නිහඬ සිනමාවේ විකට රජු ‘චාලි චැප්ලින්’

සිනමා කලාව ලොව පහළ වන්නටත් වසර කිහිපයකට පෙර මෙලොවට බිහිවී ලෝක සිනමාව දිග් විජය කළ නිර්මාණකරුවකු වෙතොත් ඒ චාලි චැප්ලින් ය. ‘‘ චැප්ලින් චාලිස් ස්පෙන්සර්’’ යන නමින් උපත ලද මොහු කා අතරත් ජනපි‍්‍රය වූයේ චාලි චැප්ලින් ලෙසය. ශරීර ප‍්‍රමාණයෙන් කුඩා මිනිසෙකු වුව ද හෙතෙම තම ප‍්‍රහසන රංග ප‍්‍රතිභාව ඔස්සේ මුළු ලොවම අමන්දානන්දයට පත් කළේය. 1889 දී ලන්ඩනයේ දකුණු ප‍්‍රදේශයේ දී උපත ලද ඔහුට උරුම වූ කලා ක්ෂේත‍්‍රය හා බැ`දුණු පරිසරයක් තිබුණි. ඒ ඔහුගේ මව සහ පියා වේදිකා නාට්‍ය නළුවන් වූ නිසාය. චැප්ලින්ගේ රංගනය ලොව සෑම කෙනෙකුගේම අවධානයට ලක් විය. ඔහු නිපදවන ලද චිත‍්‍රපට ප‍්‍රමාණය 80 ඉක්මවයි.

චාලි චැප්ලින්ගේ චරිතාපදානය ඔහුගේ දිවිය පිළිබ`ද අවබෝධයක් ලබා ගත හැකි හො`දම තෝතැන්නයි. ඔහුගේ රංගන දිවියේ ආරම්භය චරිතාපදානය තුළ මෙසේ ස`දහන් වේ. ‘‘මවගේ කටහෙඬ් තත්ත්වය නරක අතට හැරීමේ ප‍්‍රතිපලයක් ලෙස වයස අවුරුදු පහේදී මා ඇය වෙනුවෙන් ප‍්‍රථම වතාවට වේදිකාවේ පෙනී සිටියා. මා වේදිකාවේ පසෙක සිටගෙන සිටින විට වේදිකාවේ සිටි මවගේ කටහ`ඩ දුර්වල වී සිහින් ස්වරයක් බවට පත් වුණා. එවිට පේ‍්‍රක්ෂකයන් සිනාසෙන්නටත් ඇයට අපහාස කරන්නටත් පටන් ගත්තා. මේ අවස්ථාවේ ඇයට වේදිකාවෙන් ඉවත් වන්නට සිදු වුණා. මා මවගේ හිතවතුන් හමුවේ ර`ඟපා ඇති අයුරු දැක ඇති වේදිකා කළමනාකරු මට මවගේ තැන ගන්නා ලෙස පැවසුවා. ඔහු මගේ අතින් අල්ලාගෙන වේදිකාව මතට ගොස් පේ‍්‍රක්ෂකයන්ට මාව හ`දුන්වා දී එතැනින් ඉවත්ව ගියා….. ’’ චාලි චැප්ලින් සිනමාවට පිවිසෙන්නේ වේදිකා රංගනයට අත්පොත් තැබීමෙන් අනතුරුවය. චැප්ලින් යනු ඔහුගේ රසිකයන්ටත් වඩා අන්ත දුප්පත් පවුලකින් පැවත, ජීවිතයේ ගිරි දුර්ගයන් ජය ගනිමින් තම ප‍්‍රහසන රංගනය මඟින් දානපතියෙකු වූ පුද්ගලයෙකි.

ලෝක සිනමාවේ ශ්‍රේෂ්ඨ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම අග‍්‍රගණ්‍ය හාස්‍යෝත්පාදක චරිතාංග නිරූපණ ශිල්පියෙකුද වූ චාලි චැප්ලින්ගේ ගමන් මඟට ස්ථාවර අඩිතාලම වැටුණේ 1931 දී එකල පැවති කි‍්‍රස්ටෝ්න් නම් චිත‍්‍රපට සමාගම සම්බන්ධ වීමත් සමඟිනි. විකට චිත‍්‍රපට කෙරෙහි පේ‍්‍රක්ෂකයා දැක්වූ ආකර්ෂණය හේතුවෙන් ක‍්‍රිස්ටෝන් සමාගමට අලූත් උපක‍්‍රම, අලූත් නළුවන්, අලූත් කතා හා පෙර ඉදිරිපත් නොකළ අන්දමේ විහිළු ජවනිකා අවශ්‍ය වූයේය. මෙම අවශ්‍යතා වෙනුවෙන් ක‍්‍රිස්ටෝන් සමාගමට හමු වූ විශිෂ්ටතම නළුවා වූයේ චාලි චැප්ලින්ය. චැප්ලින් මුලින්ම ක‍්‍රිස්ටෝන් සමාගමට බැ`දුනේ සුළු නළුවෙකු නැතහොත් ඉතාම කුඩා දර්ශනවලට පෙනී සිටින්නෙකු ලෙසය. එහෙත් නොබෝ කලකින් තම රංගන ප‍්‍රතිභාවන් විදහාලමින් චැප්ලින් ක‍්‍රිස්ටෝන් සමාගමේ ප‍්‍රධාන නළුවෙකු වීම ඔහුගේ කැපවීම පිළිබ`ද හො`දම සාධකයකි. තමන්ට අනන්‍යව ගොඩ නගා ගත් රංගන ශෛලියක් සහ මනා ජීවන දෘෂ්ටියක් සහිත කලාකරුවෙකු වූ නිසා චාලි විශිෂ්ටයකු ලෙස ඉස්මතු වීම සමකාලීන විකට නළුවන්ට අභියෝගයක් බඳු විය. මැක්සෙනට් හෙවත් ක‍්‍රිස්ටෝන් සමාගමේ හිමිකරු සමඟ සාකච්ඡුා කරමින් බොහෝවිට චැප්ලින් තම රංගනය ඔප් නංවා ගැනීමට උත්සහා ගත්තේය. විශේෂයෙන්ම ක‍්‍රිස්ටෝන් සමාගමේ චිත‍්‍රපටවල අනන්‍ය හාස්‍යජනක රංගන ශිල්පයන්ගෙන් මිදී චාලි සියුම් අභිනයන් මඟින් හාස්‍ය මැවීම සිදු කළහ.

පොදු පේ‍්‍රක්ෂකයින් අතර චැප්ලින් වඩාත් ප‍්‍රසිද්ධ වූයේ පාදඩයාගේ හෙවත් රස්තියාදුකාරයාගේ චරිතය මඟිනි. විකට චිත‍්‍රපටවල චරිතාංග නිරූපණයේ උපරිම අවස්ථාවක් වූ එම පාදඩ චරිතය චාලි චැප්ලින් විසින් ක්ෂණිකව අවස්ථාවෝචිතව කළ නිර්මාණයක් බව ස`දහන් වේ. ක‍්‍රිස්ටෝන් සමාගම හරහා චැප්ලින් රඟපෑ දෙවන චිත‍්‍රපටය වූ kid auto reces at vanice නම්, තනි රීලයේ චිත‍්‍රපටයෙන් ලෝක ප‍්‍රසිද්ධ පාදඩයාගේ චරිතය මුල් වරට පේ‍්‍රක්ෂකයන් හමුවට පැමිණියේය. එය ඔහු හ`දුන්වා දුන්නේ ‘රස්තියාදුකාර මහත්තයාගේ චරිතය’ ලෙසයි. එම රස්තියාදුකාර මහත්තයාගේ බාහිර හැඩරුව වූයේ එල්ලා හැලෙන කලිසම, ඇඟට හිර වූ උඩු කබාය, විශාල සපත්තු දෙක, හැරමිටිය, තොප්පිය, හිට්ලර්ගේ රැුවුලට සමාන වූ උඩු රැුවුල හා තාරාවෙකු මෙන් ගාට ගාට යන ගමනය. චැප්ලින් නිර්මාණය කළ මේ රස්තියාදුකාරයාගේ චරිතය සකළ මිනිස් ගුණාංගයන්ම කැටි වූ චරිතයක් වූ අතර මුළු සමාජ ක‍්‍රමයම විදහා දක්වන චරිතයක් වූ බව විචාරකයින්ගේ අදහසයි. ගොරහැඩි ඒකාකාරී විහිළුවලින් තොර සැබෑ ප‍්‍රහසනයක රස වි`දීමට මෙම චරිතයෙන් පේ‍්‍රක්ෂකයාට අවස්ථව ලැබුණි. චැප්ලින් ඉදිරිපත් කළ මෙම චරිතය ඔහුගේ චිත‍්‍රපට ජීවිතයේ ප‍්‍රබල වෙනසක් ඇති කිරීමට සමත් වූයේය. පසුව ඔහු රඟපෑ චිත‍්‍රපට සියල්ලකම පාහේ මෙම පාදඩ චරිතයට සුවිශේෂි තත්ත්වයක් හිමි විය.

1923 දී චාලි චැප්ලින් විසින් අධ්‍යක්ෂණය කළ ‘A Woman of Paris’ ප‍්‍රහසන ශෛලියේ පැහැදිලි වෙනස්කමක් දැක්වූ චිත‍්‍රපටියක් විය. සුපුරුදු පාදඩ චරිතයෙන් මිදී නිර්මාණය කළ මෙම සිනමාපටය චැප්ලින් විසින්ම පිහිට වූ ‘යුනයිටඞ් ආට්ස් සමාගම’ වෙනුවෙන් ඔහු සෑදූ මුල්ම චිත‍්‍රපටය විය. චැප්ලින් මෙහි රඟපෑවේ දුම්රිය ස්ථානයක පෝටර්වරයෙකු ලෙස ඉතා කුඩා කොටසකි. අව්‍යාජ ගැමි සමාජ පසුබිමක ජීවත් වූ ගැමි තරුණියක නගරයට සංක‍්‍රමණය වීමෙන් පසු ඇති වූ තත්ත්වය මෙම සිනමාපටයේ විග‍්‍රහ විය. නගරයේ ව්‍යාජ ආටෝපවත් ජීවිතයත් ගැමි දිවියත් අතර වෙනස විදහා දැක්වීමට මෙම චිත‍්‍රපටයෙන් චාලි උත්සාහ ගත්හ. දුප්පත් ගැහැනියකට ධනවාදි සමාජයෙන් හිමි වන ස්ථානය ඔහු ගෙනහැර පෑවේ සංකේත යොදා ගනිමිනි. එමඟින් තම තේමාවට උචිත වූ ශෛලියක් ගොඩ නගා ගැනීමට චැප්ලින් සමත් වී තිබේ.

චැප්ලින්ගේ බොහෝ සෙයින් ප‍්‍රසිද්ධියට පත් වූූ චිත‍්‍රපටියක් වූයේ 1921 දී තැනූ ‘ The kid’ නම් චිත‍්‍රපටියයි. එමෙන්ම 1925 දී චැප්ලින් තැනූ ‘Gold rush’ තවත් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වේ. එමෙන්ම ‘ City lights ’ සහ ‘Modern times’ චැප්ලින්ගේ අනෙකුත් සාර්ථක නිර්මාණයන් වේ.

සිනමාව ලොවට බිහිවූ දහනව වන සියවසයේ දී නිපදවූ සෑම චිත‍්‍රපටයක්ම ‘‘නිහඬ චිත‍්‍රපට’’ විය. චිත‍්‍රපට හඬකැවීම පිළිබ`ද එකල ශිල්පීන් දැන සිටියේ නැත. එසේ වුවද 1930 වර්ෂයේදී හඬ කවන ලද චිත‍්‍රපට ලොවට බිහි වූ පසුවද චාලි චැප්ලින් තම රසිකයින්ගේ ඉල්ලීම මත නිහඬ සිනමාපට නිපදවීම ද විශේෂයකි. අද චැප්ලින් මෙහි සිටී, යන කුඩා දැන්වීම පමණක් එම යුගයේ පේ‍්‍රක්ෂකයින් පොළඹවාලන ප‍්‍රබල ආකර්ෂණයක් වූයේය. මුළු සිනමාපටය පුරාම එකදු වදනක් හෝ නොදොඩා මුල සිට අග දක්වාම පේ‍්‍රක්ෂකයා ග‍්‍රහණය කර ගැනීමට ඔහුට හැකිවිය. රංගන කාර්යයට අමතරව චාලි චැප්ලින් අධ්‍යක්ෂණය, පිටපත් සැකසීම, නිෂ්පාදනය වැනි අංශ රැුසක තම කුසලතාව ප‍්‍රදර්ශනය කිරීමට සමත් විය.

චාලි චැප්ලින්ගේ දේශපාලන දර්ශනය මාක්ස්වාදී විය. ඇමරිකාවේ වාසය කරන කාලය තුළ බොහෝ වාමාංශික දේශපාලන පක්ෂ සමඟ සමීප සබඳතා පැවැත් වූ චැප්ලින් එරට වර්ණභේදයට ද, දුගීන් හා ධනවතුන් අතර ඇති දැවැන්ත ආර්ථික විෂමතාවන් ගැනද ප‍්‍රශ්න කරන්නට විය. එහි ප‍්‍රතිපලයක් වශයෙන් ඇමරිකානු රජය විසින් චාලි චැප්ලින් රටින් පිටුවහල් කරන ලදි. ඔහුගේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනයද තහනම් කෙරිණි. එහෙත් 1972 වර්ෂයේදී ඔහු නැවත ඇමරිකාවට ගියේ දැවැන්ත ජයග‍්‍රහණයක් ලද සිනමාකරුවෙකු වශයෙනි. එනම් චලන චිත‍්‍රපට බිහි කරනු වස් ඔහු දැක්වූ අප‍්‍රතිහත උත්සාහය අගයනු පිණිස Oscar සම්මානය චැප්ලින්ට හිමි විය.

1977 වර්ෂයේදී එනම් චැප්ලින්ගේ අසූඅට වැනි වියේදී ඔහු තම ජීවන ගමනට සමු දුන්හ. නමුදු අද වන තුරුම ලෝක සිනමාව තුළ චැප්ලින්ගේ ප‍්‍රහසනයට සම කළ හැකි විකට නළුවකු බිහිවී නොතිබීම ඔහුගේ විශිෂ්ටත්වය ප‍්‍රකට කරවීමක් වීමද විශේෂත්වයකි.

සචිනි දිනෙල්කා
ජන සන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top