මෙරටට යුක්රේනයෙන් පැමිණි සංචාරකයින් තිදෙනකුට කොරෝනා

මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ සිටි යුක්රේන ජාතිකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරන ලද්දේඔවුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි.

මෙරට සංචාරක කර්මාන්තය යළි පණ ගැන්වීම අරමුණු කරගනිමින් නිරෝධායන ක්‍රමවේදයට යටත්ව විදේශිකයින් ගෙන්වා ගැනීම පසුගිය දා ආරම්භ කෙරුණි.

එහි පළමු කණ්ඩායම ලෙස යුක්‍රේන සංචාරකයින් 180 දෙනෙකු පසුගිය 28 වනදා මත්තල ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියහ.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top