කොරෝනා තව 1% ක්‌ වැඩි වුණොත් සමාජ ව්‍යාප්තියක්‌

මෙරට කොරෝනා වෛරසය පැතිරීමෙන් හඳුනා ගැනෙන ආසාදිතයන්ගේ ප‍්‍රතිශතය තවත් සියයට එකකින් ඉහළ ගියහොත් එය සමාජ ව්‍යාප්තියක් බවට පත්වන්නේ යැයි සෞඛ්‍ය අංශ අනතුරු අ`ගවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනුයේ මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හ`දුනා ගැනීමේ ප‍්‍රතිශතය සියයට 3.5 – 4ක පවතින බවකි. සාමාන්‍යයෙන් පිළිගත් ක‍්‍රමවේදය අනුව එම තත්ත්වය සියයට 5 ක ප‍්‍රතිශතයක් දක්වා වැඩි වූ විට වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ඇති බව පිළිගැනීමට සිදුවන බවද ස`දහන් වේ.

ඒ අනුව මේ වන විට මෙරට තුළ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිරීමේ සමීපයටම ළ`ගා වී ඇති බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙම තත්ත්වය තුළ පෙරේදා (13 වැනිදා* රාති‍්‍රය වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ තවත් මරණ තුනක් සිදුව ඇති සෞඛ්‍ය අංශ නිවේදනය කරනු ලැබීය.

කොළඹ 10, කොළඹ 15 සහ බත්තරමුල්ල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් වූ 89, 81 සහ 66 වයස් සීමාවල පසුවූ කාන්තාවක හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙසේ මරුමුවට පත්ව තිබූ අතර එම මරණ තුනත් සම`ග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 247 දක්වා ඉහළ ගොස් තිබිණි.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 480 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය ඊයේ (14 වැනිදා* සවස නිවේදනය කළේය.

එම සංඛ්‍යාවත් සම`ග පෙරේදා රාති‍්‍ර වන විට පනස්දහස ඉක්මවා තිබූ මෙරට සමස්ත ආසාදිතයන් අතරින් පූර්ණ සුවය ලැබූ ආසාදිත සංඛ්‍යාව 43747 දක්වා ඉහළ ගියේය.

රට තුළ මේ වන විට පවතින තත්ත්වය මෙසේ වෙද්දී සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 473 ක් හ`දුනා ගැනීමට සෞඛ්‍ය අංශ සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී හැකිවූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ ආයතනවලට එරෙහිව ඉදිරියේදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බවද අජිත් රෝහණ මහතා ස`දහන් කළේය.

එසේම පසුගිය 11 වැනිදා සිට යළි පාසල් ආරම්භ කිරීමත් සම`ග පාසල් සිසුන්ගේ ආරක්‍ෂාව ස`දහා සියලූම පාසල් බස් රථ හා වෑන් රථ ආවරණය වන පරිදි රියැදුරන්ට අහඹු රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීමේ වැඩිපිළිවෙළක් ද සෞඛ්‍ය අංශ කි‍්‍රයාත්මක කර ඇත.

මේ අතර බස්නාහිර සිට දකුණු පළාතට ගමන් කරමින් සිටි පුද්ගලයන් 102 දෙනකු ඊයේ සෞඛ්‍ය අංශ සහ පොලිසිය එක්ව බස්නාහිර සීමාව වන බෙන්තොට පාලම අසලදී සිදු කළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණවලින් ආසාදිතයන් 06 දෙනකු හ`දුනා ගැනීමටද සමත්ව ඇත.

සෞඛ්‍ය අංශ සහ පොලිසිය ඊයේ පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා සිදු කළ පරීක්‍ෂණ මගින් මෙම ආසාදිතයන් හය දෙනා හ`දුනාගෙන ඇති අතර, කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයන් සිව් දෙනකු වන මොවුන් වහා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටද කටයුතු කර ඇත.

සිය පුත‍්‍රයා සේවය කරන ස්ථානයේදී ඔහුට සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයකින් පසු නිරෝධායනයට ලක් කර සිටියදී රාජකාරියට පැමිණි කෑගල්ල පොලිසියේ සැරයන්වරයකුගේ සේවය අත්හිටුවීමට සහකාර පොලිස් අධිකාරීවරයා කටයුතු කිරීමේ සිද්ධියක්ද ඊයේ වාර්තා විය.

පුත‍්‍රයා නිරෝධායනයට ලක් කර සිටියදී ඒ බව නොදන්වා මෙම පොලිස් සැරයන්වරයා දින හතරක් කෑගල්ල පොලිසියේ රාජකාරියට පැමිණ ඇති අතර, පසුව ඔහුට සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණයකදී එම නිලධාරියාද ආසාදිතයකු බවට හ`දුනාගෙන ඇත.

ඔහු එසේ තොරතුරු ස`ගවා රාජකාරියට වාර්තා කිරීම හේතුවෙන් කෑගල්ල පොලිසියේ තවත් නිලධාරීන් පිරිසකට වෛරසය ආසාදනය වීම හේ්තුවෙන් එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.

මේ අතර ගාල්ල අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර මේ වන විට එම රෝහල යුද හමුදාව මගින් කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස කඩිනමින් පරිවර්තනය කරමින් සිටින බව සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.

මේ අතර තවලම සති පොළේ වෙළෙ`දාමේ නිරත පුද්ගලයන් 23 දෙනකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ තහවුරු වූ බව ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පැවසීය.

සති පොළෙන් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් සහ වෙළෙ`දුන් 88 දෙනකු සඳහා සිදු කළ අහඹු පී. සී. ආර්. පරීක්‍ෂණ මගින් මෙම ආසාදිතයන් පිරිස හ`දුනාගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 354 දෙනකු මෙරටින් අලූතින් හ`දුනාගත් බව ඊයේ සවස 6.00 පමණ වන විට ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

එම ආසාදිතයන් පිරිසත් සම`ග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50583 දක්වා ඉහළ ගිය අතර කොරෝනා ආසාදනය වූ තවත් ආසාදිතයන් 6235 දෙනකු රෝහල්ගතව වැඩිදුර ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ස`දහන් කළේය.

සමන් ගමගේ සහ ලලිත් චාමින්ද

දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top