අන්තර් මෝසම් තත්ත්වය සක්‍රීය නිසා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්න -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය රට තුළ මේ වන විට ස්ථාපිතවී ඇති බැවින් අකුණු අනතුරුවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් සවස් හෝ රාත්‍රී කාලයේදී ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිඟුරුම් සහිත වැසි සමඟ කෙටි කාලීනව තඳ සුළං ඇති විය හැකිය. අකුණු සහ ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිට ආරක්ෂිත ගොඩනැඟිල්ලක හෝ සංවෘත වාහනයක රැඳී සිටීම, කුඹුරු-තේ වතු-ක්‍රීඩා පිටි-ජලාශ අසල රැඳී නොසිටීම, රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළැකීම, බයිසිකල් ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළැකීම, තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇඳ වැටීමට ඉඩ ඇති බැවින් ඒවා පිළිබඳව සැලකිලිමත්වීම, හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහාය පැතීම වැනි ආරක්ෂිත පියවර අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද (07) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. නැඟෙනහිර සහ උතුරු පළාත්වලත්, වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. රට වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වාභාවයෙන් පවතී. ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තරමක් රළු විය හැකිය.

උපාලි කරුණාරත්න

දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top