සිරිපා වන්දනා වාරය චාරිත්‍රානුකුලව පවත්වනවා

පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ වුව ද මෙවර සිරිපා වන්දනා වාරය චාරිත්‍රානුකුලව පවත්වන බව පැල්මඬුල්ල රාජ මහා විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

පුරාණයේ සිට පැවත එන සිරිත් විරිත්වලට අනුකූලව මෙවර උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන 2020-2012 ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමාවට පත්වන බව උන්වහන්සේ කීහ.

ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියෝ එසේ පැවසුවේය මෙවර සිරිපා වන්දනා වාරයේ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (29) නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදීය.

පැල්මඩුල්ල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත්කර තිබෙන සධාතුක කරඬුව,සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ දෙසැම්බර් මාර්ග තුනක් ඔස්සේ දෙසැම්බර් 28 දින ශ්‍රි පාද උඩ මළුව දක්වා වැඩමකර මෙවර සිරිපා වන්දනා වාරය ආරම්භ කරන බව ධම්මදින්න නාහියෝ පැවසූහ.

පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිර්නායක වලට අනුකූලව ශ්‍රි පාද වන්දනා වාරය අවසන් වන තෙක් තේවා කටයුතු සිදු කරන බවද උන්වහන්සේ කීහ.

අසේල කුරුළුවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top