විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පෙරවරුවේ හාලි ඇල ගලඋඩ ශ්‍රී ධර්මනිකේතනාරාමයේ

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පෙරවරුවේ හාලි ඇල ගලඋඩ ශ්‍රී ධර්මනිකේතනාරාමයේ විහාරාධිපති ධර්මපාල පදනමේ උත්තරීතර අනුශාසක, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඌව උඩුකිඳ පාර්ශවයේ මහානායක, බොකන්ඔරුවේ ජිනානන්ද නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබාගත්තේය. ජනතාව මුහුණ දී සිටින මට්ටම ගැන සැලකිලිමත් වීමේ වැදගත්කම එහිදී නායක ස්වාමින්වහන්සේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළහ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරස්ථානයට පැමිණ සිටි ප්‍රදේශවාසීන් සමග සුහද සාකච්ඡාවක ද නිරත විය. වර්තමානයේ දී තමන් මුහුණ දී සිටින ගැටලු පිලිබඳ ජනතාව එහිදී සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කළේය. ප්‍රදේශයේ ජනතා ගැටලු පිළිබඳව සිය අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා ජනතාවගේ ගැටලු වලට සවන් දීම පමණක් නොව ඒවාට විසඳුම් දීමට තමා සූදානම් බව ද පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top