බස්නාහිර පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක

බස්නාහිර පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති ඒ.එස්.යූ.ටී කුලතිලක මහතා පවසයි. කොවිඩ්-19 රෝගීන්ගෙන් හතරෙන් තුනක් හමුවන බස්නාහිර පළාත තුළ දිවා රෑ නොමැතිව සේවයට කැප වී සිටියත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා අනුමත අතිකාල දීමනා හෝ වෙනත් කිසිම දීමනානවක් පසුගිය මැයි මස සිට ලැබී නැති බව ඔහු පෙන්වා දෙයි. කිසිම දිරීගැන්වීමක් නොමැතිව මූලික වැටුපෙන් රාජකාරි සඳහා ඉන්ධන වලටත් වැය කර, දිවා රෑ නොබලා සේවයට කැප වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෙහෙස හා ආරථික පීඩනය සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් මෙම තත්ත්වය පිලිබඳ බලධාරීන් සමඟ සාකච්ඡාකර විසඳුමක් නොලැබෙන්නේ නම්, ලබන 25 දා සිට බස්නාහිර පළාත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් උදේ 8 සිට සවස 4 තෙක් වූ පැය 8 වැඩමුරය පමණක් සේවා කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top