මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව

මහර බන්ධනාගාරයේ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව ලබන 30 වැනිදා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.

 

මෙම කමිටුවේ සභාපති ලෙස පත් කෙරුණේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි. ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත මහතා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර මහතා යන පිරිස එහි සෙසු සාමාජිකයන් වේ.

බන්ධනාගාර ගැටුමට හේතු වූ කරුණු සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පවරනු ලැබීය. ඒ අනුව ඔවුන් බන්ධනාගාරයට ගොස් එහි රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්හ. අවස්ථා කිහිපයකදී නිලධාරීන් සහ වෙනත් පාර්ශවවලින් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top