මේ රිද්මය මට ලැබුණේ තාත්ත­ගෙන් – නුව­න්දිකා සේනා­රත්න

දෙරණ සිහින තරු මාවතේ දෙවැනි ජයග්‍රාහිකාව ලෙස සිය මිහිරි හඩින් රසික සිත්

අමන්දානන්දනයට පත් කළ ඇය නුවන්ධිකා සේනාරත්නයි. මේ දිනවල විකාශනයවන ‘ඉස්කෝලේ‘ ටෙලි නාට්‍යයේ තේමා ගීතය නිසාම

යළි ඇය සිය රසිකයන්ට =සමීප වෙනවා.

 

 

නුවන්දිකා අලුත් වැඩකටයුතු කිහිපයකටම අත ගහලා නේද?

මේ දවස්වල ගීත කිහිපයක් කරගෙන යනවා. ඒ නිර්මාණ මගෙ අවශ්‍යතාව අනුව මම කැමති විදියටම හැදුණු ගීත. ලබන මාසෙ එක ගීතයක් ප්‍රේක්ෂකයාට දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මාසෙන් මාසෙට අලුත් ගීතයක් එළිදක්වන්න සැළසුමකුත් තියෙනවා. නුවන්ධිකා සේනාරත්න කියන මගේ යූ ටියුබ් චැනල් එක හරහා ඒ ගීත රසවිඳින්න පුළුවන් .

මේ වනවිට ඔබ කොපමණ නිර්මාණ ප්‍රමාණයක් ප්‍රේක්ෂකයාට ලබා දී තිබෙනවද?

මම ගායනා කරපු ගීත විස්සකට ආසන්න ප්‍රමාණයක් ප්‍රචාරය වෙලා තියනවා. මේ දවස්වල ගොඩක්ම ප්‍රසිද්ධයි ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතය. ඒ වගේම ‘අපූර්වා‘ කියලා එෆ් එම් දෙරණ නාළිකාවේ විකාශනය වන ඩ්‍රාමා එකට රවීන් කනිෂ්ක අයියා එක්ක ගීතයක් ගායනා කරනවා. දවස් කිහිපයකට කලින් එළිදැක්වුණු චිත්‍රපටයක අමල් පෙරේරා මහත්මයා සමඟ ගීතයක් ගායනා කළා. මගේ ආදරණීය ගුරුතුමා කීර්ති පැස්කුවෙල් සමඟත් ඩුවට් එකක් කළා.

දෙරණ ඩ්‍රිම්ස්ටාර් තරගාවලිය පුරා තිබුණු ජනප්‍රියත්වය තමව ලැබෙනවා ද ?

කොවිඩ් එක්ක අපිට ගොඩක් අවස්ථා නැති වුණා. නමුත් නැවත ඒ දේවල් හැදීගෙන එන්නෙ. තරගය ඉවර වුණ ගමන් පාටි වලට එහෙම යද්දි මාව අඳුරගෙන මට විස්තර කියනවා කට්ටිය. ඒ ප්‍රතිචාරවල නම් තවම අඩුවක් නැහැ.

රියැලිටි තරගයකට පැමිණි බොහෝ පිරිසක් ජනප්‍රිය වෙන්නේ ප්‍රවීණයන්ගෙ ගීත ගයලා. නමුත් ස්වතන්ත්‍ර නිර්මාණවලට තිබෙන ඉල්ලුම අඩුයි ?

ප්‍රවීණයන්ගෙ ගීත අරන් ජනප්‍රිය වෙනවා යන චෝදනාව රියැලිටි තරුවලට තියෙනවා. එහෙම චෝදනා නොකරන ප්‍රවීණයොත් ඒ අතර ඉන්නවා. මම කියන්නෙ එහෙම පරණ සිංදු කියන්න බැරි නම් අපේම නිර්මාණ ඉදිරිපත් කරලා දිනන්න පුළුවන් රියැලිටි එකක් හදන්න මොන ගීතයද කියන්නෙ කියලා තරගයට යන කෙනා නෙමෙයි තීරණය කරන්නෙ. අපේ පරම්පරාව ගොඩක් ටාර්ගට් කරන්නෙ යූ ටියුබ්. මම හිතන්නෙ නිර්මාණවල සාක්ෂරතාව අනුවයි එය ජනප්‍රියත්වය තීරණය වෙන්නෙ. ගීතය කාලීනයි නම්, රසවත් නම් කොහොමත් ජනප්‍රිය වෙනවා. ඉස්සර නම් නිර්මාණය වෙන ගීත ගුවන්විදුලි සංස්ථාව මඟින් බොහො විට ප්‍රචාරය කළා. නමුත් දැන් ලංකාවේ මාධ්‍ය බොහොමයක් තිබෙන නිසා ඒවටත් තෝරලා බේරලා තමයි ගන්නෙ. ඒ ගන්න කිහිපය අනිවාර්යයෙන් ප්‍රසිද්ධ වෙනවා.

සංගීතයට අමතරව ඔබ වෙන ක්ෂේත්‍රයක නියැළෙනවද?

මම ඉගෙන ගන්නෙත්, නියැළෙන්නෙත්, මම ජීවත් වෙන්නෙත් සංගීතය තුළමයි. වෘත්තීය මට්ටමින් ලංකාවේ සහ ජාත්‍යන්තරය පිළිගත් ගායන ශිල්පිනියක් වීමයි මගේ බලාපොරොත්තුව.

 

ගායනය ඔබට පරම්පරාවෙන් උරුම වූ දෙයක් කිව්වොත් ?

පවුලෙ ඉන්නෙ මමයි අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි ව්‍යාපාර කරන්නෙ. ඔවුන් නැත්තම් මම කියලා කෙනෙක් නැහැ. මගෙ මවුපියන්ට ලස්සනට සිංදු කියන්න පුළුවන්. මේ රිද්මය මට ආවේ මගෙ තාත්තගෙන්. හය ශ්‍රේණියේ සිටයි මම සංගීතය හදාරන්නෙ. දැන් මම මාස්ටර්ස් කරන්නෙත් සංගීතයන්.

 

නුවන්දිකාගෙ අධ්‍යාපන කටයුතුවලට මේ කාර්යබහුලත්වය බාධාවක් නෙවෙයි ද?

අධ්‍යාපනය සහ වෘත්තීමය කටයුතු මම සමබරව කරගෙන යනවා.

මෙච්චර ආපු දුර සහ අනාගතය ගැන මොකද හිතෙන්නෙ?

දැනට මම ලොකු දුරක් ඇවිල්ලා තියෙනවා. ඒ ගැන තිබෙන්නේ සතුටක්. ඊට වඩා ලොකු දුරකුත් මට යන්න තිබෙනවා. කිසිම කෙනකුගේ හිතක් රිදවන්නෙ නැතිව අසාධාරණයක් බොරුවක් කරන්නෙ නැතිව මගෙ ඉදිරි ගමන යන්නයි බලාපොරොත්තුව.

ඡායාරූප – විමල් කරුණාතිලක -සිළුමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top