වසර 397 කට පසු ඉතා විරල ග්‍රහ සංයෝගයක්

වසර 397 කට පසු ඉතා විරල ග්‍රහ සංයෝගයක් අද (21) රාත්‍රියේ සිදු වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 1623.07.15 වෙනිදාට පසුව නැවතත් ඉතාම විරල ග්‍රහ සංයෝගයක්  අද(21) රාත්‍රියේ සිදු වන බවත් මෙය බොහෝ දෙනා නත්තල් තරුව වශයෙන් හඳුන්වන බවත් ඔහු සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ එයට හේතුව සෙනසුරු සහ බ්‍රහස්පති යන යෝධ ග්‍රහයන් දෙදෙනා ඉතාම සමීප වීම නිසා එක තරුවක් ලෙස දර්ශනය වීමේ සම්භාවිතාවක් පැවතීම බවයි. එම විරල සිදු වීම අද (21) ඉතා පැහැදිලිවම දකින්නට හැකි බව ඔහුගේ අදහසයි. එමෙන්ම අද  (21) සිට දිගටම දැක ගැනීමේ හැකියාව ඇති බවත් පවසන ඔහු මෙම ග්‍රහයන් සූර්යයා බැස ගිය පසු ඉක්මනින්ම බැස යාමත් ක්ෂිතිජයට ආසන්න වූ විට නැරඹීමට අපහසු නිසාත් හිරු බැස ගිය මොහොතේ දී අහස පැහැදිලි නම් එය නැරඹීම සහ උස් ස්ථානයක සිට නැරඹීම ඉතා යෝග්‍ය බවත් ඔහු ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top