සඟවා තිබූ කහ ඇසුරුම් 50 ක තොගයක්

සඟවා තිබු කිලෝග්‍රෑම් 2,125  කහ තොගයක්, පුත්තලම දිස්ත්‍රික්කයේ මාම්පුරි ප්‍රදේශයේ දී පොලිසිය අත් අඩංගුවට ගත් බව තමිල් මිරර් වෙබ් අඩවිය පවසයි. මේ සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇත. හලාවත පොලිස් විශේෂ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව නොරොච්චෝලේ පොලිසිය සමඟ ක්‍රියාත්මක කළ සෝදිසියකදී පොලිතීන් උර 67 ක ඇසුරුම් කළ වියලි කහ කිලෝග්රෑම් 2,125 ක් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ. මාම්පුරි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කහ ඇසුරුම් 17 ක් සහ සහ වෙරළ ප්‍රදේශයේ පඳුරක් තුළ සඟවා තිබූ කහ ඇසුරුම් 50 ක තොගයක් ද අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top