බස්නාහිර-හුදෙකලා පෙදෙස්වල හැර පාසල්වල 6-13 ශ්‍රේණි අද ඇරැඹේ

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති පොලිස් වසම්වල පිහිටි පාසල් හැර, සෙසු පළාත්වලට අයත් පාසල්වල 6 සිට 13 දක්වා ශ්‍රේණි සඳහා අද (23) සිට පාසල් ආරම්භ කෙරේ.

දුරස්ථභාවය ආරක්ෂා කරමින් සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙසේ පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ වෙතත් 1 ශ්‍රේණිය සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන්ට සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරගැනීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රායෝගික තත්ත්වය හේතුවෙන් මෙදින පාසල් ආරම්භ නොකෙරෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

තුන්වෙනි වාරය වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම මේ මස 9 වැනිදා සිදුකිරීමට නියමිතව තිබුණද, කොවිඩ් 19 රෝගය පැතිර යාම හේතුවෙන් එදින සිට තවත් සති දෙකකින් පාසල් නිවාඩුව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට පියවර ගෙන තිබුණි.

සිතාරා සේනානි -දිණමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top