තෙවැනි වරටත් දිනක ආසාදිතයෝ 1000 පනිති… ගාල්ලෙන් සහ කළුතරිනුත් අලුත් ප්‍රභේදය හමුවෙයි… ඇතැම් ආසාදිතයෝ ගෙවල්වලම

නව කොරෝනා ප‍්‍රභේදයේ ව්‍යප්තියත් සමග ඊයේ (29 වැනිදා* පස්වරු 6.00 පමණ වන විට තවත් කොරෝනා ආසාදිතයන් 1077 සෞඛ්‍ය අංශ මගින් හඳුනාගෙන තිබිණි.

අඛණ්ඩව දින තුනක කාලයක දී මෙරටින් දහස ඉක්මවා කොරෝනා ආසාදියන් හඳුනාගත් පළමු අවස්ථාව ද මෙය විය.

මෙම ආසාදිතයන් පිරිසත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන ද 106030 දක්වා ඉහළ ගියේය.

එසේම ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදියන් 362දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණි. ඒ අනුව මෙතෙක් කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද ගණන 95445කි.

පවතින වසංගත තත්ත්වයත් සමග ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාමසේවා වසම් හයක් ඊයේ පෙරවරුවේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර එම මධ්‍යස්ථානයේ දී මාධ්‍යවේදීන් හා එහි ප‍්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර ඊයේ පැවැති හමුවකදී ඉදිරියේදී ඇතිවන තත්ත්වයන් සැලකිල්ලට ගෙන පූර්ව දැනුම් දීමකින් තොරව ඕනෑම ප‍්‍රදේශයක් හුදකලා කිරීමට සිදුවනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

එසේම ඉදිරියේදී වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යෑමක් සිදුවුවහොත් යුද හමුදා ගොඩනැ`ගිලි සහ සංචාරක හෝටල් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කර රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට කටයුතු කරන බව ද යුද හමුදාපතිවරයා පැවසීය.

එහිදී මුලින්ම හමුදා ගොඩනැ`ගිලි ප‍්‍රයෝජනයට ගෙන ඒවා ප‍්‍රමාණවත් නොවුණහොත් සංචාරක හෝටල් රෝගී ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා බව ද හමුදාපතිවරයා සඳහන් කළේය.

හඳුනා ගන්නා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල ධාරිතාව ඉහළ දැමීමට පියවර ගන්නා බව ද එහිදී සඳහන් කෙරිණි.

මේ අතර ඇතිවී තිබෙන වසංගත තත්ත්වයත් සමග මෙරට තුළ සිදු කරන පී.සී.ආර්. පරීක්‍ෂණ ප‍්‍රමාණය ද විශාල වශයෙන් ඉහළ නැංවීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙන අතර පෙරේදා (28 වැනිදා* දිනය තුළ පමණක් එසේ සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණ ප‍්‍රමාණය 23730 ක් සිදු කර ඇත.

කොරෝනා වෛරසය මෙරට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්‍ෂණ ලක්‍ෂ 27 ක් මෙරට තුළ සිදු කර තිබෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය තුළ කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගත් පුද්ගලයන් රැුසක් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමකින් තොරව දින කිහිපයක සිට ඔවුන්ගේ නිවාසවලම රඳවා සිටීමේ සිදුවීමක් ද ඊයේ වාර්තා විය.

ගම්පහ සහ දඹුල්ල ප‍්‍රදේශයෙන් මෙම සිද්ධීන් වාර්තා වූ අතර ප‍්‍රතකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැති වීම සහ ගිලන් රථ පහසුකම් නොමැති වීම මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතු වී තිබෙන බව ද සෞඛ්‍ය නිලධාරීහු අනාවරණය කළහ.

වෛරසය ආසාදනය වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ පුද්ගලයන් 185 දෙනකු සහ දඹුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් 37දෙනකු මෙසේ නිවාසවලම රඳවා සිටින බවද වාර්තා විය.

මේ අතර තවත් ප‍්‍රදේශ දෙකකින් හඳුනාගත් ආසාදිතයන්ගේ ජෛව සාම්පල පරීක්‍ෂා කිරීමේදී ද ඔවුන්ට වැළ`දී ඇත්තේ බි‍්‍රතාන්‍යයේ පැතිර ගිය වෛරස් ප‍්‍රභේදය බවට ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ ආසාත්මිකතා, ප‍්‍රතිදේහ සහ ජෛව ශෛල විiායතනයේ අධ්‍යක්‍ෂ වෛi ආචාර්ය චන්දම ජීවන්දර මහතා ඊයේ සඳහන් කළේය.

කෙසේ වෙතත් ඒ බව නිශ්චිතවම තහවුරු කර ගැනීමට සඳහා වැඩිදුරටත් පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතින බව ද ඒ මහතා පැවසීය.

එසේ බි‍්‍රතාන්‍යයේ පැතිර යන වෛරස් ප‍්‍රභේදයේ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල සහ කළුතර දිස්ති‍්‍රක්කවලින් බවද සඳහන් කෙරිණි.

මෙරට කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව බන්ධනාගාර නිලධාරීන්ට කොරෝනා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාදීමට ඊයේ සියල්ල සූදනාම්ව තිබියදී ඉහළ නියෝගයක් බව පවසා එය නතර කිරීමේ සිදුවීමක් ද ඊයේ සිදු විය.

වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයට පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැුසකට එන්නතේ දෙවැනි මාත‍්‍රාව ලබාදීමට සෞඛ්‍ය නිලධාරීන් පැමිණ සියල්ල සූදානම් කර එන්නත ලබාදීමට ආසන්නව තිබියදී මෙසේ එය ලබාදීම අත්හිටුවූ බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ට වඩා ප‍්‍රමුඛතාව දියයුතු පිරිස් සිටින බව සඳහන් කරමින් එන්නත ලබා දීම අවසන් මොහොතේ නතර කළ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මේ අතර පවතින වසංගත තත්ත්වයත් සමග කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස ඊයේ සිට බස්නාහිර පළාතෙන් පිටවන පළාත් සීමාවන්හි අහඹු ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව පොලිසිය සඳහන් කළ ද සෞඛ්‍ය නිලධාරීන් නොපැමිණීම නිසා ස්ථාන කිහිපයකදීම එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද නොහැකිව තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පූර්ව දැනුම්දීමක් සිදු නොකළ නිසා අදාළ ප‍්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීන් එයට සහභාගි වී නොමැති අතර යම් ලෙසකින් එම අහඹු පරීක්‍ෂණවලදී ආසාදිතයකු හඳුනාගතහොත් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳව නිශ්චිත තීරණයක් නොමැති වීම ද එයට තවත් හේතුවක් වී ඇත.

සමන් ගමගේ-දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top