ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 187 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අභිමානවත් පෙළපාලියකදී අද (19) දින විසිර ගියහ. 

ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ඔහු ජනාධිපතිතුමන් නියෝජනය කරමින් විසිර යනු ලබන නව නිලධාරින් වෙත ඔවුන්ගේ ජනාධිපති අධිකාරියෙහි (President honour) සංකේතය වන අසිපත් ප්‍රධානය කළ අතර අධිකාරි ලැබූ නව නිලධාරින් තම පළමු ආචාරය ජනාධිපතිතුමන් වෙත පෙළපාලිය අතරතුර පිරිනමනු ලැබූහ.

එමෙන්ම‍ මෙම පෙළපාලිය අතරතුර දී පාඨමාලාවන්හී විශිෂ්ඨ කුසලතා දැක්වූ නිලධාරින් සහ නිලධාරිනියන් වෙත සමරු තිළිණ ප්‍රදානය ද ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ දායකත්වයෙන් සිදුකෙරිණි.

මෙලෙස අද (19) අධිකාරියට පත් කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙහි විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් විවිධ සංස්ථාවන්හි දිවයින පුරා රාජකාරි සිදුකිරීම සඳහා පත්වීම් නුදුරේදී ලැබීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top