පවතින කොවිඩ් -19 තත්වය තත්වය හමුවේ සෞඛ්‍ය නීති පිළිපදිමින් නත්තල සැමරීම පිළිබඳ සාකච්ඡා

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නත්තල් උත්සවය සැමරීම පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ රදගුරු දුෂාන්ත රුද්‍රිගෝ හිමි හමු වී සාකච්ඡා කෙරේ.

කිතුනු බැතිමතුන් හා සියලු ලංකාවාසීන් ආරක්ෂා කර ගනිමින් නත්තල් උත්සවය සැමරීම, පාසල් ආරම්භ කිරීම හා නව ව්‍යවස්ථාව පිළිබඳව රදගුරුහිමි මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළේ ය.

කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශය විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදිමින් උදාවන නත්තල සැමරීමට වගබලා ගන්නා මෙන් ජනතාව දැනුම්වත් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී කොළඹ රදගුරු හිමිගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top