දකින, අහන, දැනෙන, දැනගන්න යන හතරෙන්. දකින දේ ලෝකයයි. අහන දේ ලෝකයයි. දැනෙන දේ ලෝකයයි, දැනගන්න දේ ලෝකයයි. ලෝකය මීට වඩා දෙයක් නැහැ. ලෝකයට බැඳිලා තිවෙන්නේ මේ හතරෙනුයි. අපි ලෝකය තුළ ඇළුම් කරලා හෝ ගැටිලා තියෙන්නේ දකින දේට. අහන දේට. දැනෙන දේට, දැනගන්න දේට බව දර්ශනය තුළින් දැකිය යුතුයි.

අසුමිං සති ඉදං හොති – මෙය ඇති කල්හි මෙය ඇතිවේ.

අස්මිං අසති ඉදං නොහොති – මෙය නැතිකල මෙය ඇති නොවේ.

ඉමස්සු උප්පාදං ඉදං උප්පජ්ජති – මෙය ඇති කල්හි මෙය උපදී

ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ක්‍ඩති – මෙය නිරුද්ධ වීමෙන් මෙයද නිරුද්ධ වේ.

මේ හේතුවන දහම දස්සනා පනාලබ්බා හෙවත් දර්ශනයෙන් දත යුතුයි. දිටඨාසවය තුළින් සක්කාය දිට්ඨි, විචිකිචඡුා, සීලබ්බත පරාමාස යන තුන් සංයෝජනයම දුරු වෙනවා.

ඇහැත් රූපයත් චකබු විඤ්ඤාණයත් ඇති කල්හි දැකීම

කොළ, ඉති, අතු, කඳ, මුල්, ඇති කල්හි ගහක් දකිනවා

සීනි, තේ කොළ උණුවතුර ඇති කල්හි තේ එකක් දකිනවා

තෙලූත්, තිරයත්, දැල්ලත්, ඇති කල්හි ආලෝකය දකිනවා

ගහත්, පොළවත්, ආලෝකයත් ඇති කල්හි හෙවනැල්ලක් දකිනවා

කණ්ණාඩියත්, ආලෝකයත් රූපයත් ඇති කල්හි ප‍්‍රතිබිම්බය දකිනවා

දැකීම කියන්නේ ඇහැද රූපයද චක්‍ඛු විඤ්ඤාණයද?

ගහ කියන්නේ කොළද, අතුද, ඉතිද, කඳද, මුල්ද?

තේ එක කියන්නේ සීනිද. තේ කොළද, උණුවතුරද?

ආලෝකය කියන්නේ තෙල්ද, තිරයද, දැල්ලද?

හෙවනැල්ල කියන්නේ ගහද, ආලෝකයද, පොළොවද?

ප‍්‍රතිබිම්බය තියන්නේ කණ්ණාඩියද, ආලෝකයද, රූපයද?

‘‘ඉදං චුචචති භික්‍ඛවේ ආසවා දස්සනා පහා තබ්බා’’ ඉහත කරුණු දර්ශනයෙන් දැක ප‍්‍රහාණය කළ විට දස්සනායෙන් කෙලෙස් ප‍්‍රහින වන බව පැහැදිලිය.

සංවර පහා තම්බා ( සංවරයෙන් ප‍්‍රහානය කරන කෙලෙස්)

මේ ශාසනයෙහි භික්ෂුව නුවණින් යුතුව චක්ඛු ඉන්ද්‍රිය සජවර කර ගන්නවා ‘‘ඉධ භික්ඛවේ භික්ඛු පටිසංකා යෝනිසෝ චක්ඛු ඉන්ද්‍රිය සංවරසංවුනො විහරති’’ ඇයි භික්ඛුව චක්ඛු ඉන්ද්‍රිය සංවර කරගන්නේ යම් විදියකින් ‘‘යංහිස්ස භික්ඛවේ චක්ඛුං ඉන්ද්‍රියන් අසංචුතස්ස විහරතො’’ චක්ඛු ඉන්ද්‍රිය අසංවර වුණොත් ‘‘ ආසවා විඝාත පරිලභා ’’ දාහ දැවිලි සහිත ආශ‍්‍රව උපදිනවා කොලෙස් විපාක ධර්ම උපදිනවා ‘‘චක්ඛු ඉන්ද්‍රිය සංවර සංවුතස්ස විහරතෝ ඒවංස තෙ ආසවා විඝාත පරිලාභ න හොත්ති’’චක්ඛු ඉන්ද්‍රිය සංවර කරගත්තහම එබඳු දාන දැවිලි සහිත ආශ‍්‍රව කෙලෙස් උපදින්නෙ නැහැ. ඒවගේම සෝත ඉන්ද්‍රිය,ඝාන ඉන්ද්‍රිය, ජිවාහා ඉන්‍ද්‍රිය, කාය ඉන්‍ද්‍රිය, මන ඉන්‍ද්‍රිය, කියන මේ ඉන්‍ද්‍රිය ධර්ම හය නුවණින් දකිමින් රැුකගන්නවා, සුරක්‍ෂිත කර ගන්නවා, හික්මවා ගන්නවා, සංවරය පිණිස පිළිපදිනවානම් ඉන්‍ද්‍රියන් ඉන්‍ද්‍රියන් මුල් කොට ගෙන ඇතිවන ක්ලේෂ ඇත්වන්නේ නැහැ.

ඇසව තියෙන්නේ ඇතුළෙ පල්වෙන ගතිය, පැසවන ගතිය, සෙලවෙන ගතිය, උදා: සෙලවෙන පහන් දැල්ලෙන් කාටවත් වැඩක් ගන්න බැහැ. පහන් දැල්ල සෙලවීම නතර කරන්න ඒක සෙලවෙන්නේ ඇයි කියලා දැන ගන්න ඕනෑ. සෙලවෙන හේතුව නැවැත්තුවොත් පහන් එලියෙන් වැඩක් ගන්න පුළුවන් බව ණුවනින් දකින්න ඕනෑ. හුලං හමන දොරටුව ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ.

වතුර පහරවල් පිටතින් ළිඳට ගලා එද්දී ලිඳ ඉහින්න දරන උත්සාහයෙන් වැඩක් නැහැ. පිටතින් එන වතුර පාරවල් වහන්න ඕනෑ. කැලේ ඉන්න කුළු හරක් අල්ලාගෙන ඇවිත් ආහාර පාන පාලනය කරලා ඌ දමනය කරලයි බදින්න වෙන්නේ.

ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිති පන්සිල් අටසිල් මේ පිළිවෙත් මාසයකට සිනක්වත් යෙදෙනවා නම් ඉන්ද්‍රිය ටිකින් ටික සංවර වෙයි. හිතේ ඇතිවන මානය අමනාපකම් දුරුකරන්න තියෙන්නේ සංඛතයි, ඕලාරිකයි, පටිච්ච සමුප්පලන්නයි කියලා හිතලා දැන් දෘෂ්ටිය හා සීලයෙන් යන දෙකෙන්ම යුක්තවන සැටි බලන්න දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ

දර්ශනයට පැමිණි දෘෂ්ටියෙන් මිදිලා සීලයෙන් යුක්තවුණා. ‘‘සහාවස්ස දස්සන සම්ප‍්‍රදාය’’ දර්ශනය පැමිණියේ දෘෂ්ටියෙන් මිදිලයි. සීලයෙන් යුක්ත වුණා. දෘෂ්ටියෙන් සීලයෙන් යුක්ත වුණාම ‘‘අනුප්පනො වා කාමාසවො න උප්පජ්ජති, උප්පන්නෝවා කාමාසවො පහීයති’’ නූපන්නාවූ කාමාසාව නූපදිනව උපන් කාමාසාව දුරුවෙලා යනවා, භාවාසව, අවිජ්ජාසව ත් එසේම පහවෙනවා. කාමයෙන් මිදුන ගමන් ‘‘කාමේසුවිනෙය්‍ය ගේධං’’ කාමයෙන් මිදිලා ඉවත් වෙලා බ‍්‍රහ්ම ලෝකයට යන්න පුළුවන් වෙනවා.

පටිසේවනා පහාතබ්බා (ප‍්‍රත්‍යවේක්‍ෂාවෙන් දුරු කළයුතු ආශ‍්‍රව)

පටිසංඛා යොනිසෝ පිණ්ඩ පාථං පටි සේවති.

(ආහාර පරිහරණයේ දී ප‍්‍රත්‍යවේක්‍ෂාව)

පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවති

(චීවර පරිහරණයේ දී ප‍්‍රත්‍යවේක්‍ෂා කරනවා)

ආහාරයේ පටික්කුල සංඤ්ඤාව වඩනවා ආහාරයේ පිළිකුල් බව දෙතිස් කුනපයන්ගේ පිළිකුල් බව ශරීරයට වැළඳෙන රෝගාබාධ පිළිබඳව ප‍්‍රත්‍යවේක්‍ෂාවෙන් බලන්න අපට උගන්වනවා. ඊළඟට මේ ආයතන වල පැවැත්ම තියෙන්නේ මේ ශරීරයේ පැවැත්ම තියෙන්නේ පංචස්කත්ධයේ පැවැත්ම තියෙන්නේ ආහාර නිසා බව හිතන්න උගන්වනවා. ආහාර නිසා කය පවතිනවා කය නිසා ආයතන නිසා අරමුණු ගන්නවා අරමුණු ගැටෙන නිසා කර්මය හෙටගන්නවා කර්මය ප‍්‍රත්‍යකොට ගෙන ප‍්‍රතිසංධිවිඤ්ඤාණය ඇතිවෙනවා. මේ නිසා තිරිසනුන්වෙලා, පේ‍්‍රතයො වෙලා, අසුරයොවෙලා, මනුස්සයො වෙලා, දෙවියොවෙලා උප්පත්ති ලබනවා.

සිව්පසය පරිහරණය කරණ කොට නොයෙක් විදියේ ආශ‍්‍රව ක්ලේශ පහලවෙනවා මෙයින් බේරෙන හැටි තමයි මෙයින් උගන්වන්නේ, නූපන් කාමාසව, භාවාසය, දිට්ඨාසව, අවිඡ්ඡුාසව උපදිනවා ඉපදුන ආශ‍්‍රව වැඩෙනවා. පටිසේන පහාතබ්බා වලින් වෙන්න මේ ආශ‍්‍රව උපදින වැඩෙන එක නැති කිරීමයි.

උදා: අපි පස්ටිකක් ගෙන බලමු මෙය ජලය යොදා ගුලිකරනවා. වළඳක් හදනවා. පූසෙක් හදනවා. කුරුල්ලෙක් හදනවා. ගහක් හදනවා, මනුස්සයෙක් හදනවා, මේ නම් වලින්ම මේවා අමතනවා, නමුත් මෙහි ඇත්ත් මොනවාද? පස්නෙ. පස් වල ඇත්තේ සතර මහ ධාතුන්මයි. අඹ ඇටයක් පමණ පුංචි පස් අංශුවකත් තියෙන්නේ මේ සතර මහා ධාතූන්මයි.

අපි ගහක් ගෙන බලමු. ගහ හැදෙන්නේ සතර මහා ධාතුන් සහ වර්ණ ගන්ධ රස ඕජෝ කියන ශුද්ධාෂ්ටකය නිසා. මහ පොළවත් ශුද්ධාෂ්ටකයක් හැදෙන ගස් කොලන් ශූද්ධාෂ්ටකයක් හැදෙන ගස් කොලන් ශුද්ධාෂ්ටක, ආහාරත් ශුුද්ධාෂ්ටක ආහාර වලින් හැදෙන සත්වනයොත් ශුද්ධාෂ්ටක. අශුතවත් පෘඨග්ජනයා පෘථිවිය ඇතුළු සෑම දෙයක මම කියලා මගේ කියලා ගන්නවා. ‘‘පඨවිං අභිනන්දන’’ මගේ කියලා සතුටුවෙනවා. කෙලෙස් වැඩෙනවා, මේක නේද වෙන්නේ. මජ්ජිම නිබායේ මුලපරිසාය සුත‍්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘‘පඨවිං පඨවිතො සඤ්ජාතානි’’, පඨවිං පඨවිතො සඤ්ඤිත්වා, පඨවිං මඤ්ඤති, පඨවියා මඤ්ඤති, පඨවියා මඤ්ඤති, පඨවිතො මඤ්ඤති, පඨවි මේතිඛ මඤ්ඤති, පඨවිං අභිනන්දත, තං කිස්සහේතු’’ කියලා.

පොළොවේ තිබුණේ මොනවාද ධාතුමයි, ගහේ තිබුණේ මොනවාද ධාතුමයි, ආහාරය කියලා ගන්නේ මොනවාද ධතුමයි. ශරීරයේ තියෙන්නේ මොනවාද ඒ ධාතුමයි. පුංචි වෙනසක් තියෙනවා කර්ම චිත්ත ඍතු කියන මෙන්න මේ තුනෙනුත් ආග‍්‍රහනය ලබයි කයේ හටගැනීමට හේතු වෙන්නේ මහපොළොවෙන් ගහකොළ, ගහකොළ වලින් ආහාර, ආහාර වලින් කය නැවත කය මහපොළොවට මේක චක‍්‍රයක් ලෙසයි. ගමන්කරන්නේ මේ මාංශ කය මාංශ භාක්‍ෂික සිංහයෙකුට කොටියෙකුට ආහාරයක් විතරමයි. තවත් පැත්තකින් මේ ආහාරමය අදිනවානු පස්සනාව කියන්නේ කියන්නේ අප ලෙඩ කරනවා ‘‘භොජනම්භිච මත්තඤ්ඤුු’’ ආහාර මාත‍්‍රාව දැන කියලා දේශනා කරන්නේ ඒ නිසයි.

මගේ කියන ශරීරය සීතල උෂ්ණය නිසා ලෙඩ වෙනවා මේ නිසානේ, ඇඳුම් අදින්නේ ‘‘සීතස්ස පටිඝාතාය’’ කියලා ‘‘උෂ්ණහස්ස පටිඝාතාය’’ කියලා උෂ්ණයෙන් වැලකීමට ‘‘ඩංසමකස’’ මැසි මදුරුවන්ගෙන් වැළකීමට ‘‘වාතාතප’’ අභ්‍යන්තර සෙම්, පිත්, කිපීම් වලින් වැළකීමට ‘‘සිරි සසපසම්පස්සානං පටිඝාතාය’’ සර්ප ආදි සතුන්ගෙන් වැලකීමට ‘‘හිරි කොපීන පටිචඡුා දන්තං’’ ලැජ්ජාවිය යුතු තැන් වසා ගැනීමට මේ ප‍්‍රත්‍ය වේක්‍ෂ්‍යාව තියෙනවා නම් කෙලෙස් වැඩෙන්නෙ නැහැ නේද?

‘‘පටිසංඛා යොනිසො පිණඩපාතං පටිසේවති’’ පිණ්ඩපාතයෙන් සිහියෙන් යැපෙන්න්න ‘‘නමදය’’ මේ ගන්න ආහාරය මදය පිණිස නොවෙයි ‘‘න මණ්ඩනාය’’ කී‍්‍රඩා පිණිස නොවේ ‘‘ න විභූසනාය’’ සැරසීම අලංකාරය පිණිස නොවේ. ‘‘ඉමස්ස කායස්ස ඨිතියා’’ හුදෙක් මේ කයේ පැවැත්ම සඳහායි. ‘‘බ‍්‍රහ්ම චර්යාවට අනුග‍්‍ර පිණිස. ‘‘ඉති පුරාණංච වේදනා පටිහංඛාමි’’ පුරාණ වේදනා නැති කිරීම පිණිසය. ‘‘යාත‍්‍රාව මේ භවිස්සති’’ නිවැරදි පැවැත්ම පිණිසය. ‘‘අනවජ්ජතාච’’ නිවැරදි බව පිණිසය. ‘‘ඵාසුවිහාරෝ වා’’ විහරනය පිණිසය. මේ ලෙස සිතුවොත් ආශ‍්‍රව වැඞීමක් වන්නේ නැත. මේ ආකාරයෙන්ම කයේ අශූභය, පිළිකුල, ආහාරයේ පිළිකුල ගැන සිතන විටදී ආශ‍්‍රව වැඞීමක් වන්නේ වැඩිමක් වන්නේ නැත. මේ ආකාරයෙන් කයේ අශූභය, පිළිකුල, ආහාරයේ පිළිකුල ගැන සිතන විටදි ආශ‍්‍රව නූපදී.

ආසවා අධිවාසනා පහාතබ්බා (ඉවසීමෙන් දුරුකළ යුතු ආශ‍්‍රව)

පිපාසය, බඩගින්න, අව්ව, වැස්ස, සුළ`ග, සීතල, උෂ්ණය, සර්පාදී අනතුර කිසිදා අපහාස ඉවසීමෙන් දුරුකරන්න ඕනෑ. මේවා ඇත නැත අන්න දෙකට වැටිලා පිපාසය ඇත්නම් දුකයි. පිපාසය නැත්නම් සැපයි. බඩගිනි ඇත දුකයි. බඩගිනි නැත සැපයි. නමුත් බඩගිනි ඇති එකත් බඩගිනි නැති එකක් දුක වෙනවා. නපුරු වචන නිසා උපදින ආශ‍්‍රව ඉවසීමෙන් දුරු කරනවා. කටුක වූ අමනාප වූ අකැමැති දේ නිසා ඉවසීම තුළින් ආශ‍්‍රව ප‍්‍රහීන වෙනවා. රූපය මගේ වෙලා, වේදනාව මගේ වෙලා, සංඥාව මගේ වෙලා, සංඛාරය මගේ වෙලා, විඤ්ඤාණය මගේ වෙලා, මේ නිසා මේවාට දුක්නොදී සැප දෙන්න හොයනවා. නමුත් එන්නෙම දුක.

මදුරුවෙක් කන එකද දුක, මගේ මස් කඩ කඩා කන එකද දුක. මදුරුව කනවා ඉවසන්න බැරිව මදුරුවො මැරුවා කියන්නකො තිරිසන් ආත්මයක ඉපදිලා අමු අමුවේ අල්ලගෙන පණ පිටින් කනකොට දුකක්ද? සැපක්ද? මදුරුව කන එක ඉවසුවොත් මේ දුක ලැබෙන්නේ නැහැ නේද?

පිපාසයක් බඩ ගින්නක් ඉවසන්න බැරිව ගුණ දහමින් පිරිහුනොත් වතුර ගඟක් තිබුණත් බොන්න බැරි, කොච්චර බිව්වත් උගුරවත් තෙමෙන්නේ නැති, පේ‍්‍රත ආත්ම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේවා ගැන සිතල බලන්න. අවිචියේ දුක මහ පුදුමයි දැන් ඉවසීම නැති වුණොත් සීමාවක් නැති අපා දුක් කල්ප ගණන් විඳින්න වෙනවා. පොඩි දුකක් ඉවසුවොත් ලොකු සැපක් ලැබෙනවා පුංචි විනෝදයක් නිසා පුංචි ආශ්වාදයක් නිසා අපි පින අතහැරලා දානවා නමුත් වෙන්නේ අනන්ත කල්ප ගණනක් දුක් විඳින්න. කයටනම් දුක වුණත් කය මගේ කියලා මම කියලා ගන්න නිසා නේද දුක ඇතිවුණේ, බාහිරින් නෙවෙයි දුක ඇතිවෙන්නේ ඇතුළතින්මයි.

ගින්නෙහි ස්වාභාවය තවන බව, දවන බව, ගින්දරෙහි ස්වාභාවය නොදැන අත දැම්මොත් පිච්චෙනවා. පිච්චුනාට පස්සේ අත් බෙහෙත් කරනවා, බඩගිනි එනකොට කන්න හොයනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතුවේ නැහැ රූපයේ ස්වාභාවය තමයි. ජරාව දිරන බව ලෙඩ වෙන බව මැරෙන බව අපි‍්‍රය අමනාප තැනට පෙරෙලෙන බව රූපයෙහි ස්වාභාවය නොදැන අර ගින්දරට අත දැම්මා වගේ රූපය මගේ කියලා වැරදි ලෙස ගත්තහම දුක විඳින්න වෙනවා.

දුක එනකොට වේදනවා එනවා, වේදනාව වේදනාව කියලා වේදනාව වහගෙන වේදනාව එන්නේ කොහෙන්ද කියලා බැලූවොත් එවිට පෙනෙයි මේකට නේද මනාපයි, කාන්තයි, මගේ කියලා කිවේවේ කියලා හිතෙයි. වේදනාවට හේතුව ස්පර්ශය ඇසේ කනේ දිවේ ආදි ස්පර්ශය වේදනාවට මුල්වෙලා තියෙනවා. වේදනාව තියෙන්නේ ස්පර්ශය තියන කල්නම් ස්පර්ශය තියෙන්නේ විඤ්ඤාණය තියෙන කම් විතරයි. වේදනාව කයට අයිති දෙයක් නොවෙයි. වේදනාවත් ඉවසීමත් ප‍්‍රහාණය කරන්න ඕනෑ දෙයක්.

ආසවා පරිවජ්ජානා පහා තබ්බා (බැහැර වීමෙන් දුරුකරනවා)

නපුර සතුන් ඇති ප‍්‍රදේශ වලින් බැහැර වෙලා ආශ‍්‍රව දුරුකරනවා නුසුදුසු ප‍්‍රදේශ නුසුදුසු පරිසරවලින් ඉවත්වෙලා ආශ‍්‍රව දුරුකරනවා, කරදර ඇති වෙන තැනි සොර සතුරු උවදුරු ඇති වෙන තැන් වලින් ඉවත්වීම නිසා ආශ‍්‍රව පමණක් නෙවෙයි ජීවිතත් රැුකෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බැහැර වීම තුළින්ම ජයගතයුතු බව අවධාරණය කරනවා.

ආසවා විනෝදනා පහා තබ්බා (වීර්යයයෙන් දුරුකළ යුතු ආශ‍්‍රව)

වීර්ය කියලා කියන්නේ වීර්ය සංවරය. පංච සංවරයක් ගැන මේ සුත‍්‍රයේ කියවෙනවා. ඉන්ද්‍රිය සංවරය ගැන කියන කොට සති සංවරය. ප‍්‍රත්‍යවේක්‍ෂාව ගැන කියනකොට ඥාණ සංවරය, අධිවාසනා ගැන කියනකොට ඛන්ති සංවරය, පරිවජ්ජනා කියන කොට සීල සංවරය ඇති වෙනවා.

ආදිනව දැකලා වීර්යයෙන් දුරුකිරීම විරිය සංවරයි. උපන් උපන් අකුලස ධර්මයෙන් දුරුකරලා යොදන වැඩපිළිවෙළ මේ තුළින් කියෙවෙනවා. ‘‘උප්පන්නානං කාමවිතර්කං’’ උපන්නාවු කාමවිතර්ක’’ උපන්නාවු කාම විතර්කයන් ‘‘නාධිවාසෙති’’ හිතේ තබා ගන්නේ නැහැ. ‘‘පජහති’’ දුරුකරනවා ‘‘විනෝදේති’’ බැහැර කරනවා ‘‘ඛ්‍යන්ති කිරෝති’’ විනාශ කරනවා ‘‘අනභවංග මේතී’’ නැවත හට නොගන්නා තත්ත්වයට පත් කරනවා. ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, උපදින උපදින අකුසල ධර්ම දැන හැදින ඉහත කී ලෙසට ප‍්‍රහාණය කිරීම විනෝදනා පහා තිබ්බා යනුයි.

මක් නිසාද එසේ නොවුණ හොත් කෙලවරක් නැති මේ සසර දුක් විඳීමට සිදුවන බැවින් ’’අනමත්ග්ගෝ අයං භික්‍ඛවේ සංසාරෝ පුබ්බා කොථි න පඤ්ඤායති’’

ආසවා භාවනා පභාතබ්බ (භාවනාවෙන් ආශ‍්‍රව දුරු කරිම)

මෙහි භාවනාව හැටියට පෙන්වා ඇත්තේ බොජ්ජංග ධර්මය.

බොජ්ජංග ධර්මය යනු,

01. සති සම් බෝජ්ජංගය

02. ධම්මච්චය සම් බෝජ්ජංගය

03. විරිය සම් බෝජ්ජංගය

04. පි‍්‍රතී සම්බෝජ්ජංගය

05. පස්සන්දි සම් බෝජ්ජංගය

06. සමාධි සම් බෝජ්ජංගය

07. උපේක්‍ෂා සම් බෝජ්ජංගය

මේ තුළින් කෙලෙස් ප‍්‍රහීනවීමෙන් නිවන් අවබෝධයට මග සැලසෙන බවයි. දේශනා වෙන්නේ. මේ අනුව කෙලෙස් ප‍්‍රහීනයට සබ්බාසව සූත‍්‍රය උපකාරි කර ගනිත්වා.

ශාස්ත‍්‍රවේදී, ති‍්‍රපිටකාචාර්ය, සද්ධර්ම කීර්ති ශී‍්‍ර, පරිවේණාචාර්ය
පූජ්‍යතර ලියන්වෙල විමලරතන හිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top