සියළු රාජ්‍ය ආයතන මහජන හමු අත්හිටුවයි.

සියලුම රාජ්‍ය ආයතන වල මහජන දින පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියේ රාජ්‍ය ආයතන කටයුතු අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් සීමා කර ඇති බවයි.

ජනතාව එක්රැස් වීම අවම ලෙස කටයුතු කරන්නැයි සියලු රාජ්‍ය ආයතන වලට උපදෙස් දී ඇති බව ද ඔහු පැවසීය.

මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකිතාක් පුද්ගල එක් රැස්වීම් වලට සම්බන්ධ නොවන ලෙසයි.

රාජ්‍ය හා පෞද්ගලික කාර්ය වලට යාම ද අත්‍යවශ්‍ය කටයුතුවල පමණක් සිදු කරන ලෙසද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top